ලොව තුනීම කොන්ඩමය නිපදවා ලෝක වාර්තාවක් - New record set for world's thinnest condom

ලෝකයේ තුනීම ලේටෙක්ස් කොන්ඩමය නිෂ්පාදනය කරමින් චීන සමාගමක් ලෝක වාර්තාවක් තැබීමට සමත්ව තිබෙනවා.චීන සමාගම විසින් ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් වෙමින් නිපදවූ කොන්ඩමයේ ඝනකම මිලිමීටර් 0.036ක් බව වාර්තා වෙනවා.

මීට පෙර ජපාන සමාගමක් විසින් අත්කර ගෙන සිටි මෙම වාර්තාවට හිමිකම් කියමින්, AONI කොන්ඩමය නිෂ්පාදනය කර තිබුනේ චීනයේ ග්වන්ග්සූ ඩාමින්ග් යුනයිටඩ් රබර් නිෂ්පාදන සමාගමයි.

“ජපානයේ Okomoto සමාගම මීට පෙර නිපදවා තිබූ තුනීම කොන්ඩමයේ ඝනකම මිලිමීටර් 0.038ක් වුණා.” යැයි ගිනස් ලෝක වාර්තා පිළිබඳ චීන කමිටුවේ වාර්තා කළමනාකාර චාර්ල්ස් වෝර්ටන් ප්‍රංශ පුවත් සේවයට පවසා සිටියා.චීනයේ ග්වන්ග්සූ ඩාමින්ග් යුනයිටඩ් රබර් නිෂ්පාදන සමාගම වසරකට කොන්ඩම් මිලියන 200ක් නිෂ්පාදනය කරන අතර, ඔවුන්ගේ නිෂ්පාදන වැඩි ප්‍රමාණයක් චීනය තුළම අලෙවි කෙරන බව එහි සාමාන්‍යාධිකාරී වික්ටර් චෑන් පෙන්වා දුන්නා.


A woman streches a piece of latex from which the world's thinnest latex condoms are made during a press conference in Hong Kong on Feb. 20, 2014.

TA Chinese manufacturer has set the record for the world's thinnest latex condom with one measuring 0.036 millimeters (0.0014 inches), Guinness World Records said on Thursday.The AONI condom made by Guangzhou Daming United Rubber Products beats one created in Japan, it said.

"The previous record-holder was Okamoto. Their thinnest condom had a thickness of 0.038mm," Charles Wharton, records manager of Guinness World Records' Greater China division, told AFP at a press event.The Guangzhou company makes 200 million condoms annually and they are mainly sold in mainland China, according to its general manager Victor Chan.







Gossip Lanka Hot News Previous News Archive