සෙරන්ඩිබ් කුසලාන තුන්කොන් ජාත්‍යන්තර රගර් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා පිල සහභාගිවූ පළමු තරගයෙන් මැඩගස්කරය හමුවේ ලකුණු 17-12ක පරාජයක් ලැබීය.
මේ තරගය ඊයේ (26) කොළඹ නවීකරණය කරනු ලැබූ තුරඟ තරග පිටියේ දී පැවැත්විනි.
මැඩගස්කරය සිය ලකුණු 17 එක් ගෝලයකින් හා උත්සාහක දිනුම් දෙකකින් වාර්තා කළේය.
දඞුවම් පහර 4කින් ශ්‍රී ලංකා පිල ලබාගත් ලකුණු 12 සටහන් විය.
තරගය හමාර කිරීමට විනාඩියකට පෙර ශ්‍රී ලංකාව ලකුණු 2ක් ඉදිරියෙන් සිටි අතර අවසන් විනාඩියේදී ගෝලයක් වාර්තාකරමින් මැඩගස්කරය ලංකාවෙන් ජය උදුරාගත්තේය.
මැඩගස්කරය වෙනුවෙන් ජයග්‍රහී උත්සාහක දිනුම රක්තෝරිවෙලෝ බෙන්ජා (Rakotoarivelo Benja) විසින් සටහන් කළ අතර ඔහු විසින්ම එය ගෝලයක් බවටද පරිවර්ථනය කළේය.
මේ තරගයේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසිනි.
මැඩගස්කරය (අප්‍රිකාව) අන්තර් ජාතික රග්බි මණ්ඩලයේ ශ්‍රේණිගත කිරීම් අනුව 44 වැනි ස්ථානයේ පසුවේ.