කුරුසියක් කර තබාගෙන ජෙහාන් ගාලු මුවදොරට


පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා මීගමුව කටුවාපිටියේ සිට ගාලු මුවදොර විරෝධතා භූමිය දක්වා කුරුසියක් කර තබාගෙන පා ගමනින් පැමිණෙන රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි මහතා  ගාලු මුවදොර පිටියට අද (22) පැමිණියේය.

ඔහු මීට දින කිහිපයකට ඉහතදී කටුවාපිටිය දේවස්ථානයට ගොස් ආශීර්වාද ලබාගෙන සිය ගමන ආරම්භ කළේය.

ඉතා විශාල ප්‍රමාණයේ කුරුසියක් ක‍ර තබාගෙන කිලෝමීටර 40 ක පමණ දුරක් පැමිණෙන සිය සහෝදර රංගන ශිල්පියාට සහය දක්වමින් රංගන ශිල්පී කලණ ගුණසේකර මහතාද ඊයේ ගාලු මුවදොර පිටියේදී උපවාසයක් ආරම්භ කළේය.ජෙහාන් අප්පුහාමි මහතා ගාලු මුවදොර පිටියට පැමිණි පසු උපවාසය අත් හැරි අතර ඔහුගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ පරීක්ෂණ කිහිපයක් සඳහ රෝහල් ගත කෙරිණ.


Gossip Lanka Hot News Previous News Archive