කවුරුත් නොදැකපු ගලක් කවඩි ඇල්ල ගම්මානයේ නිවසක මිදුල

කෝමාරීක ගොවි ජනපදයේ කවඩිඇල්ල ගම්මානයේ නිවසක මිදුලකට ඊයේ (15 දා) සවස 2. 00 ට පමණ නාඳුනන හුණු ගල් කැටයක්‌ වැනි වස්‌තුවක්‌ පතිත වී ඇත.
මීගහකිවුල කවඩිඇල්ල ගම්මානයේ ඩී. එම්. චන්ද්‍රසේන මහතාගේ නිවසේ මිදුලේ වැටී තිබී මෙම නාඳුනන වස්‌තුව හමුවී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. හුණු ගලකට සමාන හැඩයකින් යුත් මෙම ගල් කැටය අහසින් කඩා වැටුණු උල්කාපාත කොටසක්‌ යෑයි ප්‍රදේශයේ ජනතාව සැක කරති. ග්‍රෑම් 750 ක පමණ බරින් යුතු මෙම නාඳුනන වස්‌තුව ලා කලු පැහැයට හුරු දුඹුරු පැහැයකින්a යුතු අතර එහි මතුපිට රළු බවක්‌ දක්‌නට ඇත .

හයක්‌ හතරක්‌ නොදත් අහිංසකයෝ එක රෑනට වෙඩි තබා මැරු ඛෙදවාචකය

ඇමරිකානු - සැන්ඩි හුක්‌ පාසලට කඩා වැදී බිහිසුණු ඝාතනයක්‌ සිදු කළ 20 හැවිරිදි ඇඩම් ලැන්සාට වෙඩි තැබීම පිළිබඳව පුහුණු කර ඇත්තේ ඔහුගේ මව වූ 52 හැවිරිදි නැන්සි ලැන්සා විසින් බව හෙළි වී තිබේ.
ඇඩම් සිය මවට වෙඩි තබා මරා දැමීමෙන් පසුව මවගේ කාරයෙන්ම සැන්ඩිහුක්‌ පාසල වෙත පැමිණ එහි කුඩා දරුවන් 20 දෙනකුද වැඩිහිටියන් හය දෙනකුද කෲර අන්දමින් මරා දැමීය.
නැන්සි ලැන්සාගේ නමට බලපත්‍ර සහිත තුවක්‌කු 5 ක්‌ තිබී ඇති අතර ඇඩම් විසින් මෙයින් තුවක්‌කු දෙකක්‌යොදා ගෙනම මෙම ම්ලේච්ඡ ප්‍රහාරය සිදුකර ඇත.
ඇඩම් සිය නිවසේදී මවගේ මුහුණට වෙඩි තබා ඝාතනය කර සිසුන් 700 ක්‌ ඉගෙන ගන්නා සැන්ඩි හුක්‌ පාසලට කඩා වැදී ඇත.

ගුවන් විදුලිය රජයේ රෙදි හෝදන ලොන්ඩරියක් වෙලා ..Sri Lankan Government's laundry

එක්සත් භික්ෂු පෙරමුණ මාධ්‍ය හමුව

එක්සත් භික්ෂු පෙරමුණ අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.එහිදී අදහස් දක්වමින් එහි ලේකම් පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් මෙසේ පැවසීය.
"ගුවන් විදුලි සංස්ථාවේ වංචා මේ වෙනකොට නව කෝටි හැටහත් ලක්ෂ හැත්තෑ පන්දහස් අටසිය තිස්හරක් කියලා 2009/2010 කෝප් වාර්තාවේ සදහන් වනවා. ආසියාවේ පළවෙනි ගුවන් විදුලිය ඇරඹුනේ 1925 දෙසැම්බර් මාසේ 16වැනිදා දිනයි කොළඹදි. අදින් අවුරුදු 87කට පෙර අද එය ටොරින්ටන් පචමෝල බවට පත්වෙලා තියෙනවා ලොන්ඩරියක් වගේ රජයේ සියලුදෙනාගෙම රෙදි හෝදන අතුල්ලන ලොන්ඩරියක් බවට පත්වෙලා තියෙනවා ගුවන් විදුලි සංස්ථාව. මේකේ සභාපතිවරයා උදේට උන්බෑ කියනවා.

අභිෂේකා විමලවීර - නිරාන් අතිනත ගත් දා... - Abhisheka Wimalaweera's Wedding Photos

ප්‍රවීණ ගීත රචක සුනිල් විමලවීරයන්ගේ දියණිය අභිෂේකා විමලවීර පසුගිය 13 වැනිදා යුග දිවියට පිවිසියායග ඇගේ සහකරු වූයේ වෘතියෙන් ඉංජින්රුවරයකු වු නිරාන්ය.

කොළඹ හිල්ටන් හෝටලයේදී ඔවුන්ගේ මංගල උත්සවය පැවැත්වූ අතර ඒ සඳහා කලා ලෝකයේ මෙන්ම විවිධ ක්ෂේත්‍ර ගණනාවකට අයත් පුද්ගලයින් රැසක් සහභාගී වී තිබෙනවා.
අභිෂේකා ස්වාධීන රූපවාහිනියේ නිවේදිකාවක් ලෙසින් කටයුතු කරන අතර ඈ නව පරපුරේ ජනප්‍රිය ගායිකාවක් ද වන්නීය. මේ දිනවල ඇගේ ජනප්‍රිය ගීතයක් වන ‘සීමා නෑ’ වීඩියෝව අපේ රූපවාහිනී නාලිකාවලින් ඔබට දැක ගත හැක.

දිවයිනේ සියලූම විහාරස්ථාන සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර වට්ටෝරුවක්. Healthy Menu for Monks

බෞද්ධ භික්ෂූන් වහන්සේ සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර වට්ටෝරුවක් හඳුන්වා දීම සෞඛ්‍ය සතියට සමගාමීව අද මහරගම වජිරඥාන ධර්මායතනයේ පැවති උත්සවයකදී සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කලේය.

තෙල්, සීනි හා ලූණු අධික ආහාර වැලඳීම නිසා බෞද්ධ භික්ෂූන් වහන්සේට දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග බහුලව වැලෙඳන බවට අනාවරණය වී තිබින.

නීතිඥවරුන්ගේ සටනට වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ පූර්ණ සහය

සාධාරණ අයිතීන් දිනා ගැනීම සඳහා නීතිඥවරුන් කරන සටනට, වෘත්තීය සමිති 366 කින් සමන්විත ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය පූර්ණ සහය ලබාදෙන බවට එම වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

ලංකා ඉතිහාසයේ මෙන්ම ලෝක ඉතිහාසයේද උදාහරණ ගෙන බලන විට තහවුරු වන්නේ වැඩ කරන ජනතාව මෙන්ම සෑම ක්ෂේත්‍රයකම සෙසු ජනතාවද තමන්ගේ අයිතීන් දිනාගෙන ඇත්තේ පාලකයින්ට එරෙහිව කළ සටන් වලින් යැයි ලාල් කාන්ත මහතා පෙන්වා දෙයි.

රට කරන්නේ නරකම හා දූෂිතම ආණ්ඩුවයි

මේ රටේ බිහිවුණ නරකම හා දූෂිතම ආණ්ඩුව වත්මන් ආණ්ඩුව බවත් මැරුවත් බිය නොවී එය කීමට සුදානම් බවත් එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය තිනියාවල පාලිත හිමියෝ පවසති.

කොළඹදී අද (16) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පවසන ලදී.

කාටවත් පක්ෂව ‍හෝ කාටවත් ‍විපක්ෂව මෙලෙස අදහස් නොදක්වන බවත් ජනතාවගේ බදු මුදල් නාස්ති නොකර ඔවුන් පීඩාවට පත්කිරීමෙන් වළකින්නැයි රජයෙන් ඉල්ලා සිටින බවත් උන්වහන්සේ පැවසූහ.

රිසානාට නුදුරු දිනකම මරණ දඬුවම- නීතිපති

කුඩා දරුවකු මිය යෑම සම්බන්ධයෙන් සෞදි අරාබියේ දී වරදකාරිය කොට මරණ දණ්ඩනය නියම වී සිටින රිසානා මෙනවියට අගතියට පත් පවුලේ සාමාජිකයින්ගේ තීරණයට අනුව නුදුරු දිනයකදී එල්ලා මරනු ඇතැයි තමන්ට එරට සංචාරයේ දී පැහැදිලි වූ බව නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා පැවැසීය.

රිසානා මෙනවිය නිදහස් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සෞදි අරාබියේ සංචාරයකට පසුගිය දා තමන් සහභාගී වූ බව පවසන නීතිපතිවරයා එරට නීතිපතිවරයාත් ආණ්ඩුකාරවරයාත් හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ද සඳහන් කළේය.

Gossip Lanka Hot News Previous News Archive