ළාබාලම තොරතුරු තක්ෂණ උපාධිධාරිනිය වශින්‍යා

කොළඹ ජාත්‍යන්තර පාසලේ මහනුවර ශාඛාවේ නවවන වසරේ අධ්‍යාපනය ලබන එකොළොස් හැවිරිදි වශින්‍යා ප්‍රේමානන්ද් සිසුවිය තොරතුරු තක්ෂණය පිළිබඳ ලොව ළාබාලතම උපාධිධාරිනිය බවට පත්වෙමින් තොරතුරු තාක්ෂණය පිළිබඳ බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ සහතික ලත් උපාධිය (BCS IT DEGREE ) සමත්වී ඇත.

වයස අවුරුදු 8 දී අ.පො.ස සා.පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂයට පෙනී සිට ඒ සාමාර්ථයක් ලබාගෙන ඇති ඇය මෙරට ළාබාලතම වෙබ් සැලැසුම් ශිල්පිනියද වෙයි.මෙයට අමතරව වයස අවුරුදු 08 දී වශින්‍යා ජාත්‍යන්තර පරිගණක ක්‍රියාකරු (Inter National Computer driving License) බලපත්‍රයද දිනා ගෙන ඇත.

වෙබ් ඉංජිනේරු ඩිප්ලෝමාව, තොරතුරු තාක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර ඩිප්ලෝමාව, ඇතුළු ඩිප්ලෝමාවන් කිහිපයක්ම වයස අවුරුදු 10 ඉක්මවන්නට පෙර ඇය සමත්ව තිබේ. වයස අවුරුදු 09 දී ඇය වෙබ් අඩවියක් තනිව නිර්මාණය කැර ලොව අඩුම වයසින් වෙබ් අඩවියක් නිර්මාණය කළ පුද්ගල ලැයිස්තුවේ දෙවන තැන දිනා ගත්තාය.ප්‍රේමානන්ද නඩරාජ් හා ලක්ෂි ප්‍රේමානන්ද් ශක්තිවෙල් දෙපළගේ එකම දියණිය වන ඇය මහනුවර I See q අධ්‍යාපන ආයතනයෙන් හා B caf පරිගණක ආයතනයෙන් තොරතුරු තාක්ෂණ උපාධියට පෙනීසිට ඇත.

Gossip Lanka Hot News Previous News Archive