තවත් අයවැය හතරකින් ආණ්ඩුව පරාදයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි මාතර ප‍්‍රාදේශීය සභාවේ අයවැය අද දෙවන වරටත් පරාජයට පත් වී තිබෙනවා. ඊට පක්ෂව ඡන්ද 7ක් ලැබෙද්දී, විරුද්ධව ඡන්ද 10ක් ලැබුණා. ප‍්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරුන් 5 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළා. මේ අතර මැදවච්චිය ප‍්‍රාදේශීය සභාවේ අයවැය දෙවනි වරටත් අද පරාජය වුණා. ඊට පක්ෂව ඡන්ද 2ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 6ක්. ප‍්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ද විපක්ෂව ඡන්දය ලබාදුන්නා.

මීට සුළු වේලාවකට පෙර කැස්බෑව නගර සභාවේ අයවැය ද දෙවනවරටත් පරාජයට පත්වුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි කැස්බෑව නගර සභාවේ විපක්ෂ මන්ත‍්‍රීවරුන් සමග ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් ද අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළා. 

බෙන්තොට ප‍්‍රාදේශීය සභාවේ අයවැය ද මීට සුළු වේලාවකට පෙර පරාජයට පත්වුණා.

Gossip Lanka Hot News Previous News Archive