රත්මලාන ත්‍රිත්ව ඝාතනය - සැකකරුගේ මව රහසක් හෙළි කරයි (Rathmalana Triple Murder Full Story)

මියගිය සඳමාලි
රත්මලාන කල්දෙමුල්ල ප්‍රදේශයේ නිවෙසක තරුණ ගුරුවරියක හා ඇගේ දරු දෙදෙනාගේ පිලිස්සී ගිය සිරුරු හමුවීම පසුගියදා මුළු රටම මහත් කම්පාවට පත් කළ සිදුවීමක් විය. තිස් එක් හැවිරිදි මවක තුන් හැවිරිදි වැඩිමහල් පුතුත් මසක් වයසැති බාල දරුවත් ගින්නට හසුවී දැවී පිලිස්සි තිබු අයුරු කාගේත් නෙතට මෙන්ම හදවතට දැඩි වේදනාවක් ගෙන දුන්නේය.

පිලිස්සී මියගිය මවගේ ඇකයේ සිටි සිඟිති පුතු අසලම තුන් හැවිරිදි ලොකු පුතු ද මියගොස් සිටියේය. සිද්ධිය ගල්කිස්ස පොලීසියට සැලවීමත් සමඟ නිලධාරීහු සිද්ධිය වූ නිවෙසට පැමිණ පරීක්ෂණ ඇරැඹූහ. ඒ ඉකුත් දහහත් වැනිදා උදය වරුවේය.

තිදෙනාගේම සිරුරු මුළුමනින්ම පිලිස්සී නොතිබිණි. නිදාගත් ඇඳ උඩින් තිබූ මදුරු දැල ගිනිගෙන දැවී තිබිණි. පොලිස් නිලධාරීහු මේ සම්බන්ධයෙන් නිවසේ සිටි සෙසු අය ගෙන් ප්‍රශ්න කරන්නට වූහ. තම බිරිය හා දරුවන් මෙසේ ගිනිගෙන පිලිස්සී ඇති බව පොලීසියට කීවේ ද සැමියාය. ඔහු මියගිය තිදෙනාගේ සිරුරු හඳුනා ගත්තේය. ඔහුගේ බිරිය සඳමාලි ප්‍රනාන්දුත් වැඩිමහල් පුතු තුෂාන් සඳරුවන් හා මසක් වයසැති බාල පුතු ඉෂාන් භානුක සිද්ධියෙන් මියගොස් සිටියහ.

රතු වැසි,කහ වැසි,ජෙලි වැසි, මාළු වැසි, කූනිස්සො වැසි, ඒ මදිවට කිඹුල් වැසිත්

කිඹුල් වැහි මාළු වැහි ඇතිවුණේ “දියගොබවලා” නිසයි- ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ හිටපු කාලගුණ අධ්‍යක්ෂ කේ. ආර්. අභයසිංහ

මේ දිනවල අපේ රටට වැඩිපුර සුළං හමන්නේ තරංග ආකාරයෙන් නැගෙනහිරින්. ඒ අනුව ඒ තරංග තිබෙන ප්‍රදේශවල පොළොවට කිලෝමීටර් 3 - 4 ක් උඩින් විශාල කැටි වලාකුළු ඇති වෙනවා. ඒ සමඟම ඒ ප්‍රදේශවල අඩු පීඩිත ප්‍රදේශත් ඇති වෙනවා. ඒ වලාකුළු හා අඩු පීඩන ප්‍රදේශ වර්ග කිලෝමීටර් 200 විතර ප්‍රදේශයක වුවත් පැතිර යන්න පුළුවන්. ඒ අඩු පීඩන ප්‍රදේශවල ටොනේඩෝ  හා දියගොබවලා ඇතිවෙන්න ඉඩ තිබෙනවා. ඒ තත්ත්වය මේ දිනවල නිතර ඇති වෙනවා.
පසුගියදා මඩකළපුවේ ගෙවල් 17 ක් කැඩුණේ මෙවැනි ටොනේඩෝවක් නිසා. ටොනේඩෝවක් යනු විෂ්කම්භය මීටර් 50 - 100 අතර වූ විවෘතව කැරකැවෙන සැඩ සුළඟක් සහිත විශාල සුළං ධාරිතාවක්.

උතුවන්කන්දේ සූරසරදියෙල් වගේ වැඩක් දිලා !

පෙම්වතියගේ රන් මාලය විකුණා ගත් මුදලින් දානයක් දුන් තරුණයෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමේ පුවතක් පානදුර අධිකරණයෙන් වාර්තා වෙයි’සැකකරු සිය පෙම්වතියගේ රුපියල් 530150.00 ක් පමණ වටිනා රන් මාලය ඉල්ලාගෙන ගොස් විකුණා ලබා ගත් මුදලින් මළගිය ඥාතීන්ට පිං පැමිණවීම සඳහා මහා සංඝරත්නය වෙත දානමය පින්කමක් පවත්වා ඇත.

උසාවියේ දී ඒ පිළිබඳව තොරතුරු නීතිඥ කසුන් ජයරත්න මහතා පාණදුර මහේස්ත්‍රාත් ආර්. එස්. ඒ. දිසානායක මහතා හමුවේ විස්තර කළේය. ස්වාමීනි මේ නඩුවේ විස්තර උතුවන්කන්දේ සූරසරදියෙල්ගේ ජීවිත කතාවට සමාන බව කියන්න කැමැතියි.

නොවැම්බර් 18 දා විවෘත කරනු ලැබු ලක්‍ෂ 92 ක පාලම වතුරේ ගසා ගෙන යයි.

ජනපති පදවි ප්‍රාප්තියට විවෘත කළ 
අඹන්ගඟේ පාලම
පැරැණි අත්වැල් පාලම් තුනක්‌ සහ අඹන්ගඟ හරහා ඉදිකළ නව පාලමක්‌ විවෘත කොට දවස්‌ 30 ක්‌ සම්පූර්ණ වන දිනයේම ගංවතුරට හසුව ගසාගෙන යැම නිසා කඩවත සහ කඹරව ප්‍රදේශ අතර ප්‍රවාහන කටයුතු අඩපණ වීමෙන් ගඟෙන් එගොඩ ගම්මාන 10 ක ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.

ඉකුත් 18 දා පාලම බිඳී ගිය තැන්පටන් ගඟ හරහා යාම්ඊම් හා සබඳතා බිඳීගොස්‌ ඇති අතර විකල්ප මාර්ගයක්‌ වැටී ඇත්තේ කිලෝමීටර් 15 ක පමණ දිගු දුරකිනි.

අභියාචනාධිකරණය තීරණය බැහැර කිරීමට යයි!

දෝෂාභියෝග කාරක සභාවට නිකුත් වන නොතීසි සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කටයුතු කරන්නේ කථානායකවරයා ලබාදුන් තීන්දුවට අනුව බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා   අවධාරණය කළේය.
දෝෂාභියෝග විශේෂ කාරක සභාවට එරෙහිව අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද (21) විභාගයට ගැනුන අතර, එහි වැඩිදුර විභාගය ලබන 03 වනදාට කල්දමනු ලැබිය.

යුරෝපයේ ගණිකා වෘත්තියට එරෙහි කාන්තාවන්ගේ ලොබිය - The European Women's Lobby (EWL)

යුරෝපයෙන් ලිංගික නිදහස තුරන් වෙයිද?

 ලිංගික නිදහස මෙන්ම මුදලට ලිංගික සේවා සැපයීම පිළිබඳ යුරෝපීය රටවල පැවති කතිකාව මේවන විට අලුත් මුහුණුවරක් ගෙන තිබේ. ඒ මුදලට ලිංගික සේවය සැපයීම තහනම් කරන ලෙසට විටෙන් විට කෙරෙන ඉල්ලීම් හේතුවෙනි. ඉකුත් සතියේ මේ පිළිබඳ වඩා අවධානයට ලක්වූයේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරනා සංවිධාන 200 ට වැඩි පිරිසක් යුරෝපීය සංගමයෙන් කරන ලද ඉල්ලීමක් හේතුවෙනි. ලිංගික සේවා සැපයීමට අදාළව නව නීති සම්පාදනය කොට ක්‍රියාත්මක කළ යුතු බව මෙම කාන්තා සංවිධානවල අදහසවී ඇත. ඉකුත් බදාදා දිනයේ මෙම විරෝධතාකරුවන් විසින් බ්‍රසල්ස්වල පිහිටි යුරෝපීය පාර්ලිමේන්තුවට නව නීති සම්පාදනයකට අදාළ ප්‍රතිපත්තිමය කරුණු ගණනාවක් ප්‍රකාශයට පත්කර තිබේ.

නව කැලන්ඩරයක් ආරම්භ වීම මායාවරු සමරයි. Mayan Apocalypse Celebrations

මායාවරුන්ගේ කැලන්ඩරය වසර 5125.26 කට පසුව අවසන් වීමට තිබුනේ අද ග්‍රිනිජ් වේලාවෙන් 11:11 ටය.


එනම් ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 4.41 ටය.

නව කැලන්ඩරයක් ආරම්භ වීම නිමිත්තෙන් එය සමරා මේ වනවිට ගෝතමාලාවේ මායාවරුන් තමන්ගේ සැමරීම් ආරම්භ කර තිබෙනවා.

"එයා බැඳලා කියලා මම දැනගෙන හිටියේ නෑ" - ගොළුමඩමේ ඝාතකයාගේ (21)පෙම්වතිය - Rathmalana Golumadama Triple Murder Case

රත්මලාන බිරිය හා දරුවන් දෙදෙනා ඝාතනය කළ සැමියා පිළිබඳ තවදුරටත් සිදු කෙරෙන පොලිස් පරීක්ෂණවලදී අලූත් තොරතුරු රැසක් දැන් අනාවරණයවී තිඛෙනවා. විමුක්ති මධුරංග ද සිල්වා නමැති 34 හැවිරිදි සැකකරු තමාගේ වයස 27 ක් බව හා කළුතර පදිංචි බවට බොරු කියමින් වයස 21 ක් වන ළාබාල මීගමුව ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසල් ගුරුවරියක හා පෙම් සබඳතාවයක් අරඹා තිඛෙන අතර ඇය මේ මිනීමැරුම් සිදුවනතුරු ඔහු විවාහකයෙකු බව දැන සිට නැත.ඇයව විවාහ කරගන්නට සිතා ඔහු මේ මිනීමැරුම් කල් ඇතිව සැලසුම් කර තිඛෙන බවද පොලිස් පරීක්ෂණවලදී එළිදරව්වී තිඛෙනවා.
මිනීමැරුම් සිදු කිරීමෙන් අනතුරුව ඉතා සැලසුම් සහගත ලෙස දෙමාපියන් වේශයෙන් පෙනී සිටින දෙදෙනෙකු කුලියට ලබාගෙන ඔවුන්වත් හවුල් කරගෙන ගල්කිස්ස හෝටලයේ විවාහ උත්සවයක් ගන්නටත්
සැකකරු සැලසුම් කරගෙන තිබූ බව වාර්තා වනවා. ඔහු මේ විවාහය ගැන කතා කරගන්නට තවත් සතියකින් පමණ පෙම්වතියගේ දෙමාපියන්ට කළුතර එක්තරා නිවසකට එන්නට දිනයක්ද යොදාගෙන තිබූ බව හෙළිවනවා.

Gossip Lanka Hot News Previous News Archive