බිරියගේ සහෝදරිය පැහැරගෙන පවුල් කාලා

තම බිරිඳගේ සහෝදරියක වන වයස අවුරුදු 15යි මාස 09 ක් වු දැරියක් මවුපිය භාරකාරත්වයෙන් පැහැර ගෙන ගොස් දුෂණය කළ බව කියන 26 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කල්පිටිය පොලීසිය පවසයි.
පැහැර ගැනීමට ලක්ව ඇත්තේ කල්පිටිය පොලිස් වසමේ නොරොච්චෝල - නාරක්කල්ලිය පදිංචිව සිටි දැරියක් බව අප වාර්තාකරු කියයි. අතවරයට පත්ව ඇති දැරියගේ වැඩිමහල් සහෝදරියක් සමග සැකකරු විවාහ වී සිටී.සැකකරු පසුගිය ඔක්තොම්බර් මාසයේ 23 වැනි දින තම බිරිද සමග ඇයගේ මවුපියන් පදිංචි නිවසට පැමිණි සිටින විට අතවරයට පත්ව ඇති දැරිය සමග ඔහු ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කර ගෙන ඇත.පසුව මවුපියන්ට සහ තම බිරිඳට හොර රහසේ සැකකරු දැරියද සමග ඔවුන්ගේ නිවසින් පලා ගොස් තිබේ.
දැරියගේ මව්පියන් විසින් මේ බව කල්පිටිය පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව සැකකරු සහ දැරිවියව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


තමාව කැදවාගෙන පැමිණි දිනයේ සිට සැකකරු තමන් සමග අඹු - සැමි සම්බන්ධතා පැවැත්වු බව දැරිය පොලීසියට පවසා ඇති බව අප වාර්තාකරු කියයි.

ඇයව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කර තිබේ.සැකකරුව පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.කල්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.

Gossip Lanka Hot News Previous News Archive