කාර් රේස්‌වලට කොළඹ පාරවල් කීපයක්‌ වැසෙයි - Roads to be closed for Colombo Night Races

කොළඹ රාත්‍රි මෝටර් රථ ධාවන තරග පැවැත්වෙන අද (14 වැනිදා) සහ හෙට (15 වැනිදා) දිනවලදී කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්‌මක්‌ ක්‍රියාත්මක කර ඇත.

මෙම රථ වාහන සැලැස්‌මට අනුව අදාළ දින දෙකේදී සවස 3.00 සිට මෝටර් රථ තරග අවසන් වනතුරු කොළඹ කොටුව ප්‍රදේශයේ මාර්ග කීපයක්‌ වසා දමනු ලැබේ. ඒ වෙනුවෙන් විකල්ප මාර්ග කීපයක වාහන ධාවනය කිරීමට පහසුකම් සලසා ඇති බව පොලිස්‌ රථ වාහන අංශය කියා සිටියි. විශේෂ රථවාහන සැලැස්‌මට අනුව වසා දමනු ලබන මාර්ග මෙසේය.

ගාලු මුවදොර වටරවුම අසලින් කොටුව දෙසට මාර්ගය, රීගල් වටරවුමෙන් කොටුව දෙසට වූ මාර්ගය, චෛත්‍යය පාර වරාය දොරටුව අසලින් කොටුව දෙසට, ඛාන් ඔරලෝසු කණුව වටරවුමෙන් කොටුව දෙසට මාර්ගය, ජනාධිපති මාවත, බැංකු මාවත හන්දියෙන් පරණ පාර්ලිමේන්තු වටරවුම දෙසට වූ මාර්ගය, ඕල්කට්‌ මාවත, සීනෝර් හන්දියෙන් කොටුව දෙසට (කොටුව දුම්රිය ස්‌ථානය දෙසට) මාර්ගය වසා දමනු ලබයි.


මෙම කාලසීමාවේදී වාහන ධාවන කටයුතු සඳහා යොදාගන්නා විකල්ප මාර්ග මෙසේය.

ගාලු පාරේ ගමන් ගන්නා බස්‌ රථ කොල්ලුපිටිය හන්දියෙන් ධර්මපාල මාවත, පිත්තල හන්දිය, ඡේම්ස්‌ පීරිස්‌ මාවත, කොම්පඤ්ඤවීදිය හන්දිය, මැලේ වීදිය, රීගල් වටරවුම ඔස්‌සේ පැමිණ ඩී. ආර්. විඡේවර්ධන මාවතෙන් ගාමිණී වටරවුම, මරදාන පාලම, ටෙක්‌නිකල් හන්දියෙන් වමට හැරී පිටකොටුවට පැමිණ බැස්‌ටියන් මාවත ඔස්‌සේ සීනෝර් හන්දියෙන් ආපසු හැරී ඕල්කට්‌ මාවත ඔස්‌සේ ගොස්‌ පැමිණි මාර්ගයෙන්ම නැවත ගාලු පාර දක්‌වා ගමන් කළ හැක.

හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා බස්‌ රථ රීගල් වටරවුමෙන් ඩී. ආර්. විඡේවර්ධන මාවත ඔස්‌සේ ගාමිණී වටරවුම දක්‌වා ගොස්‌ මරදාන පාලම හන්දියෙන් ටෙක්‌නිකල් හන්දියට ගොස්‌ පිටකොටුව දක්‌වා පැමිණිය යුතුය.

ඇලකන්ද දෙස සිට පැමිණෙන වාහන ඛාන් ඔරලෝසු කණුව වටරවුමෙන් ආපසු හරවා නැවත ගමන් කළ හැක.

මාර්ග අංක 102 සහ 112 බස්‌ රථ ඛාන් ඔරලෝසු කණුව ප්‍රධාන වීදිය ඔස්‌සේ ගෑස්‌පහ හන්දිය, බෝධිරාජ මාවත, ගුණසිංහපුර හන්දිය, ටෙක්‌නිකල් හන්දිය, මරදාන මගී පාලම, ගාමිණී වටරවුම, ඩී. ආර්. විඡේවර්ධන මාවත, කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිය හරහා මහරගම දෙසට සහ ගල්කිස්‌ස දෙසට ගමන් කරවන අතර නැවත කොටහේන දෙසට එම මාර්ගය ඔස්‌සේම ගමන් කළ යුතුය.

මෝටර් රථ තරග නැරඹීම සඳහා පැමිණෙන අයගේ වාහන නතර කිරීම සඳහා ලේඩි බැස්‌ටියන් මාවත, චාමස්‌ රථ ගාල, නවම් මාවත රථගාල, උත්තරානන්ද මාවත, පෙරහැර මාවත, ආරක්‍ෂක අමාත්‍යාංශය ඉදිරිපිට රථගාල සහ ටාඡ් සමුද්‍රd හෝටලයේ රථගාලේ පහසුකම් සලසා ඇත.

Gossip Lanka Hot News Previous News Archive