අනර්කලී ගේ හා නදීෂා ගේ ඇත්ත නම මනාප අංක ලයිස්තුවෙන් හෙළිවේ

දකුණු පළාත් සභා මැතිවරණය සඳහා තරඟ වදින අපේක්ෂකයන්ගේ මනාප අංක මේවනවිට නිකුත් වී තිබේ.

එම ලැයිස්තුවේ මනාප අංක 02 සන්ධානයෙන් හිමිව ඇත්තේ අනර්කලී ආකර්ශා හට වන අතර එක්සත් ජාතික පක්ෂයෙන් මනාප අංක 02 හිමිව ඇත්තේ නදීෂා හේමමාලි වෙතය.නාම යෝජනා සකස් කිරීමේදී අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ උප්පැන්නේ සඳහන් නම් ලබාගත් අතර ඒ අනුව අනර්කලී ආකර්ෂා ගේ හා නදීෂා හේමමාලි උප්පැන්නේ තිබු නම් මාධ්‍යයට හෙළිවී තිබුණි.

මෙතෙක් කල් අනර්කලී ආකර්ෂා යනුවෙන් භාවිතා කල අනර්කලී ගේ සැබෑ නම වනුයේ අනාකලි ජනීතා ජයතිලකය.නදීෂා හේමමාලි යනුවෙන් පමණක් භාවිතා කල නදීෂා ගේ සම්පුර්ණ නම වනුයේ අරස මරක්කල නදීෂා හේමමාලි ය.

Gossip Lanka Hot News Previous News Archive