සජිත් බෑ කිව්වේ පෞරුෂයක් නැති නිසා


මහ මැතිවරණයකට යෑමට අවශ්‍ය පරිසරය සකස් වන තෙක් සුළු කාලයකට හෝ අගමැති ධුරය භාරගන්නා ලෙස විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අවස්ථා කීපයකදී දැනුම්දීම් කළද ඔහු එම ධුරය භාර නොගත්තේ ඔහුට ඒ සඳහා පෞරුෂයක් නොමැති නිසා බව ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ.විපක්‍ෂ නායකවරයා ඔහුගේ වගකීම නිසි ලෙස ඉටුකළේ නම් අගමැති ධුරය සම්බන්ධ අර්බුදයක් පැන නොනැඟීමට ඉඩ තිබූ බවද කොළඹදී ඊයේ (12දා) පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ පැවැසූහ.

අගමැති ධුරය භාරගන්නා ලෙස නිරන්තරයෙන් ඔහුට දැන්වූ නමුත් ඔහු ඒ පිළිබඳව කිසිදු අවධානයක් හෝ උනන්දුවක් නොදැක්වූ බවද, ඔහුට ඒ සඳහා ශක්තියක් නොමැති බව ඉතා පැහැදිලි බවත් උන්වහන්සේ එහිදී වැඩිදුරටත් පැවැසූහ.

කුමුදු උපුල් ශාන්ත

Gossip Lanka Hot News Previous News Archive