ශ්‍රී ලංකාවට ලකුණු 2ක තියුණු ජයක් - Sri Lanka beat Bangladesh in T20 thriller

බංග්ලාදේශය සමග චිතගොං නුවර සහුර් අහමඩ් චවුද්රි ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති පළමු විස්සයි 20 තරගයෙන් ලකුණු 2ක තියුණු ජයක් ශ්‍රී ලංකාවට හිමිවිය.

ශ්‍රී ලංකා පිල කඩුලු 7කට ලබාගත් ලකුණු 168ක ඉලක්කය හඹාගිය බංග්ලාදේශය ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 166ක් රැස් කළේය. එනමුල් හක් ලකුණු 58ක් රැස්කරමින් බංග්ලාදේශ ඉනිමේ අන්තිම පන්දුව තෙක් සටනක නිතර වීම කැපී පෙනුණි.බංග්ලාදේශ පිලේ පළමු කඩුල්ල ලකුණු 52ක් එක් කිරීමට ටමිම් ඉක්බාල් හා ෂම්සූර් රහ්මාන් සමත්විය. පන්දු 36කින් බංග්ලාදේශයේ පළමු ලකුණු 50 වාර්තා වු අතර හත්වැනි ඕවරය යැවු අජන්ත මෙන්ඩිස් විසින් ම උඩපන්දුවක් රැකගැනීමෙන් ෂම්සූර්ගේ ඉනිම නිමාවට පත්විය. ඔහු ලකුණු 22ක් ලබාගත්තේය.

ඇන්ජලෝ මැතිව්ස්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ බංග්ලාදේශයේ දෙවැනි කඩුල්ල ලෙස ඉක්බාල් දැවී ගියේය. ඉක්බාල්ගේ පිත්තෙන් ඇදී ආ පන්දුවෙත දිවගිය මැතිව්ස් ඉදිරියට පැන පන්දු රැකගන්නා විට ඉක්බාල් ලකුණු 30 රැස්කරගෙන සිටියේ හතරේ පහර 6ක් සමගින් පන්දු 25කිනි‍.


ෂකීබ් අල් හසන් ලකුණු 26කට කුලසේකරගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය අතර නසීර් හොසේන් මාලිංග‍ගේ පන්දු හමුවේ දැවී ගියේය. මංගල ජාත්‍යන්තර විස්සයි 20 ක්‍රිකට් තරග වරම් ලැබු මිතුන් අලී ලකුණු ලබාගැනීමට පෙර යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඇන්ජලෝ මැතිව්ස්, නුවන් කුලසේකර සුසංයෝගයට හැකිවිණි.

අලි දැවී යනවිට ලකුණු 134ට කඩුලු 5ක් ලෙස ලකුණු පුවරුව සටහන් විය. බංග්ලාදේශයට අවසන් ඕවරයේදී ලකුණු 17ක ඉලක්කයක් හිමිවුණි. ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ගෙන එමේ කාර්යය භාර වුයේ තිසර පෙරේරාටය. තරගය ජයගැනීමේ අදිටනින් සිටි එනමුල් හක් තිසරගේ පළමු පන්දුවට හතරේ පහරක් එල්ල කළේය. දෙවැනි පන්දුවට ලකුණු 2ක් ලබාගත් අතර තෙවැනි පන්දුවෙන් ෆර්හාඩ් රීසා දුවද්දී දැවී ගියේය.

උත්සාහය අත්නොහල එනමුල්ගේ පිත්තෙන් ඊලඟ පන්දු 2ට පිට පිට හ‍තරේ පහර 2ක් එල්ල විය. අවසන් පන්දුවට ලකුණු 3ක් ලබාගැනීමට බංග්ලාදේශයට සිදුවිය. එහෙත් එම පන්දුවෙන් ජයග්‍රහණය ශ්‍රී ලංකාව කරාගෙන එමින් පන්දු යැවු තිසර පෙරේරා විසින්ම උඩ පන්දුවක් රැකගත්තේය. අවසන් පන්දුවෙන් එනමුල් හක් පරාජයට පත්විය. එනමුල් ඉනිමට පන්දු 45කදී හතරේ පහර 7ක් ඇතුළත් විය. තිසර පෙරේරා හා නුවන් කුලසේකර කඩුලු 2 බැගින් දවාගත්හ.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ පිලේ ආරාධනයෙන් පන්දුවට පහදීමට පිටිය පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු සබඳතාව ලකුණු 7දී බිඳ දැමීමට නායක මෂ්රෆි මොටාසා සමත්විය.

ඉනිමේ පළමු ඕවරයේ අවසන් පන්දුවට ස්වීප් පහරක් එල්ල කිරීමට ගිය තිලකරත්න ඩිල්ෂාන් පරදා පන්දුව කඩුල්ලේ වැදීමෙන් ලකුණු නොලබා යළි ක්‍රීඩාගාරයට යෑමට ඔහුට සිදුවිය. කුසල් ජනිත් පෙරේරා වේගවත් ප්‍රහාරයක් දියත් කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළට ගෙන ගියේය.

සොහාග් ගාසි ක්‍රියාත්මක කළ ඉනිමේ සිවුවැනි ඕවරයෙන් ලකුණු 18ක් උදුරා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වුහ. කුසල් එම ඕවරයේ මුල් පන්දු හත‍රට පිට පිට හතරේ පහර එල්ල කළේය. ශ්‍රී ලංකා ඉනිමේ පළමු ලකුණු 50 පන්දු 28ක් තුළ වාර්තා විය.

ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 18කට දැවී ගිය අතර කුමාර් සංගක්කාර ලකුණු 11කට තෙවැනි කඩුල්ල ලෙසින් දැවී ගියේය. මේ කඩුලු 2ක විශිෂ්ට පන්දු රැකීම් හමුවේ බිඳ වැටිණි. මොහොමඩ් නසීර් හා ෆර්හාඩ් රීසා උඩ පන්දු 2 රැකගත් අතර කඩුලු 2ම ෂකිබ් අල් හසන්ගේ පන්දු හමුවේ බිඳ වැටුණේය.

සිවුවැනි කඩුල්ලට කුසල් ජනිත් සමගින් සීකුගේ ප්‍රසන්න එක්වු අතර ඔහුට ලබාගත හැකිවුයේ ලකුණු 4ක් පමණි. තම පළමු ජාත්‍යන්තර විස්සයි 20 තරගයට එක්වු අර්ෆට් සනීගේ මංගල කඩුල්ල ලෙසින් ප්‍රසන්න දැවී ගියේය. ඒ වනවිට ශ්‍රී ලංකා පිල ඕවර 9.5කදී ලකුණු 87ක් රැස්කර ගෙන සිටියේය.

ප්‍රවේගකාරී ඉනිමක නිතරවු කුසල් ජනිත් ලකුණු 64කට සීමා කිරීමට යළි ක්‍රියාත්මක වු අර්ෆට් සනීට හැකිවිය. සනීගේ පන්දුවක් හමුවේ එනමුල් හක් හතරේ සීමාව අසලදී දක්ෂ ලෙසින් උඩ පන්දුවක් රැකගත්තේය. මුළු ලකුණු 116දී කුසල් පස්වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්විය. තරගයේ වීරයා ලෙස නම් කළ කුසල් ජනිත්ගේ සිවුවැනි ජාත්‍යන්තර විස්සයි 20 අර්ධ ශතකය මෙය විය.
ඇන්ජලෝ මැතිව්ස් හා තිසර පෙරේරා ඉන් අනතුරුව පිටියේ එක්වු අතර 15වැනි ඕවරයේ තෙවැනි පන්දුවට මැතිව්ස් දුවද්දී දැවී යෑමට හසුවිය. මැතිව්ස් පහරක් එල්ල කරමින් ලකුණු කරා දිවයෑමට උත්සහ කළ අතර තිසර පෙරේරා අඩි කිහිපයක් ඉදිරියට පැමිණ යළිත් හැරී පන්දු යවන අන්තය වෙත දිවගියේය. මැතිව්ස්ට ලබාගත හැකිවුයේ ලකුණු 11ක් පමණි. ඉනිම අගභාගයේදී වේගවත් ලකුණු රැස්කිරීමක නිතරවු නුවන් කුලසේකර පන්දු 21කින් ලකුණු 31ක් ලබාගත්තේය.

ඊට හතරේ පහරක් හා හයේ පහර 2ක් ඇතුළත් විය. කුලසේකර හත්වැනි කඩුල්ල ලෙසින් ලකුණු 164දී දැවී ගියේය. ඉනිම නිමාවනවිට තිසර පෙරේරා ලකුණු 19ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියද ඊට පන්දු 16ක් වැයවී තිබිණි. පන්දු යැවීමේදී අර්ෆට් සනී, ෂකීබ් අල් හසන් හා මෂ්ර‍ෆී මොටාසා කඩුලු 2 බැගින් දවාගත්හ. තරගාවලියේ දෙවැනි හා අවසන් විස්සයි 20 තරගය හෙට (14) චිතගොං හිදී පැවැත්වේ.


ශ්‍රී ලංකාව

කේ.ජනිත් ඇ.හක් ප.සනී 64
ටි.එම්.ඩිල්ෂාන් ප.මොටාසා 0
ඩි.චන්දිමාල් ඇ.රීසා ප.ෂකීබ් 18
කේ.සංගක්කාර ඇ.නසීර් ප.ෂකීබ් 11
එස්.ප්‍රසන්න ඇ‍.නසීර් ප.සනී 4
ඒ.මැතිව්ස් දුවද්දි දැවී ගියා 11
ටි.පෙරේරා නොදැවී 19
එන්.කුලසේකර ඇ.ෂම්සූර් ප.මොටාසා 31
එස්.සේනානායක නොදැවී 0
අතිරේක 10
එකතුව කඩුලු 7ක් දැවී (ඕවර 20) 168
කඩුලු බිඳ වැටීම: 1-7, 2-61, 3-77, 4-87, 5-116, 6-120, 7-164
පන්දු යැවීම: මොටාසා 4-0-43-2, ගාසි 3-0-29-0, රොබිඋල් 4-0-27-0, ෂකීබ් 4-0-27-2, සනී 3-0-17-2, රීසා 2-0-18-0

බංග්ලාදේශය

ටී.ඉක්බාල් ඇ.මැතිව්ස් ප.පෙරේරා 30
එස්.රහ්මාන් ඇ.සහ ප.මෙන්ඩිස් 22
ඒ.හක් ඇ.සහ ප.පෙරේරා 58
එස්.හසන් ප.කුලසේකර 26
ඒ.හොසේන් ඇ.‍පෙරේරා ප.‍මාලිංග 16
එම්.අලී ඇ.මැතිව්ස් ප.කුලසේකර 0
එෆ්.රීසා දුවද්දි දැවී ගියා 7
එස්.ගාසි නොදැවී 0
අතිරේක 7
එකතුව කඩුලු 7ක් දැවී (ඕවර 20) 166
කඩුලු බිඳ වැටීම- 1-52, 2-64, 3-107, 4-132, 5-134, 6-158, 7-166
පන්දු යැවීම - මාලිංග 4-0-34-1, කුලසේකර 4-0-29-2, සේනානායක 3-0-21-0, මෙන්ඩිස් 4-0-29-1, පෙරේරා 4-0-42-2, ප්‍රසන්න 1-0-6-0

Sri Lanka, the world’s top-ranked Twenty20 side, made 168-7 after being sent in to bat and then restricted Bangladesh to 166-7 to take the lead in the two-match series.With Bangladesh needing 17 runs from the final over, Anamul smashed 14 runs off the first five deliveries, but then gave Perera a return catch with the last ball

Anamul returned disappointed after making a gallant 58 off 45 balls with seven boundaries, including three in the tense final over.Tamim Iqbal and Shamsur Rahman gave the hosts a flying start with an opening stand of 52 in six overs, before both batsmen fell in the space of two overs to make it 64-2.
Shakib Al Hasan helped Anamul add 43 for the third wicket, but Bangladesh lost four quick wickets to slip from 107-2 in the 14th over to 158-6.

Anamul faltered when it mattered most to leave Sri Lanka victors as Thisara Perera and Nuwan Kulasekara finished with two wickets each.For Sri Lanka, left-handed opener Kusal Perera top-scored with 64 off 44 balls, but he found little support from the rest of the top order batsmen.
Sri Lanka were reduced to 120-6 in the 15th over, before Kulasekara and Thisara Perera boosted the total with a seventh-wicket partnership of 44 from 31 balls.Kulasekara made 31 off 21 balls with one four and two sixes, while Thisara Perera returned unbeaten on 19.

Mashrafe Mortaza led the hosts after regular captain Mushfiqur Rahim was rested due to a hairline fracture in the left hand and Tamim Iqbal stepped down as vice-captain to concentrate on his batting.
Sri Lanka were without frontline batsman Mahela Jayawardene, who is missing the entire limited-overs series of two Twenty20 games and three one-day internationals due to a hand injury.
Sri Lanka won the preceding two-Test series 1-0.
The second Twenty20 game will also be played in Chittagong on Friday

Gossip Lanka Hot News Previous News Archive