දහතුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කරන ලෙස කෑමොරදෙන අය දහතුන අහෝසි කිරීමෙන් පසු ලබාදෙන විකල්පය කුමක්ද කියා රටට හෙළි කළ යුතු බැව් දකුණු පළාත් සභාවේ එ.ජ.නි.සන්ධානයේ මන්තී‍්‍ර ආචාර්ය බද්දේගම සමිත හිමියෝ පවසති.
‘එසේ වුවහොත් අපේ රට ජාත්‍යන්තරය ඉදිරියේ මිලේච්ඡ හා ආබාධිත ජාතියක් බවට පත්වෙනවා. කවුරු මොනවා කීවත් ජාත්‍යන්තර ප්‍රජාව නැතිව අපට ජීවත් වෙන්න බැහැ. 13වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කෙළේ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට යම්තාක් දුරට හෝ විසඳුමක් ලබාදීමටයි.
Red Rain - පිටසක්වල ප්‍රහාරයක්ද! අම්ල වැස්සක්ද!
රතු වැස්ස ගැන පරීක්ෂණ අරඹයි
සෙවනගල සහ මනම්පිටිය ප්‍රදේශවලට ඇදහැළුණු රතු වැස්ස පිටසක්වල ජීවී ප්‍රහාරයක්ද නැත්නම් දූවිලි හෝ අම්ල මිශ්‍ර වැස්සක් දැයි සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කළ බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා පවසයි.
මෙම රතුවැසි ඊයේ (15 වැනිදා) මොනරාගල සහ මනම්පිටිය ප්‍රදේශයටත් පෙරේදා (14 වැනිදා) සෙවනගල ප්‍රදේශයටත් ඇදහැළුණි.
ඊශ්‍රායලයෙන් ඝාෂා තීරයට දිගටම ප්‍රහාර,Gaza missiles fired at Tel Aviv
ඊශ්‍රායල ගුවන් ප්‍රහාර වලට ප්‍රතිචාර ලෙස එල්ල වන පලස්තීන රොකට් ප්රහාරයනට ගොදුරුවූ ඊශ්‍රායල වැසියෝ තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති.
මෙයට පෙර ඊශ්‍රායල ප්‍රහාර වලදී තට්ටු නිවාස වල ජීවත්වූ පලස්තීන වැසියන් දෙදෙනෙකු මරණයට පත් වුයේ, බදාදා සිට මියගිය පලස්තීන ජාතිකයන් ගේ සංඛ්‍යාව දහ තුනක් දක්වා ඉහල දමමින්.
මෙයට පෙර ඊශ්‍රායල ප්‍රහාර වලදී තට්ටු නිවාස වල ජීවත්වූ පලස්තීන වැසියන් දෙදෙනෙකු මරණයට පත් වුයේ, බදාදා සිට මියගිය පලස්තීන ජාතිකයන් ගේ සංඛ්‍යාව දහ තුනක් දක්වා ඉහල දමමින්.
දෙමළ තරුණියන් සිය දෙනෙකු යුද හමුදාවට
කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලින් දෙමළ තරුණියන් සිය දෙනෙකු යුද හමුදාවට බඳවා ගැනීමට තීරණය කර තිබෙන බව යුද හමුදා ප්‍රකාශක බි්රගේඩියර් රුවන් වනිගසූරිය මහතා පවසයි.
විශේෂ වැඩපිළිවෙලක් යටතේ ඔවුන් යුද හමුදාවට බඳවා ගැනෙන බව ඔහු සදහන් කළේය.
විශේෂ වැඩපිළිවෙලක් යටතේ ඔවුන් යුද හමුදාවට බඳවා ගැනෙන බව ඔහු සදහන් කළේය.
නව ජනාධිපති නීතීඥවරු 22 ක් දිවුරුම් දෙයි
ජ්‍යෙෂ්ඨ නීතීඥවරු 22 ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති නිල උත්සවයේදී අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය ඉදිරියේ අද (15) ජනාධිපති නීතීඥවරු ලෙස දිවුරුම් දුන්හ.
එම අවස්ථාවට ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ සියලු විනිසුරුවරු, මෙන්ම කොළඹ මහාධිකරණය, දිසා අධිකරණය සහ මහේස්ත්‍රාත් අධිකරණයන්හි සියලුම විනිසුරුවරු හා මහේස්ත්‍රාත්වරු ද එක්ව සිටියහ.
I will buy my son a Lamborghini,මගේ පුතාටත් ලැම්බොගිනියක් අරන් දෙනවා- Mervin silva
2013 අයවැයෙන් වඩා යහපත් සංකල්ප රැසක් යෝජනා කර ඇතැයි අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු සියලු ක්‍රීඩාවලට සහන දෙනවිට රේසින් කාර්වල මිල සහනයක් ලබාදීමෙහි කිසිදු වරදක් නොමැති බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.
රේසින් කාර් පිළිබඳ කතිකාවීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු සියලු ක්‍රීඩාවලට සහන දෙනවිට රේසින් කාර්වල මිල සහනයක් ලබාදීමෙහි කිසිදු වරදක් නොමැති බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.
රේසින් කාර් පිළිබඳ කතිකාවීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
Ravi files complaint against Cabraal at Bribery Commission,කබ්රාල්ට එරෙහිව රවී අල්ලස් කොමිසමට යයි
මැලේෂියානු සමාගමක් වූ ‘ගෝල්ඩ් ක්වෙස්ට්’‘GOLD QUEST’ සමාගම සමග ශ්‍රී ලංකාවේ ෆර්න් ටී ‘ FERN TEA’ සමාගම පිරමීඩාකාර දාම ක්‍රියාමාර්ගයක් මගින් ශ්‍රී ලංකාවේ මුදල් වංචා කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව එජාප මන්ත්‍රී රවි කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පසුගිය දා පැමිණිල්ලක් කර ඇත.
මනම්පිටියටත් රතු වැසි, Red Rain
පොළොන්නරුවේ ස්ථාන කිහිපයකට ද අද (15) පෙරවරුවේ රතු වැස්සක් වැටී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
මනම්පිටිය, සීලපුර ප්‍රදේශයටත් දිඹුලාගල ඇල්ලේවැව සහ හිඟුරක්ගොඩ ප්‍රදේශවලටත් මෙසේ රතු වැසි වැටී ඇතැයි එම ප්‍රදේශවාසීහු සවසති
දිඹුලාගල මනම්පිටිය ප්‍රදේශයට උදෑසන රතු වර්ෂාව වැටී ඇත්තේ පෙ.ව 7.00 සිට 8.00 දක්වා කාලයේය.
සෙවනගල - ඉදිකොලපැලැස්ස ප්‍රදේශයටද ඊයේ මෙවැනි වැස්සක් ඇද හැලිණ.







