අනුර ළඟ තියෙන ෆයිල් හෙට අනිද්දාම එළියට


රටේ මහ පරිමාණයෙන් වංචා දූෂණ කළ ප්‍රබල දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන්ගේ,  ෆයිල් තොගය අද හෙට  මාධ්‍යයට අනාවරණය කරන බව ජවිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි  අනුර කුමාර  දිසානායක  අවධාරණය කළේය.

ඇතැම්  පිරිසක් තමා හොරුන්ගේ ෆයිල් ළඟ තබාගෙන සිටින බවට කරන චෝදනාවට පිළිතුරු දෙමින් තමා මේ පිළිබඳව  පියවර ගන්නා බව මන්ත්‍රිවරයා  පැවැසීය.  ඊයෙ (26දා) පක්ෂ  මූලස්ථානයේ  පැවැති මාධ්‍ය  හමුවේදී  මාධ්‍යවේදියකු විසින්  මේ පිළිබඳ විමසූ අවස්ථාවේ ඔහු මේ බව පැවැසීය.

“කලබල වෙන්න එපා. ඉතාමත් ඉක්මනින්, ඉතාමත් කෙටි කාලයක් තුළ ෆයිල් විශාල ප්‍රමාණයක් එළියට දානවා. මේ වන විට සමහර ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ, නීතිපති දෙපාර්තමේන්තුවේ, අධිකරණයේ සහ තවත් ස්ථානවල තිබෙනවා. තව සමහර ෆයිල් අපි ළඟ විතරක් තිබෙනවා. ජනාධිපතිවරයාගේ සිට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයා දක්වාත් ඉහළම රාජ්‍ය නිලධාරියාගේ සිට යම් රාජ්‍ය නිලධාරීන්ද යම් ව්‍යාපාරිකයන්ද සම්බන්ධ විස්තර තිබෙනවා. ඒවා තෝරලා බේරලා නියමිත පරිදි එළි දක්වන්නම්. බොහෝ අය ෆයිල් ඉල්ලනවා, තියාගෙන ඉන්නේ ඇයි කියලා අහනවා.

ඉස්සර රාජපක්ෂ පවුල ‍ෙදාහොත් මුදුන් තියා මල් පූජා කළ යුතු පවුලක් හැටියටයි හිතාගෙන හිටියේ. ඒ සියලු දෙනා, මේ පවුල හොර නඩයක් බව අද පිළිගෙන තිබෙනවා. ඒ ගැන සතුටුයි. ඒ තොරතුරු අපි ඔබ හමුවේ ඉදිරිපත් කරන්නම්. නි‍ෙදාස් කොට නිදහස් කිරීම, අල්ලස් කොමිසමෙන් ඉල්ලා අස්කර ගැනීම, නීතිපති දෙපාර්තමේන්තුවේ චෝදනා වෙනස් කිරීම ආදී ගණනාවක් තිබෙනවා,” යැයිද  ජවිපෙ නායකයා  වැඩිදුරටත් කීය.

Gossip Lanka Hot News Previous News Archive