1989 වර්ෂයේ සිට 1993 දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙස කටයුතූ කල ජෝර්ජ් බුෂ් බ්‍රොන්කයිටිස් රෝගය වැලදිම හේතූවෙන් ටෙක්සාස් නුවර රෝහලකට ඇතූලත්කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 88 හැවිරිදි වියේ පසුවන මොහු ඇමෙරිකාවේ ජිවත්ව සිටින වයස්ගතම ජනාධිපතිවරයාය. එමෙන්ම දෙවන ලෝක යුද ප‍්‍රවිනයා ලෙසද බුෂ් සැලකෙයි.
මදුරු කොයිලයෙන් නිදා සිටි මවත් දියණියත් පිළිස්සී මියයති,MOSQUITO COIL STARTS FIRE, KILLS TWO
මදුරු දඟරය මවගේත් දියණියගේත් මාරයා වීද?
මදුරු නාශක කොයිලයකින් ඇවිලුන ගින්නක් පැතිරී යාමෙන් අද (01) අළුයම මවක් සහ දියණියක් නිවස තුළම පිළිස්සී මියගොස් ඇතැයි කුලියාපිටිය කොට්ටාශ භාර පොලිස් අධිකාරි දිනේෂ් කරුණානායක මහතා පවසයි. මෙම ශෝචනීය පුවත වාර්ථා වන්නේ කුලියාපිටියෙනි. කුලියාපිටියේ, පන්නල පාරේ, සේනානිගම පදිංචි මවක් සහ දියණියක් මෙසේ දැවී මියගොස් ඇත.රනිල්ගේ නායකත්වය 6 වසරකට තීන්දුවේ,6 year term for UNP leader adopted
UNPය 2018 තෙක් රනිල්ට , පක්ෂව ඡන්ද 4641යි
සජිත් කරූ විරෝධය මැද යෝජනාව සම්මතයි, රනිල් සදාකාලික නායකයා
එක්සත් ජාතික පක්ෂයේ නායකයාගේ ධූර කාලය වසර 06 කින් දීර්ඝ කර ගැනීමේ යෝජනාව දැන් පැවැත්වෙන එම පක්ෂයේ මහා සම්මේලනයේදී බහුතර ඡන්දයෙන් සම්මත වී ඇතැ.
කෙසේ වෙතත් එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස හා දයාසිරි ජයසේකර, බුද්ධික පතිරණ, තලතා අතුකෝරාළ යන මන්ත්‍රීවරුන් එම යෝජනාවට විරෝධය පළ කර ඇතැයිද අප වාර්තාකරු සඳහන් කරයි.
ලිංගික හැසිරීම් රූගත කර කප්පම් ඉල්ලා රියත් පැහැර ගෙන
කටුනායක, වෙලබඩ පාරේ හෝටලයක කාන්තාවක් සමඟ ලිංගික හැසිරීමක යෙදී සිටියදී ඔවුන් සිටි කාමරයට කඩා වැදුණු පිරිසක් එම අවස්ථාව ඡායාරූප ගතකොට පිරිමියාගෙන් ලක්‍ෂ පහක කප්පමක් ඉල්ලා එය නොදුන් විට ඔහුට අයත් රුපියල් ලක්‍ෂ 26ක් වටිනා වෑන් රිය පැහැරගෙන ගොස් තිබේ.
වෑන් රථයද නතරකොට තිබී ඇත්තේ ඔහු අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිය කාන්තාව සමඟ සිටි හෝටල් භූමියේය.
වෑන් රථයද නතරකොට තිබී ඇත්තේ ඔහු අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිය කාන්තාව සමඟ සිටි හෝටල් භූමියේය.
කනේ මයිල් ඇති අය හෘදයාබාධ ගැන සැලකිල්ලෙන් ඉන්න !!!
හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යරුවන් ඒකනායක
හෘදයාබාධයක් යනු කුමක්දැයි දැන් බොහෝ දෙනා තුළ අවබෝධයක් තිබෙනවා. හෘදයට රුධිරය සපයන කිරීටක ධමනි තුළ මේදය (කොලෙස්ටරෝල්) තැන්පත් වීමෙන් එම නාළ සිහින් වී ඒවා තුළ රුධිර කැටි ඇති වීමෙන් හෘදයට රුධිර සැපැයුම අඩාල වේ. එමඟින් උවදුරට පත් හෘද පේශියේ අදාළ කොටස මිය යාම හෘදයාබාධයක් ලෙස හැඳින්වේ.
හෘදයාබාධයක් හටගන්නා පළමු අවස්ථාවේම රෝගියා මරණයට පත්වෙන අවස්ථා බහුලය. ඊට හේතුව හෘද රෝග බොහෝවිට ඇතිවන්නේ ක්‍ෂණිකව වීමය. හෘදයාබාධවලට ගොදුරු වන්නන්ගෙන් 60% ක්ම ඉන් පෙර කිසිදු පපුවේ වේදනාවක් නොතිබූ අය වීම මෙහි ඇති බැරෑරුම් තත්ත්වයයි.
රට ගිහින් ජීවිතයෙන් වන්දි ගෙවූ අම්මා

මගේ බිරිඳ රට ගියේ ලියාපදිංචි ඒජන්සියකින් - සැමියා කියයි
ජීවිතය ජයගන්න දුප්පත්කම හා පොර බදන අම්මලා, තාත්තලා ප්‍රමාණය අනන්තය. දෛවය විසින් දුප්පත්කම උරුම කළත් මේ දුක්‌බර කතාවේ අම්මාත් උත්සාහ කළේ තම පුංචි පුතාගේත් සැමියාගේත් අනාගත ජීවිතය ලස්‌සන කරන්නටය. දෛවය විසින් ඔවුනට උදා කරදුන් පැල්පත පුංචි නිවහනක් බවට පත් කිරීම මේ අම්මාගේ එකම ප්‍රාර්ථනාව විය. ඒ නිසාම සවුදි අරාබියේ රස්‌සාවකට ඇය ගියේ දහසක් ප්‍රාර්ථනා පොදි බැඳගෙනය. ඒත් අවාසනාවන්ත ලෙස ඒ සියලු පැතුම් බොඳ කරමින් ඇයට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූවාය.
ලෝක විනාශයෙන් ගැලවෙන්න නැවක්, To escape Apocalypse
ලූ ෂෙන්ගායි ඩොලර් මිලියන 160000ක් වන තම සියළුම ධනය මායා වරුන්ගේ ලෝක විනාශයෙන් ගැලවෙනු පිණිස තමාගේම නෝවා නැවක් සෑදීම සඳහා වියදම් කර ඇත.ගංවතුරෙන් තම නිවස යටවූ පසු මෙම බෝට්ටුුව තමා හා පවුල ආරක්ෂා කරනු ඇතැයි ඔහු ප‍්‍රකාශ කරයි. ලූ විසින්ම නිර්මාණය කර ඇති මෙහි දිග අඩි 65 ක් වන අතර නිමවූ පසු බර ටොන් 80ක් වනු ඇතැයි චීන මාධ්‍ය වලින් කියයි.
එක් අතකින් බලන විට ලූ තනිවී නැත.
දකුණු ආසියාවෙන්ම " ජැක් " වලට ලංකාව No . 1
දකුණු ආසියාවේ දුම්රියේ හා බස් රියේ ගමන් කරන කාන්තාවනට සිදු කරන අතවර අතින් ශ්‍රී ලංකාව මුල් තැනට පත්ව සිටින බව නීති අධාර කොමිසමේ සභාපති එස්.එස්. විජයරත්න මහතා කොළඹ දී ප්‍රකාශ කෙළේය. ඉන්දියාවේ ජනගහනය ශ්‍රි ලංකාවට වඩා බෙහෙවින් වැඩි වුවත් පොදු ප්‍රවාහන සේවාවලදි කාන්තාවනට සිදුවන අතවර ඉතා අඩු යැයි ඔහු කීවේය.



