Facebook එන පොට හොඳ නෑ - ජනපති ‍ෆේස්බුක් ගැන කතා කරයි

ෆේස්බුක් එන පොට හොඳ නැති බව තමන් හැමදාමත්, මීට වසර තුන හතරකට උඩදීත් කතා කළේ යැයිද, දෙමවුපියන් මේ ගැන වැඩි සැලකිල්ලක් දක්වනවා මෙන්ම, දරුවන් මේ පිළිබඳ අවබෝධයක් ලබාගත යුතු බවද, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේය.

ජනාධිපතිවරයා මෙසේ අදහස් දක්වා සිටියේ ඊයේ (22දා) දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයට සමගාමීව හෙට්ටිපොල මහ විදුහලේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

“මේ දෙමවුපියෝ, අපි ඔක්කොම මොන දේවල් කළත් අවසානයේ මේ රටේ අනාගතය භාරගෙන සිටින දරුවාව අපි වැරදි මාර්ගයක යැව්වොත්, අයාලේ යන්න ඉඩ හැරියොත්, මේ රටට සෙතක් වෙන්නෙ නැහැ කියා මා හිතනවා. මම හැමදාම කියන එකක්, මම අවුරුදු දැන් තුන හතරකට උඩදි කිව්වෙත්, මේ ෆේස්බුක් කතාව. මේක එන පොට හොඳ නැහැ. දෙමව්පියෝ මේ ගැන වැඩියෙන් සැලකිලිමත් වෙන්න ඕනෙ. දරුවන් මේ පිළිබඳ අවබෝධයක් ලබාගන්න ඕනෙ. ඒ නිසා මේවා පිළිබඳව, මෙහි තියෙන හොඳ නරක දෙකම අපි හඳුනාගත යුතුයි. ඒක හඳුනගෙන තමයි, හොඳ දේ විතරක් අරගෙන, නරක දේ පැත්තකට කරන්න අපි පුරුදු වෙන්න ඕනෙ.” යනුවෙන් ජනාධිපතිවරයා පවසා සිටියේය.

මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ දරුවෙකුට ගුරු ශිෂ්‍ය සම්බන්ධය පමණක් නොව, සෑම ගුරුවරයෙක්ම දරුවෙකුට දෙමවුපියෙකු මෙන්ම මිතුරෙකුද විය යුතු බවයි. ඒ තුළින් දරුවාට තමන්ට ඇති ප්‍රශ්නයක් බියෙන් තොරව කතාකළ හැකි පුද්ගලයෙකු බවට විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය පත්විය යුතුය යන පදනම තම විශ්වාසය බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම දෙමවුපියන්ද දරුවන් ගැන මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.


Speaking at the event, the President said: “What we will be left with is these children. No mater what we do, I believe that if we let these children go astray, then there will be no benefit for our country. There is something that I constantly say. I said this about three to four years ago when Facebook came, that it was not a good thing. Parents must be more cautious. Children should have a better understanding of this.”

Gossip Lanka Hot News Previous News Archive