ප‍්‍රදේශ කිහිපයකින් ආකාශ වස්තු හමුවෙයි
දිඹුලාගල, වලස්මුල්ල, හම්බන්තොට සහ ගම්පහ ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට ආකාශ වස්තු පතිත වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.
ජෙනිමිට්, උල්කාපාත වර්ෂාවේ බලපෑම හේතුවෙන් මෙලෙස ආකාශ වස්තු පතිත වී ඇතැයිද ඔහු කීය.
ශී‍්‍ර ලංකාවේ ඇතැම් ප‍්‍රදේශවලට මීට පෙරද ආකාශ වස්තු පතිතවී ඇතත් මෙවර පොලවට පතිතවී තිබී සොයාගත් ආකාශ වස්තු තරමක් විශාල බවද ඔහු සඳහන් කළේය.
වෙන්නප්පුවේ මල් කැකුළක් තලලා
වයස අවුරුදු 06 ක බාල වයස්කාර දැරිවියක් බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයිගඅපයෝජනයට ලක්ව ඇත්තේ වෙන්නප්පුව - වයික්කාලලඅංගම්පිටිය ප්‍රදේශයේ පදිංචි දැරිවියකි. ඇය දංකොටුව නගරයේ පිහිටි පාසලක 02 වසර පන්තියේ ඉගෙණුම ලබමින් සිට ඇත.
රතු වැස්ස බල්ලන් මරයි ?
පොළොන්නරුව, දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන කිහිපයක සුනඛයින් විශාල පිරිසක් කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ.
පසුගියදා මනම්පිටිය ප්‍රදේශයට ඇද හැළුණු රතු වර්ෂාවෙන් පසු සුනඛයින්ට රෝගී තත්ත්වයක් වැළඳී ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වාදෙයි.
කෙසේ වුව ද මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ප්‍රදේශය භාර පශු වෛද්‍යවරයා කියා සිටියේ සුනඛයින් මියයාම පිළිබඳ තමන්ට පැමිණිලි ලැබී නොමැති බවයි..
පසුගියදා මනම්පිටිය ප්‍රදේශයට ඇද හැළුණු රතු වර්ෂාවෙන් පසු සුනඛයින්ට රෝගී තත්ත්වයක් වැළඳී ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වාදෙයි.
කෙසේ වුව ද මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ප්‍රදේශය භාර පශු වෛද්‍යවරයා කියා සිටියේ සුනඛයින් මියයාම පිළිබඳ තමන්ට පැමිණිලි ලැබී නොමැති බවයි..
ශ්‍රී ලංකාව 336යි - ඩිල්ෂාන් 147යි , Dilshan leads Sri Lanka fightback in Hobart Test
ඔස්ට්‍රේලියාවට සහ ශ්‍රී ලංකාව අතර හෝබාර්ට් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය වූ අද දිනයේ සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී දැවී ලකුණු 336 ක් ලබා සිටී’
තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවය ආරක්ෂා කර ගනිමින් ඔස්ට්‍රේලියාවට එරෙහිව ලබාගත් වටිනා ශතකය නිසා පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 336ක් ලබා ගැනීමට හැකිවිය.
තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවය ආරක්ෂා කර ගනිමින් ඔස්ට්‍රේලියාවට එරෙහිව ලබාගත් වටිනා ශතකය නිසා පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 336ක් ලබා ගැනීමට හැකිවිය.
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයක් කලින් පිටවෙලා -විභාග දෙපාර්තමේන්තුව මේ පාරත් වැඩ අනාගනී
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රය කලින් පිටවීදැයි සොයාබැලීමට රහස් පොලීසියට පවරන බව විභාග කොමසාරිස් ජෙනරාල් එන් කේ එම් ජේ පුෂ්පකුමාර මහතා කියයි.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ ටියුෂන් ගුරුවරයකු විසින් ලබාදුන් අනුමාන ප්‍රශ්නපත්‍රයක සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ ලබාදුන් ප්‍රශ්න 18ක් පමණ සමාන රූප සටහන්ද සහිතව තිබූ බවයි.
රේගුවටත් වංචා කරමින් මෙරටට ගෙනාපු රේසින් කාර් - Carlton Motor Sports Club
කිසිදු බදු මුදලක් නොගෙවා රේගුවෙන් නිදහස් කරගනිමින් කාල්ටන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් (Carlton Motor Sports Club) ආයතනය ලක්ෂ දාහකට (93,366,272.00) ආසන්න මුදලක් වියදම් කොට ලැම්බෝගිනි වර්ගයේ රේසිං කාර් ඇතුළුව මෝටර් රථ 19ක් ගෙන්වා ඇතැයි වාර්තාවේ.
කාල්ටන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් වෙනුවෙන් මෙම රේසිං කාර් ගෙන්වීමේ කාර්යයේ යෙදී සිටින්නේ ගැක් ලොජිස්ටික් (Gac Logistics ltd) ආයතනයයි.
භාණ්ඩ ආනයනයේදී වරාය හා ගුවන් තොටුපළ ගාස්තු, රේගු ආනයන බදු, නිෂ්පාදන බදු, වැට් බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු අයකරයි. එහෙත් මෙම මෝටර් රථ 19 ගෙන්වීමේදී මෙම බදු කිසිවක් නොගෙවා ඇති අතර ඒ හේතුවෙන් රටට අහිමිව ඇති මුදල රුපියල් ලක්ෂ දෙදාස් විසිදෙකකට (202,231,439.00) අධිකය.
ආණ්ඩුව ණය ගෙවා ගන්නට බැරිව ජනතා සාක්ක්කුවෙන් පික්-පොකට් ගසනවා -Tissa Aththanayaka, UNP
ලැම්බෝගිනි පෙන්නා, ජනතාවගේ බඩට ගහලා
'ලැම්බෝගිනි’ රේස් සුවයෙන් කුල්මත් වී සිටින ආණ්ඩුව, එක අතකින් ජයඝෝෂා නඟමින් අනිත් අතින් හොර රහසේ ම පෙට්රෙල් මිල රුපියල් 10 කින් වැඩිකර, ජනතාවගේ බඩට පහර පිට පහර එල්ල කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය පවසයි.එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා නිකුත්කළ නිවේදනයක එබව සදහන්වේ.
ළමයි නොමඟ යන්නේ, මගේ කකුලක්, අතක් දැක්කොත් විතරද? - Chat With Sumana Gomas
සිනමාකැමරාව අභිමුවේ සිය ආත්මය විවර කිරීමට තරම් නිර්භයවූ සුමනා ගෝමස් සිංහල සිනමාවේ සරාඟී නිළි රැජින ලෙසද කිරුළ පැළදුවාය. උපන් බිමෙන් අෑත් වී ඇමෙරිකාවේ ජීවත් වන ඇය වසර 13කට පසුව නොබෝදා ලංකාව පැමිණි අවස්ථාවේ සුමනා ඇගේ ජීවිතය අපට විවර කළාය.• ඉපදුණේ...?
දෙහිවල.
• අම්මා තාත්තා මොනවද කළේ?
මගේ අම්මා කිරිවත්තුඩුවේ ඥානවතී. තාත්තා පල්ලියවත්තගේ ඩේවිඩ් ගෝමස්. තාත්තා නගර සභාවේ ඕවර්සියර් කෙනෙක්.. අම්මා හෝමාගම කියන ගමේ ගොවි කාන්තාවක්.
• ළමා කාලයේත් දඟකාර චරිතයක්ද?
මට සහෝදර සහෝදරියන් හිටියේ හතර දෙනයි. අක්කලා දෙන්නයි. අයියලා දෙන්නයි. මම තමයි පවුලේ බාලයා. ඉගෙන ගත්තෙ කරගම්පිටියේ බෞද්ධ බාලිකා විද්යාලයේ. මිශ්ර පාසලක්. ඉතින් පිරිමි ළමයි එක්ක හැම තිස්සෙම රණ්ඩු කළා. මං ස්කෝලෙ ගිහින් ගෙදර එද්දී ගෙදරට පැමිණිලි එහෙමත් ඕන තරම් ඇවිත් තිබුණා.






