ඉන්දීය - ශ්‍රී ලංකා විදුලි පද්ධති සම්බන්ධ කිරීමට සැලැස්මක්


දෙරට අතර විදුලි සම්ප්‍රේෂණ ජාල සම්බන්ධ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සහ ඉන්දීය බලධාරීන් සාකච්ඡා ආරම්භ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ එමගින් දිවයිනට ඇති චීන බලපෑම් අඩුකිරීමට ඉන්දියාවට අවස්ථාවක් ලැබෙන බවය.

  ශ්‍රී ලංකාව මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වෙයි.

දෙරට බලධාරීන් අතර එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළ ද එමගින් ශ්‍රී ලංකාව මුහුණදී ඇති විදුලි අර්බුදයට කඩිනම් විසඳුම් නොලැබෙන බව සඳහන් විය.

වසර ගණනාවක් ගතවිය හැකි මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මීට පෙර ද දෙරට අතර අදහස් හුවමාරු කරගෙන තිබුණි.

"එම සාකච්ඡා පවතින්නේ ඉතාම මූලික අවදියේ," විදුලිබල අමාත්‍යංශයේ ලේකම් වසන්ත පෙරේරා රොයිටර්ස් පුවත් සේවය ට පවසා තිබුණි. නමුත් ඔහු ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර හෙළිකර නොමැත.

Gossip Lanka Hot News Previous News Archive