පොලිස් වෙඩි තැබීමකින් තරුණයෙකු රෝහලේ


අංගොඩ හංදියේදී බස් රථයකට ගිනි තැබූ පිරිසක් මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ටද පහරදී පොලිස් ජිප් රථයට ගිනි තැබීමට සූදානම් වූ අවස්ථාවේදී පොලීසිය අද පස්වරුවේ කළ වෙඩි තැබීමකින් එක් අයෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවට වාර්තා වේ.මෙසේ ගිනි තබා ඇත්තේ කුරුණැගල සිට ඊයේ අරලියගහ මන්දිරයට පැමිණි පිරිසක් රැගෙන ආ බස් රථයක් බවටයි වාර්තා වන්නේ.

එම බස් රථය ඊයේ සවස අඹතලේ පිහිටි ඉන්ධන පිරවුම් හල ආසන්නයේ නවතා සිටියදී පිරිසක් විසින් ඊට පහරදී හානිකර තිබේ.

අද සවස එම බස් රථය හමුදාවේ පිරිසක් ආපදා රථයකින් කොළඹ දෙසට රැගෙන එමින් තිබියදී අංගොඩ හංදියේදී යතුරු පැදිවලින් පැමිණි පිරිසක් කණ්ඩායමක් එය නවතා බස් රථය ඔවුන් භාරයට ගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වුවේ.

අනතුරුව මුල්ලේරියාව පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණ තත්ත්වය පාලනය කිරීමට කළ උත්සහා කලද බස් රථයට ගිනි තබා ඇත.

එහිදී පොලීස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ටද පහරදී පොලිස් ජිප් රථයද ගිනි තැබීමට කළහාකාරී පිරිස් උත්සහ දරා ඇති අතර එය පාලනය කිරීමට පොලිසිය විසින් වෙඩි තබා ඇති බවටයි වාර්තා වන්නේ.

Gossip Lanka Hot News Previous News Archive