සැකකරුවෝ 4ක් සී. අයි. ඩී. දැලේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රය කලින් පිට කිරීමේ සිද්ධියට සම්බන්ධ සියලු තොරතුරු අනාවරණය කරගත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ටියුෂන් ගුරුවරයාට එම ප්‍රශ්න පත්‍රය රුපියල් ලක්‍ෂයක මුදලට විකිණූ පුද්ගලයා ඇතුළු ප්‍රධාන පෙළේ සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.ටියුෂන් ගුරුවරයා විද්‍යාව ප්‍රශ්න පත්‍රය රුපියල් ලක්‍ෂයක මුදලකට ලබාගෙන ඇත්තේ තමන් සමඟ සමීප සබඳතා පැවැත්වූ කරණවෑමියකුගෙන් බව ද මේ වන විට අනාවරණය වී තිබේ.







