Pages

පාස්කු වින්දිතයන් වෙනුවෙන් වතිකානයේ විශේෂ දේව මෙහෙය


පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉල්ලා අද (25) වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ විශේෂ දිව්‍ය පුජාවක් පැවැත්වුණි.

එහිදි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින් ඇතුළු ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ව හමුවී ඔවුන්ට ආශීර්වාද කළහ.

අද පැවති විශේෂ දිව්‍ය පුජාව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ සෙසු පදවි නියෝජනය කරන රදගුරුතුමන්ලාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 4,000කගේ පමණ ද මෙම විශේෂ දිව්‍ය පුජාවට සහභාගී විය.අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින් 35 දෙනෙකු ඇතුළු කණ්ඩායමක් ඉකුත් 22 වනදා අලුයම රෝමයේ වතිකානය බලා පිටත්ව ගියේ පාප්වහන්සේගේ ඇරියුමක් මතය.