එක්සත් ජාතික පක්ෂය පසුගිය සම්මේලනයේදී ගනු ලැබූ තීරණයක් ඊයේ (10) දිනවන විට ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම පක්ෂයේ ප්‍රධාන තනතුරු තුනක් අද (11) සිට පුරප්පාඩු වී තිබේ. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, උප නායක සහ ජාතික සංවිධායක යන තනතුරු මෙසේ පුරප්පාඩු වී ඇත.ඒ අනුව සජිත් ප්‍රේමදස මහතාගේ නියෝජ්‍ය නායක ධූරය අහෝසි විය.
පුරප්පාඩු තනතුරු වෙනුවෙන් පුද්ගලයින් පත් කිරිමේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම ලබන 21 දා දක්වා කල්යාම නිසා මෙසේ තනතුරු පුරප්පාඩුවී තිබේ. ඊයේ (10) පැවැත්වීමට නියමිතව තිබු එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම, අගවිනිසුරුවරිට එරෙහි දෝෂාභියෝග චෝදනා විමර්ශන කමිටු වාර්තා විවාදය හේතුවෙන් ලබන 21 දා දක්වා කල් දැමීමට එම පක්ෂය තීරණය කළේය.







