බස් රථවල අභ්‍යන්තර කැමරා පද්ධති ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙල මාර්තු මස 31 වනදාට ප්‍රථම අවසන් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පැවසුවේ බස් රථ තුළදී කාන්තාවන් විවිධ අපහසුතාවන්ට ලක්වීම සහ වෙනත් ජාවාරම් මැඩලීම ස`දහා මෙම පියවර ගන්නා බවයි. ජී.පී.එස්. තාක්ෂණය සහිත එම කැමරා ම`ගින් බස් රථවල සිදුවන විවිධ අකටයුතුකම් හ`දුනා ගනිමින් ඊට එරෙහිව කටයුතු කරන බව රොෂාන් ගුණවර්ධන මහතා පැවසුවා.
උදේට බණ අහන රෑට නිල් බලන ලෝකෙන් උතුම් රට..! Prof. K. Karunathilake
කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ
මහාචාර්ය කේ. කරුණාතිලක
මහාචාර්ය කේ. කරුණාතිලක
ලෝක සමාජය තුළ ලිංගිකත්වයට ඇති ඉල්ලුම පිළිබඳ ගූගල් වෙබ් අඩවිය සිදුකරන වාර්ෂික සමීක්ෂණයේදී ලිංගිකත්වය පිළිබඳ වැඩිම උනන්දුවක් ඇති සහ අන්තර්ජාලයට පිවිස ලිංගික ක්‍රියාකාරකම් නරඹන වැඩිම පිරිසක් සිටින රට ශ්‍රී ලංකාව බව හෙළිදරව් වී තිබේ. පෙරදිග සංස්කෘතික සාරධර්ම රැඳි බෞද්ධ රටකට මෙය කිසිසේත්ම සතුටු විය හැකි කාරණයක් නොවේ. අපේ රට තුළ මෙබ ඳු තත්ත්වයක් නිර්මාණය වූයේ කෙසේද? කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය කේ. කරුණාතිලකයන් කරන විග්රහයකි මේ.
ගෑස් 150කින් නගී - 12.5 kg gas cylinder up by Rs. 150
අද(05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 12.5 Kg ලාෆ්ස් හා ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150 න් ඉහළ නංවන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
පසුගිය නොවැම්බර් මාසයේ දී ලෝක වෙළඳපොළේ සිදුවූ ගෑස් මිල ඉහළ යාමට අනුව මෙසේ ගෑස් මිල ඉහළ නැංවීමට සිදුවන බව එම අධිකාරිය සඳහන් කරයි.ඒ අනුව මෙතෙක් රුපියල් 2246 ක් ව පැවති ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නව මිල රුපියල් 2396 ක් වන බව පාරිභෝගික සේවා අධිකාරිය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වේ.
කැලණියේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල වෙඩි පහරින් මරුට
කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතා නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව මරණයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
සිය නිවස ඉදිරිපිට දී සිදුවූ මෙම වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ මඩවල මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත්ව තිබේ.
හසිත මඩවල මහතා පසුගිය කාල වකවානුව තුළ කැලණිය මැතිවරණය කොට්ඨාශයේ සිදුවූ දූෂණ, අක්‍රමිකතා ඇතුළු යම් යම් ගැටලු සම්බන්ධව කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සමග එක්ව හඬක් නැගූ පුද්ගලයෙකි.
සිය නිවස ඉදිරිපිට දී සිදුවූ මෙම වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ මඩවල මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත්ව තිබේ.
හසිත මඩවල මහතා පසුගිය කාල වකවානුව තුළ කැලණිය මැතිවරණය කොට්ඨාශයේ සිදුවූ දූෂණ, අක්‍රමිකතා ඇතුළු යම් යම් ගැටලු සම්බන්ධව කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සමග එක්ව හඬක් නැගූ පුද්ගලයෙකි.
නයි අරිනවා නෙමෙයි...මෙයා නයි ගිලිනවා තවත් වැඩ කෝටියයි
ඔබ සංවේදී නම් මෙම ලිපිය කියවීමෙන් වළකින්න!
විශ්වාස කරන්න... මනුස්සයෙක් නයෙක් ගිලිනව මම දැක්කා... සැර පෙනුමක් තියෙන ලොකු නයෙක්... ඒ විතරක් නෙවෙයි. නාග මාපිලෙක් කටින් දාලා නහයෙන් ගත්තා....
මේ ටික කියවල ඔබේ දෙවුර හැකිලුනා නේද?.... මේ කතාව අහපු දවසෙ මටත් ඔහොම වුණා. මම කල්පනා කළේ මේක දිහා බලා ඉන්නේ කොහොමද කියලා.
අවුලක් නෑ... මනුස්සයෙකුට නයෙක් ගිලින්න තරම් ප්‍රබල මානසික ශක්තියක් තියෙනව නම්, ඒ දිහා බලා ඉන්න ඇයි අපට බැරි කියන තැන මම හිටියා..... අන්න ඒ හින්දා මේ දර්ශනය බලන්න මම ගියා...
2013 දී මගෙයි සැමියගෙයි කැදැල්ලට අලුත් කෙනෙකුත් එකතුවනවා - Uresha Ravihari With a New Hope
උරේෂා රවිහාරි කියන්නේ දක්ෂ ජනප්‍රිය ඒ වගේම සම්මානනීය ගායිකාවක්. පුංචිම සන්දියෙදී ගීත ලොවට එක්වූ ඇය එදා මෙදා තුර ජීවිතයම කැප කළේ සංගීතයට. ඉඳහිට ඇයට ආමන්ත්‍රණය කරලා ‘මොනවද අලුත් තොරතුරු’ කියල අපි අහන හැම මොහොතකම වගෙ ඇයට කියන්නට තිබුණේ සංගීතය ගැන තොරතුරු.
ඒ වගෙ වෙලාවට ලබපු අලුත් සම්මානයන් ගැන පටිගත කළ අලුත් ගීතයක් ගැන එහෙමත් නැතිනම් සංගීත ක්ෂේත්රයේ කුමක් හෝ ඇය සම්බන්ධ පුවතක් ගැන උරේෂා අපිත් එක්ක කතා කළා. ඔය අතර උරේෂා රවිහාරි පතිකුලයට ගිය ප්‍රවෘත්තිය කාගේත් කතා බහට ලක් වූ පුවතක් වුණා. විවාහයෙන් පසුවත් ඇය සංගීතයෙන් සමුගත්තෙ නැති නිසා ඉන් පසුවත් අහන්නට ලැබුණේ. ‘උරේෂා රවිහාරි’ කියන ගායිකාව සම්බන්ධ ප්‍රවෘත්තිමයි. මේ අතරතුරේ උරේෂා රවිහාරි කියන බිරිඳ සම්බන්ධව ප්‍රවෘත්තියක් අපට දැනගන්නට ලැබුණා. ඒ ගැන කතා කරන්න අපි උරේෂාට කතා කළා.
පියාගේ පහරදීමෙන් බිලිඳිය මරු දකී, සෙබල පියා දිවි නසාගනී
වයස අවුරුදු 1 ½ ක් වන සිය සිඟිති දියණියට අමානුෂික ලෙස පහර දී ඇය ඊයේ (04) ඝාතනය කොට පළා ගොස් සැඟ වී සිටි සැකකාර පියා ගෙළ වැළලා ගෙන මියගොස් සිටියදී ඔහුගේ සිරුර පිළියන්දල පොලිසිය විසින් අද (05) උදේ සොයා ගෙන ඇත.
පියාගෙන් අමානුෂික ලෙස පහරකා මියගියේ පිළියන්දල පොලිස් වසමට අයත් නිවුන්ගම පදිංචි වී සිටි නෙල්කි සලෝමි නැමැති වයස අවුරුදු 1 ½ ක දැරියයි.
ඇයට පහර දී මරා දමා ගෙළ වැළලා ගෙන සියදිවි නසාගෙන ඇත්තේ එම ස්ථානයේ පදිංචි වී සිටි දැරියගේ පියා යැයි කියන මද්දුම කළුගේ සුනිල් ජයකොඩි නැමැති 34 හැවිරිදි පුද්ගලයෙකි.
ළමා ස්ත්‍රී දූෂණවලින් සියයට 70ක් ස්ව කැමැත්තෙන්
ශ්‍රී ලංකාවේ සිදුවන ළමා ස්ත්‍රි දූෂණවලින් ඉතා වැඩි ප්‍රමාණයක් එලෙස දූෂණයට ලක්වන ළමයින්ගේ ස්වකැමැත්තෙන් සිදුවන බව සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.ළමා හිංසනයට එරෙහි ජාතික දිනය වෙනුවෙන් ඊයේ පැවැත් වූ උත්සවයකදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා ඒ බව අනාවරණ කළා.
ළමා ස්ත්‍රි දූෂණවල ක්රමිත වැඩි වීමක් දක්නට ඇතැයිද ප්‍රකාශ කෙරුණා.පොලිස් වාර්තා අනුව 2009 වසරේදී සිදු වූ ළමා ස්ත්‍රි දූෂණ සංඛ්‍යාව 1228 ක්.2010 වන විට 1446 ක් දක්වාද 2011 වසරේදී 1463 ක් දක්වාද එම සංඛ්‍යාව වැඩි වී තිබෙනවා.2012 දී සිදු වූ ළමා ස්ත්‍රි දූෂණ සංඛ්‍යාව 1600 ද ඉක්මවන බවයි යසන්ත කෝදාගොඩ මහතා කියා සිටියේ.





.bmp)
