රඹුක්කන විරෝධතාවයේදී එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට (VIDEO)


ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ඇතිවූ විරෝධතාවයක් හේතුවෙන් රඹුක්කන ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය මැඩ පැවැත්වීමට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙම සිදුවීමෙන් තුවාල ලැබු පුද්ගලයින් 10 දෙනෙකු කෑගල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය මිහිරි ප්‍රියංගනී සඳහන් කර සිටියේ.

තුවාල ලබා සිටින අනෙකු පුද්ගලයින් 09 දෙනා ගෙන් දෙදෙනෙකු ගේ තත්ත්වය බරපතල බවයි රෝහල් අධ්‍යක්ෂිකාව සඳහන් කලේ. රෝහල් අධ්‍යක්ෂිකාව සඳහන් කලේ තුවාලකරුවන්ට ඇතිවී තිබෙන තුවාල වෙඩි පහරවල් හේතුවෙන් ඇතිවන්නට ඇති බවට සැකකෙරෙන බවයි.

Gossip Lanka Hot News Previous News Archive