මයිකල් ක්ලාක් ජේම්ස් පැකර් හා අත්වැල් බැඳගනියි

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් එරට සුප්‍රකට කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර්ගේ ක්‍රවුන් රිසොට් සමාගමේ අධ්‍යාපන තානාපතිවරයා ලෙස අද (21) ගිවිසුමකට එළඹ තිබේ. 

ජේම්ස් පැකර් ඩොලර් මිලියන 400ක වියදමින් ශ්‍රී ලංකාවේ කාමර 450ක හෝටල් සංකීර්ණයක් ඉදිකිරීමට සුදානම් වන අතර එහි කැසිනෝ ව්‍යාප්ත කිරීමට අපේක්ෂාවෙන් සිටියි. මයිකල් ක්ලාක් ජේම්ස් පැකර්ගේ ක්‍රවුන් රිසොට් ආයතනයේ අධ්‍යාපන තානාපතිවරයා ලෙස ගිවිසුමකට එළඹීම ඔහු ලංකාව හා සිදුකිරීමට නියමිත ගනුදෙනුව සඳහා ගනු ලැබූ මූලාරම්භයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

ඔස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක් පෙනී සිටි වීඩියෝවක්  www.crownsrilanka.com යන වෙබ් අඩවියට අද මුදා හැර ඇත. මයිකල් ක්ලාක් පවසන්නේ ජේම්ස් පැකර්ගේ ක්‍රවුන් රිසොට් සමාගම පළමු පෙළේ ව්‍යාපාරික සමාගමක් බවය. 

එහි 14,000ට වැඩි සංඛ්‍යාවක් සේවය කරන බවද පෙන්වාදෙන ක්ලාක්, පැකර්ගේ පියා වන කෙරි පැකර් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සමග දිගු සබඳතාවයක් තිබූ පුද්ගලයෙකු බවද කියයි. 

ජේම්ස් පැකර් ශ්‍රී ලංකාවේ ඩී.ආර්. විජේවර්ධන මාවතේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති කැසිනෝ හෝටල් සංකීර්ණය සඳහා ශ්‍රී ලංකා රජයේ අනුමැතිය අපේක්ෂාවෙන් සිටින අතර මේ සම්බන්ධයෙන් වූ විවාදයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී ලබන 24 පැවැත්වීමට නියමිතය.

Gossip Lanka Hot News Previous News Archive