නගර රැසක විරෝධතා දියත් වෙයි

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට වහාම ඉවත්වන ලෙස බලකරමින් සමස්ත ශ්‍රී ලංකාව ආවරණ පරිදි අද (28) ක්‍රියාත්මක වූ වැඩවර්ජනයට සමගාමීව ප්‍රධාන නගරවල පැවැති විරෝධතා හේතුවෙන් දැඩි වාහන තදබදයක් නිර්මාණය විය. මාතර, කුරුණෑගල, මහනුවර, අනුරාධුපර, හලාවත, කෑගල්ල සහ ගම්පහ නගරවල මෙන්ම ආයෝජන ප්‍රවර්ධන කළාප පිහිටි කටුනායක සහ කොග්ගල යන ප්‍රදේශ ඇතුළු රට පුරා ප්‍රධාන නගර සහ සෙසු නගර කේන්ද්‍රකරගනිමින් විරෝධතා 1000 කට අධික සංඛ්‍යාවක් පැවැති බවත් ඒ හේතුවෙන් දැඩි වාහන තදබදයන් දැකිය හැකිවිය. රටේ විවිධ ගැටලුකාරී අවස්ථාවලදී විරෝධතාවල කේන්ද්‍රස්ථාන වන මාතර, කුරුණෑගල, මහනුවර සහ අනුරාධපුර යන නගරවලට විරෝධතාවයකට රැස්වූ විශාලතම ජනකාය අද රැස්ව සිටි බව බොහෝ දෙනා පවසති.

Gossip Lanka Hot News Previous News Archive