පියා අතින් දූෂණය වූ මේ දැරියන් දෙදෙනාගෙන් අවුරුදු දාහතර වියේ පසු වූ දැරිය මන්දබුද්ධික තැනැත්තියකි. 2011 වසරේ මැයි මාසයේ පටන් පියා විසින් මේ අතවර කිරීම් සිදුකොට තිබේ. මේ දියණියන් දෙදෙනාම මෙලෙස අතවරයට ලක්වී ඇත්තේ ඔවුන්ගේ මවද දැනුවත්වය.
මවද දැනුවත්ව පියා දියණියන් දෙදෙනාව දූෂණය කරයි
හෙට ලෝකය බබළවන්නට හිටි අවුරුදු දහතුනක් සහ අවුරුදු දාහතරක දියණියන් දෙදෙනකු තම පියා විසින් දූෂණය කළ කනගාටුදායක කතා පුවතක් කඹුරුපිටිය පොලිස් වසමේ ගතාර ප්‍රදේශයෙන් පසුගියදා වර්තා විණි.
වකුගඩු රෝගයෙන් අත් මිදෙමු.
රජරට පුරාවට පැතිරී තිබෙන අහේතුක යෑයි කියන වකුගඩු රෝගයට මුල ගොවිතැනට යොදන රසායනික පොහොර, කෘමි නාශක, වල් නාශක ආදියෙන් කාන්දුවන ආසනික්, කැඩ්මියම් වැනි විෂ කාරකයන් මුහු වී ඇති භූගත ජලය පානය කිරීම යෑයි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය අනුලා විඡේසුන්දර මහත්මිය සිරිපුර පන්සලේ පසුගිය 16 දා පැවැති වකුගඩු රෝග සායනයට පැමිණ සිටි තුන්සියයක් පමණ වූ රෝගීන් අමතා පැවසුවා.
රජරට පුරාවට පැතිරී ඇති වකුගඩු රෝගය අහේතුක වකුගඩු රෝගයක් හැටියට සමහර අය හඳුන්වනවා. මෙය වැරදි වහන්න කියන කථාවක්. රජරට වකුගඩු රෝගය අහේතුක නෙමෙයි. සහේතුකයි. කැඩ්මියම්. ආසනික්, සයනයිඩ් වැනි බැර ලෝහයන් මුසු වූ භූගත ජලය කලක් පානය කිරීමෙන් වකුගඩු රෝගය හැදෙනවා.
සීයා සහ මුණුපුරා විදුලිය වැදීමෙන් එම ස්ථානයේදීම මිය යයි.
සුබ නව වසරකට වාසනාව එක් කරමින් ලෝකවාසීන් ප්‍රාර්ථනා ගෙන එද්දී වසර ආරම්භයේදීම අවාසනාවන්ත ඉරණමකට ගොදුරුවූ දෙදෙනකු වගා බිමක අනවසර විදුලි රැහනක පැටලී මියගොස් තිබිණි. එළවළු වගා බිමකට ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් බිම වැටී සිටි සීයාගේ ඇඟේ තිබූ විදුලි කම්බි ඉවත් කිරීමට ගිය 8 හැවිරිදි මුණුබුරකු එම විදුලි රැහැනේ පැටලී මෙසේ මිය ගොස් තිබුණි.
කොත්මලේ පොලිස් බල ප්‍රදේශයේ වෙදමුල්ල වතු යායට අයත් කැමිල්දන් (කෙමිනිදන්) වත්ත උඩ කොටසේ ඇති එළවළු වගා බිමකදී මෙම අවාසනාවන්ත සිදුවීමට ගොදුරු වී මියගොස් ඇත්තේ එම වත්තේ පදිංචි තිරුචෙල්වම් කුමාර බරත රාජ් නමැති අට හැවිරිදි දරුවකු හා සින්නයියා නමැති 60 හැවිරිදි (සීයා) අයෙකි.
50 Kg කණිෂ්ඨ බර ඉසිලීමෙන් ලොව දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට
ඔහු කුරුණෑගල මලියදේව ආදර්ශ මහා විදුහලේ ඉගෙනුම ලබන 17හැවිරිදි ශෂික ඒකනායක අන්තර්ජාතික තරග බිමේ දැක්වූ දක්ෂතා මත ලොව හොදම කණිෂ්ඨ ක්‍රීඩකයින් අතර දෙවැනි ස්ථානයට පත්විය.
ඔහුට වඩා කිලෝ ග්‍රෑම් 4ක් ඉදිරියෙන් පසුවන අසර්බයිජාන් ක්‍රීඩක වලේ බක්ෂාලිසාඩා එහි පළමු ස්ථානයට පත්ව සිටී.
ශෂික කිලෝ ග්‍රෑම් 50 බර පන්තියෙන් තරග වදින අතර, ජාත්‍යන්තර මට්ටමින් ශෂික පසුගිය වසරේ කිලෝ ග්‍රෑම් 200ක සමස්ත බරක් ඔසවමින් ඔහුගේ හොදම දක්ෂතාවය ප්‍රදර්ශනය කළේය.
පොලිසියේ සියලු දීමනා සියයට 100 කින් නගී.
වසර 24 කට පසු පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ දීමනා ගෙවීම් ඊයේ (01 වැනිදා) සිට සියයට 100 කින් ඉහළ නංවා ඇත. ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුවේ 84,000 ක් වූ සියලුම නිලධාරීන්ගේ දීමනා ගෙවීම් ඊයේ සිට ඉහළ ගොස් තිබේ. පොලිස් නිලධාරීන්ගේ මාසික වැටුපට අමතරව ගෙවන සියලුම දීමනා සියයට 100 යේ සිට ඊට වැඩි ප්‍රමාණවලින් වැඩි කර ඇති බව පොලිස් මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව පොලිස් කොස්‌තාපල්වරයකුගේ මාසික දීමනා රුපියල් පන්දහසකට ආසන්න මුදලකින් ඉහළ යනු ඇත.
1988 වර්ෂයෙන් පසු පොලිස් දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියකුගේ දීමනා ගෙවීම් ඉහළ නංවා නොමැත. දැඩි වෙහෙසකර වූ රාජකාරියක නිරත වන පොලිස් නිලධාරීන් දිනකට පැය 16 කට ආසන්න කාල සීමාවක් රාජකාරි කළ ද ඔවුන්ට ලැබුණේ ඉතාම සුළු අමතර දීමනාවකි.
ළිඳකින් රතු වර්ණයෙන් යුත් වතුර මතුවෙයි ! Red Water Well At Ampara
අයගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නිකගොඩ හඳහන්දෙණිය දොළෙහි ජලය පසුගිය දෙසැම්බර් 7 වනදා සිට රතු පැහැයට හැරී තිබු අතර රත්නපුර, බටුගෙදර පරණ පාරේ පිහිටි නිවසක ළිඳකින් රතු වර්ණයෙන් වතුර මතුවීමක් පිළිබඳ පුවතකුත් පසුගිය 13 දා වාර්තා වුණා.
මේ අතර අම්පාර අඩාලච්චෙන සින්නපාලමුනේ ප්‍රදේශයේ ලිඳක වතුර සම්පූර්ණයෙන්ම රතු පාට වී තිබෙනවා. එය බැලීමට මේ වනවිට විශාල පිරිසක් එක් රොක් වෙමින් සිටින බවයි වාර්තා වෙන්නේ.
දෝෂාභියෝග වාර්තාව දේශපාලනීකරණය වෙලා - ජගත් සංවිධානය
දෝෂාභියෝගය යළි සලකා බලන්න
ශ‍්‍රී ලංකාවේ ස්වාධීන විනිසුරුවරුන්ට එල්ල වන තර්ජන නතර කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.මෙරට තුළ පසුගිය කාලයේ විනිසුරුවරුන්ට සහ නීතීඥවරුන්ට විවිධ බලපෑම් එල්ල වු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙයි.
මෙම තත්ත්වය ස්වාධීන අධිකරණ පද්ධතියක් පවත්වාගෙන යාමට තර්ජනයක් බව ඔවුන් පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්වාධීන විනිසුරුවරුන්ගේ හා නිතීඥවරුන්ගේ විශේෂ ප‍්‍රකාශිකාවක වන ගේබි‍්‍රයල් ක්නවුල් විසින් ඊයේ (31) මේ බව ප‍්‍රකාශ කර ඇත.
‘නිකන් ලකුණු දෙන පියා’ ඇමැති බන්දුලලූ !
අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා නිකන් ලකුණු දෙන පියා බවට අද පත්ව ඇති බවත් අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රය මෙන්ම සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයද කඩා වැටීමට ලක්ව ඇති බැවත් දකුණු පළාත් සභාවේ එජාප මන්ති‍්‍ර විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.
ගාල්ල හපුගල ප‍්‍රදේශයේ පැවැති රැස්වීමකදී මන්ති‍්‍රවරයා මේ බව සඳහන් කළේය. මන්ති‍්‍රවරයා මෙසේද කීවේය.
‘අපේ රටේ බත් දුන්, පොත් දුන්, ඇඳුම් දුන් පියාලා හිටියා. ඒ නායකයන් රටට විශාල සේවාවක් කළා. වර්තමාන අධ්‍යාපන ඇමැතිවරයා අද නිකන් ලකුණු දෙන පියා බවට පත්ව තිබෙනවා.

.jpg)





