ආණ්ඩුව ණය ගෙවා ගන්නට බැරිව ජනතා සාක්ක්කුවෙන් පික්-පොකට් ගසනවා -Tissa Aththanayaka, UNP

ලැම්බෝගිනි පෙන්නා, ජනතාවගේ බඩට ගහලා

'ලැම්බෝගිනි’ රේස් සුවයෙන් කුල්මත් වී සිටින ආණ්ඩුව, එක අතකින් ජයඝෝෂා නඟමින් අනිත් අතින් හොර රහසේ ම පෙට්රෙල් මිල රුපියල් 10 කින් වැඩිකර, ජනතාවගේ බඩට පහර පිට පහර එල්ල කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා නිකුත්කළ නිවේදනයක එබව සදහන්වේ.

ළමයි නොමඟ යන්නේ, මගේ කකුලක්, අතක් දැක්කොත් විතරද? - Chat With Sumana Gomas

සිනමාකැමරාව අභිමුවේ සිය ආත්මය විවර කිරීමට තරම් නිර්භයවූ සුමනා ගෝමස් සිංහල සිනමාවේ සරාඟී නිළි රැජින ලෙසද කිරුළ පැළදුවාය. උපන් බිමෙන් අෑත් වී ඇමෙරිකාවේ ජීවත් වන ඇය වසර 13කට පසුව නොබෝදා ලංකාව පැමිණි අවස්ථාවේ සුමනා ඇගේ ජීවිතය අපට විවර කළාය.

ඉපදුණේ...?
දෙහිවල.

• අම්මා තාත්තා මොනවද කළේ?
මගේ අම්මා කිරිවත්තුඩුවේ ඥානවතී. තාත්තා පල්ලියවත්තගේ ඩේවිඩ් ගෝමස්. තාත්තා නගර සභාවේ ඕවර්සියර් කෙනෙක්.. අම්මා හෝමාගම කියන ගමේ ගොවි කාන්තාවක්.

• ළමා කාලයේත් දඟකාර චරිතයක්ද?
මට සහෝදර සහෝදරියන් හිටියේ හතර දෙනයි. අක්කලා දෙන්නයි. අයියලා දෙන්නයි. මම තමයි පවුලේ බාලයා. ඉගෙන ගත්තෙ කරගම්පිටියේ බෞද්ධ බාලිකා විද්යාලයේ. මිශ්ර පාසලක්. ඉතින් පිරිමි ළමයි එක්ක හැම තිස්සෙම රණ්ඩු කළා. මං ස්කෝලෙ ගිහින් ගෙදර එද්දී ගෙදරට පැමිණිලි එහෙමත් ඕන තරම් ඇවිත් තිබුණා.

කොළඹ නගරයේ සිංහලයන් අඩුවුණේ කොටි සැලසුමකින්

කොළඹ නගරයේ සිංහල ජනතාව සියයට 50 සිට සියයට 24 දක්‌වා අඩුවී ඇත්තේ කොටි සංවිධානය විසින් 2002 දී දියත් කළ මහා පරිමාණ සැලසුමක්‌ නිසා යෑයි හෙළිවී ඇත.

මෙම සැලසුම මත කැනඩාව සහ බ්‍රිතාන්‍යය යන රටවල කොටි දේපළ සහ බ්‍රිතාන්‍ය යන රටවල කොටි දේපළ සමාගම් 17 ක්‌ විසින් සිංහල පවුල් පදිංචිව සිටි කොළඹ කුඩා නිවාස සමූහයක්‌ මිලයට ගෙන මහල් නිවාස සංකීර්ණ ඉදිකර තිබේ.

නිවාස 400 ක්‌ දක්‌වා ඇති මෙම නිවාස සංකීර්ණ වැල්ලවත්ත, කොටහේන, මෝදර, මට්‌ටක්‌කුලිය, ආමර්වීදිය සහ දෙහිවල යන ප්‍රදේශවල කොටි දේපළ සමාගම් විසින් ඉදිකළ මෙම සුවිසල් නිවාස සංකීර්ණවල පදිංචිව ඇත්තේ විදේශ රටවලින් පැමිණි ද්‍රවිඩයන් සහ උතුරු නැගෙනහිරින් පැමිණි ද්‍රවිඩයන් වේ.

අතුලයි සමිතයි වෙන් වුණේ මං හින්දා නෙමෙයි - අමායා Amaya and Athula adikari affair

අතුල අධිකාරිගේ ජීව්තයට අමායා එකතු වුණු බව රහසක් නොවෙයි. ඒත් අතුලට අමායාව හමු වුණේ කොහොමද කියන දේ ගැන වගේම සමිතා අතුලගෙන් වෙන් වුණේ අමායා නිසාද යන දේ ගැන කවුරුත් දන්නේ කටකතා වලින් කියැවුණු දේවල් විතරයි.
ඒ කටකතාවල ඇත්ත නැත්ත දැන ගන්න අමායා සහ අතුලව මුණ ගැහුණා. ඒ දෙදෙනාම කතා කළා. ගෙවුණු එදා දවස ගැන වගේම ගෙවෙන අද දවස ගැනත්.

අමායාට අතුල අධිකාරි මුණ ගැහෙන්නේ කොයි කාලෙද?

එතකොට මට වයස 17යි. අතුලගේ ඊමේල් කවිකාරි කියන ගීතය වීඩ්යෝ එකේ ඩාන්සර් කෙනෙක් විදියට මම එකතු වුණා. එතැනදී තමයි මුලින්ම හªන ගත්තේ. පස්සේ අතුලගේ තවත් වීඩ්යෝ එකක මේන් ඩාන්සර් විදියට එකතු වුණා. ඒ කාලේ තමයි අපි හොඳට දැන හැඳින ගත්තේ.

අද්භූත එළියක් නාසා කැමරාවේ

ඇමෙරිකාවේ ටෙක්සාස්හි හුස්ටන් නගරයට කඩා වැටෙන ගිණි ජාලාවකට හා සමාන අත්භුත ආලෝකයක් ඇමෙරිකාවේ ඇමෙරිකාවේ ජාතික ගුවන් හා අජඨාකශා ගගන අයතනය (නාසා) ආයතනයේ වීඩියෝ කැමරාවන්ගේ සටහන් වී ඇත. ඵම ගින්න පැයට කිලෝමිටර් 800ක පමණ වේගයකින් ගමන් ගත්තේය.
මේ අතර චිනයේ සංචාරයක යෙදෙනු වීදෙශිකයින් පිරිසකට ඵරට පසුගියදා ඉහල අහසේ පාවෙන ආලෝක ධාරා කිහිපක් දැකගැනිමට හැකි වීය.

ඇමරිකාවේ පාසලකට පැන සිසුන් 26ක් වෙඩි තබා මරා දමයි

අමෙරිකාවේ කොන් ප්‍රදේශයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් ඇතුලු 26 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිඛෙන බව විදෙස් වාර්තා සදහන් කරයි. ගිනි අවියක් සහිතව පාසලට ඇතුලු වූ පුද්ගලයකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර ඔහු පන්ති කාමරයකට ඇතුලුව ගුරුවරියක් හා සිසුන් 18 දෙනකු වෙඩි තබා ඝාතනය කිර අත.

පසුව තවත් සිසුන් පිරිසක් ඉලක්ක කර ගනිමින් ඔහු වෙඩි තබා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාද කණගාටුව පල කර ඇති අතර තමන් මෙම සිද්ධිය හේතුවෙන් දැඩි කම්පනයට පත්ව සිටින බව ඔහු විදෙස් මාධ්‍ය වෙත සදහන් කර ඇත.

ඕස්ටේ‍‍්‍රලියාව පළමු ඉනිම 450/5, ශී‍‍්‍ර ලංකාව පළමු ඉනිම 87/4 යි

සංචාරක ශ‍්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර හොබාර්ට්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (15) තරගය නතරකරන විට පළමු ඉනිම සඳහා ලකුණු රැස්කරන ශී‍්‍ර ලංකා පිල කඩුලු 4ක් දැවී ලකුණු 87ක් ලබාගත්තේය.

ශී‍්‍ර ලංකාව, ඕස්ටේ‍්‍රලියාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් දැවී ලබාගත් ලකුණු 450ට වඩා ලකුණු 363ක් පිටුපසින් සිටී.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය නව අගවිනිසුරුවකු පිළිනොගැනීමට තීරණය කරයි - The Bar Association of Sri Lanka Will not welcome a newly appointed Chief Justice

නිසි ක්‍රමවේදයක් ඇති නොකර, විශේෂයෙන් ස්වභාවික යුක්ති මූලධර්මවලට පටහැනිව, අග්‍ර විනිශයකාරවරයෙක් පත් කරන්නේ නම් එම අග්‍රවිනිශචයකාරවරයාව පිළිනොගැනීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඒකමතිකව තීරණය කර ඇත.


2000කට අධික සාමාජිකයින්ගෙන් සමන්විත ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මහ සභා රැස්වීම අද (15) අළුත්කඩේ පරිශ්‍රයේදී කැඳතා තිබූ අතර එහිදී අගවිනිසුරු ආචාර්ය ශිරා‍ණි බණ්ඩාරනායක මහතිමියට එරෙහි දෝෂාභයෝ‍ගයට සම්බන්ධ ක්‍රියා කළාපය සම්බන්ධයෙන් යෝජනා තුනක් ඒකමතිකව සම්මතකර‍ගෙන තිබේ.

Gossip Lanka Hot News Previous News Archive