රතු වැස්ස ගැන හෙළිදරව්වක් - රජරට විශ්ව විද්‍යාලයේ කඨිකාචාර්ය ආචාර්ය චන්න ජයසුමන

 "ආසනික් කියන්නේ ලෝකයේ තිබෙන ඉතා උග්‍ර විසක්"

රටේ විවිධ පැතිවලට අත්භූත ආලෝක ධාරා පහත් වෙයි. ඒවා දකින ජනතාව තමන්ගේ අත්වල තිබෙන ජංගම දුරකථනවලින් ආලෝකධාරා රූපගත කරයි. පුවත්පත්, විද්‍යුත් මාධ්‍යවලට ඒවා යොමු කරයි. පුවත්පත්, විද්‍යුත් මාධ්‍යවලත් ඒවා පළ වෙයි. 
 
මේ පිළිබඳ විවිධ මත පළ වන අතර ඒ මතවලින් බොහෝ විට ප්‍රකාශ වන්නේ මෙම ආ‍ලෝක ධාරා ගැන ඒ තරම් කලබල විය යුතු නැති බවයි. මේ අතරේ රතුවැසි ඇද වැටේ. ඒ රතු වැස්ස ගැන ද පරික්ෂණ සිදු කෙරේ. ඒ ගැනත් මත පළවෙයි. කොහොම වුණත් මට නම් පෙනෙන්නේ මෙම සිද්ධින් ගැන දැඩි අවධානයක් තවම රජය පැත්තෙන් යොමු වී නැති බවයි.අපේ රටට මොන හෙන ගෙඩියක් පහත් වුණත් ඒ ගැන සැහැල්ලුවෙන් හිතන්න පුරුදු වී සිටීම තමයි ඊට හේතුව. මේ අතරේ අම්පාර පැත්තේ අද්භූත ශබ්ද නැගෙන බව කියති. හිටගෙන ඉන්න මිනිසුන්ගේ සිරුරු වෙව්ලා ගිය බවත් පවසති. ඒ පළාත්වල සමහර ගෙවල්වල බිත්ති පුපුරා ගොස් තිබෙන අන්දම මම දැක්කේ රූපවාහිනී ප්‍රවෘත්ති වලින්. 

ඇත්තෙන් ම නයි අඬනවාද? නයි ඇරිය නයි නංගි

නයින්ගේ කඳුළු කතාව බොරු

‘නයි’ අපේ සංස්කෘතියත් සමඟ විශාල බැඳීමක් ඇති සර්ප විශේෂයකි. මුචලින්ද නාගරාජයා, බුද්ධදාස රජු වෙදකම් කළ නාගයා, විෂ්ණු දෙවියන්ගේ උරෙහි සිටින නාගයින්, නාග ගොත්‍රිකයින්, නාග ගුරුලු හා නාග රාක්ෂ නැටුම් ආදිය මෙන් ම නාගීනා වැනි හින්දි චිත්‍රපට වලින් ද අපට නයින් පිළිබඳ වෙනත් සර්පයින්ට නැති හැඟීමක් ලබා දී තිබේ. ඒ නිසා ම නයකු ගෙයක් අසළට ආවද “අනේ නයි හාමි අපට කරදර නොකර යන්න” කියා මිනිසකුට මෙන් ආමන්ත්‍රණය කිරීමට අපි පුරුදු වී සිටිමු.

එමෙන් ම ලෝකයේ විවිධ රටවල සර්පයන් කබරගොයින්, තලගොයින්, කටුස්සන්, කිඹුලන්, ඉබ්බන්, දිවිමකුළුවන්, වැනි සතුන් සුරතලයට ඇති කරන විවිධ රුචිකම් දක්වන සත්ත්ව ලෝලීන් ද සිටින බව වාර්තා ඕනෑ තරම් ය. ඉන් ඓතිහාසික වාර්තාවන් වන්නේ ක්ලියෝ පැට්රා නම් රැජන ඉතා විසකුරු සර්පයකු සුරතලයට ඇති දැඩි කොට උගේ විෂ ශරීරගත කරගෙන මිය යෑමයි.

චෝදනා ඔප්පු කරන්න එකදු ලියවිල්ලක් තිබුණෙ නැහැ- UNP MP and advocate Lakshman Kiriella

තම පාර්ලිමේන්තු දේශපාලන ජීවිතයේ දුටු අශෝභනතම අවස්ථාව, අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විමර්ශනය කල පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ක‍්‍රියාවලිය යැයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

තේරීම් කාරක සභාවේ සාමාජිකයෙකුද වී සිටී ඔහු, එම කාරණය සදහන් කළේ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදීය.

අගවිනිසුරුවරියට තම නිර්දෝෂීභාවය කීමට පැයක් හෝ නොදී ඇය වැරදි කාරිය කෙළේ කෙසේදැයි කිරිඇල්ල මහතා එහිදී විමතිය පළකර සිටියේය.

ජාතික අයෝමය ශූරයා තේරීම හෙට

ශ්‍රී ලංකා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා ඒකකය මගින් සංවිධානය කරනු ලබන 65 වැනි ජාතික අයෝම පුරුෂයා තේරීමේ තරගය හෙට (23 වැනිදා) බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ජාතික අයෝම පුරුෂයා තේරීමේ තරග ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදලක්‌ පිරිනැමෙන මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 137 දෙනෙක්‌ පමණ සහභාගි වීමට නියමිතව ඇත. ඒ අතර විදේශීය පුහුණුව ලැබූ ප්‍රධාන ක්‍රීඩකයන් සිව්දෙනකුද වීම විශේෂත්වයකි. එම සහභාගීත්වය ශ්‍රී ලංකා ජාතික අයෝම පුරුෂයා තේරීමේ තරගයක්‌ සඳහා සහභාගි වන වැඩිම පිරිස බවද වාර්තා වේ.

අනියම් සැමියාව ඇසිඩ් බාල්දියකින් නාවලා

කඩවත පොලිස්‌ බල ප්‍රදේශයට අයත් දළුපිටිය විදුලි බලාගාරය අසල කුලී නිවසක පදිංචිව සිටි කාන්තාවක්‌ තම අනියම් සැමියා නිවසට පැමිණි විට ඇසිඩ් බාල්දියක්‌ ඔහුගේ හිසට වත්කර ඇත. එහිදී ඔහුගේ හිස මුහුණ, දෑස්‌, සිරුර බරපතළ ලෙස පිළිස්‌සීම් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් රාගම රෝහලට ඇතුළත් කර ඇත.
මෙසේ පිළිස්‌සීම් තුවාල සහිතව රෝහලට ඇතුළත් කර ඇත්තේ දළුපිටියේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහුට ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති 40 හැවිරිදි කාන්තාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ද ඩාර්ක් නයිට් රයිසස් - The Dark Knight Rises (2012)


Action , Thriller , Crime , Adventure
Release: 16 August 2012
“ද ඩාර්ක් නයිට් රයිසස්” චිත්‍රපටය මනඃකල්පිත සුපිරි වීර චරිතයක් වන “බැට්මෑන්” චරිතය පාදක කරගනිමින් නිර්මාණය වූවකි. මෙම චිත්‍රපටය නෝලන්ගේ “බැට්මෑන්” චිත්‍රපට මාලාවේ තෙවන චිත්‍රපටය වේ. එ‍මෙන්ම එය “බැට්මෑන්” චිත්‍රපට මාලාවේ අවසන් නිර්මාණය වන බව ද සඳහන්ය. චිත්‍රපට මා‍ලාවේ පළමු චිත්‍රපටය වන “බැට්මෑන් බිගින්ස්” 2005 වසරේ දී ද, දෙවන චිත්‍රපටය වන “ද ඩාර්ක් නයිට්” 2008 වසරේ දී ද තිරගත විය. ක්‍රිස්ටියන් බේල්, ඇනා හැතවේ, මයිකල් කේන්, ගැරී ඕල්ඩ්මන්, ටොම් හාඩි, මාරියන් කොටිල්ලාඩ්, ජෝශප් ගෝර්ඩන් සහ මෝර්ගන් ෆ්‍රීමන්”ද ඩාර්ක් නයිට් රයිසස්” චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වය සපයයි. චිත්‍රපටයේ සම්පූර්ණ නිෂ්පාදන කටයුතු සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 250 ක පිරිවැයක් දරා ඇත. අමෙරිකාව මෙන්ම ඉන්දියාව හා රුමේනියාව වැනි රටවල ද චිත්‍රපටයේ රූගත කිරීම් කටයුතු සිදුකර තිබේ.

රාජාළියෙකු විසින් දරුවෙකු පැහැරගෙන යාමේ විඩියෝව උපාධියට කල නිර්මාණයක්ලූ

කැනඩාවේ මොන්ටි‍්‍රයෙල් උද්‍යානයේ සිය පියා සමග සිටි කුඩා දරුවෙකු දැවැන්ත රාජාළීයෙකු විසින් පැහැරගෙන යන ආකාරය රූපගත කල වීඩියෝවක් ඊයේ youtube වෙබ් අඩවියට ඇතුළත් කොට තිබූ අතර ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කල එම වීඩියෝව පසුගිය දෙදින තුල මිලියන 17ක පිරිසක් නරඹා තිබුණි.

මෙම ආන්දෝලනාත්මක වීඩියෝව පිළිබදව අද දින ප‍්‍රකාශයක් නිකුත් කර ඇති NAD මධ්‍යස්ථානය පවසන්නේ එම විඞීයෝව තම ආයතනයේ උපාධි අපේක්ෂකයන් පිරිසක් විසින් තම උපාධි නිබන්ධනයක් වෙනුවෙන් පරිඝණක ආධාරයෙන් නිර්මාණය කල ග‍්‍රැෆික් නිර්මාණයක් බවයි.

නුදුරේදී ශ්‍රී ලංකාව ලොව බැබැළෙන රටක් හා සැණකෙළි භූමියක් - Astrologer Manjula Peiris

ඡ්‍යොතිර්වේදී මංජුල පීරිස්
 ලෝක විනාශයේ භීතිය ලොව පුරා පැතිර ගියේ 2012 වසරට එළැඹීමත් සමඟයි. ඒ 2012 දී ලෝකය විනාශ වී යන බවට මායාවරුන්ගේ දින දර්ශනය ඇතුළු පළවී තිබුණු විවිධ මතිමතාන්තර නිසාවෙනි. 12.12.12 සහ 2012.12.21 දැන් පසුවී ඇති නමුත් තවමත් ලෝක විනාශයේ භීතිය පහව ගොස් නැති තරම්. සමහර ඡ්‍යොතිශාස්ත්‍රඥයන්ගේ මතය වූයේ මේ කාලයේ දී සිදුවන විශේෂිත ග්‍රහ පිහිටීම ලෝක විනාශයක් සිදු නොවුණත් ඒ හා සමාන විනාශයක් සිදු වනු ඇති බවයි. එම නිසා තවමත් විනාශයේ භීතියෙන් වෙළී සිටින ජනතාවගේ හිත සුව පිණිස ප්‍රවීණ ඡ්‍යොතිර්වේදියකුගේ අදහස් ගොනු කරගැනීම සුදුසු යැයි සිතූ නිසා 2010 අප්‍රේල් 11 දින සිළුමිණ පුවත්පතට නිව්යෝර්ක් නුවර ගංවතුර පිළිබඳ ප්‍රථම විශ්මිත අනාවැකිය පළ කළ ඡ්‍යොතිර්වේදී මංජුල පීරිස් මහතා සමඟ සිදු කළ විමසුමකි මේ...

Gossip Lanka Hot News Previous News Archive