සජිත්ගේ නියෝජ්‍ය නායකකම අදින් ඉවරයි !

එක්සත් ජාතික පක්ෂය පසුගිය සම්මේලනයේදී ගනු ලැබූ තීරණයක් ඊයේ (10) දිනවන විට ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම පක්ෂයේ ප්‍රධාන තනතුරු තුනක් අද (11) සිට පුරප්පාඩු වී තිබේ. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, උප නායක සහ ජාතික සංවිධායක යන තනතුරු මෙසේ පුරප්පාඩු වී ඇත.ඒ අනුව සජිත් ප්‍රේමදස මහතාගේ නියෝජ්‍ය නායක ධූරය අහෝසි විය.

පුරප්පාඩු තනතුරු වෙනුවෙන් පුද්ගලයින් පත් කිරිමේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම ලබන 21 දා දක්වා කල්යාම නිසා මෙසේ තනතුරු පුරප්පාඩුවී තිබේ. ඊයේ (10) පැවැත්වීමට නියමිතව තිබු එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම, අගවිනිසුරුවරිට එරෙහි දෝෂාභියෝග චෝදනා විමර්ශන කමිටු වාර්තා විවාදය හේතුවෙන් ලබන 21 දා දක්වා කල් දැමීමට එම පක්ෂය තීරණය කළේය.

තව අවුරුදු 23 කින් ලෝකය විනාශවීමේ අවදානමක්

 පෘථිවිය අසලින් ගිය දැවැන්ත ග‍්‍රහකය 2036 දී ආයේ එනවා
මීටර් 325 ක විෂ්කම්භයකින් යුත්, අති දැවැන්ත ග‍්‍රහකයක් පෙරේදා (9) පෘථිවිය අසළින් ගමන් කළ බවත්, එම ග‍්‍රහකය යලිත් වරක් එනම් 2036 වසරේ අපේ‍්‍රල් 13 වැනිදා ආපසු පැමිණෙන විට එය පෘථිවිය සමඟ ගැටීමේ අවදානමක් පවතිනු ඇති බවත් ඇමෙරිකා සහ යුරෝපා විද්‍යාඥයෝ පෙන්වා දෙති.
එම ග‍්‍රහකය නම් කර ඇත්තේ ‘ඇපොපිස්’ යන නමිනි. ඇපොපිස් යනු ඊජිප්තු මිථ්‍යා කතාවලට අනුව නපුරට අධිපති දෙවියාය. ග‍්‍රහකය පෙරේදා ගමන් කළේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 14.5 ක් දුරිනි.

සෞදි අරාබියේ වෙන දේවල් - 90 සීයා 15 කෙල්ල කසාද බැඳලා !

වයස 90 ගණනක මහල්ලකු අවුරුදු 15ක් වයසැති ගැටිස්සියක විවාහ කර ගැනීම නිසා සෞදි අරාබියේ උණුසුමක් ඇති වී තිබේ.එරට සමාජ මාධ්‍යවල ප්‍රබල විවේචනාත්මක අදහස් සමුදායක් පැතිරී යෑමට මේ සිද්ධිය බලපා ඇත. සමහරු මත පළ කරමින් මේ නිසා ළමා අපචාරයක් වී ඇතැයි පවසති. මේ දැරිය විවාහ කර ගැනීමට මහල්ලා දෑවැද්ද ලෙස ඩොලර් 17,000ක් ගෙවා තිබේ.
මෙවැනි සිද්ධීන් ගණනාවක්ම එංගලන්තයේදී ළමා විවාහ ලෙස නීතියේ අවධානයට ලක්වී තිබේ. සිය මංගල රාත්‍රිය අවස්ථාවේ මහලු සැමිය කාමරයේ ‍දොරගුළු දමා සිරකොට මේ දැරිය සිය මවුපියන් වෙත පලාවිත් තිබේ. තමන් දුන් දෑවැදි මුදල ආපසු ලබා ගැනීමට මහල්ලා නඩු පැවැරීමට සූදානමින් සිටියි.

මුලාශ්‍රය 1

සිකුරාදා "කළු සිකුරාදාවක්" ලෙස ප්‍රකාශයට පත් කෙරේ

දෝශාභියෝග කමිටු වාර්තාව, ව්‍යවස්ථා විරෝධී ලෙස සම්මත කර ගැනීමට නියමිත  අද දිනය 'ජාතික කළු සිකුරාදාවක්' ලෙස 'නීතිඥ එකමුතුව' විසින් ප්‍රකාශයට පත්කර ඇත.අදදින, සියළු අධිකරණ වල කළු කොඩි සහ කළු බැනර් ඔසවා විරෝධය පළ කිරීමට එම සංවිධානය තීරණය කළහ.
නීතියේ ආධිපත්‍යය බිඳ වැටෙන පාලක රෙජීමය නිර්වස්ත‍්‍රව ඒකාධිපතිත්වයක් කරා ගමන් අරඹන අද දිනය ජාතික ශෝක දිනයක් බවත් ඒ වෙනුවෙන් තම නිවෙස් වල කාර්යාල වල වාහන වළ කළු කොඩියක් ඔසවා විරෝධය පළ කරන ලෙසත් 'නීතිඥ එකමුතුව' මහජනතාවගෙන් ඉල්ලා සිටිති.

නැන්දා එළවලා තාත්තා හොයන් යන්න කියලා - හද කම්පා කළ කතා පුවතක්


සිය පියා සොයාගෙන යන ගමනේ අතරමං වූ අසරණ වූ දරුවන් දෙනෙකු පිළිබඳ දුක්බර පුවතක් පුත්තලමෙන් වාර්තා විය.12 හැවිරිදි මධූෂා සිය සිව් හැවිරිදි සහෝදරයා කවීෂ ද සමඟ ආනමඩුව නවගත්තේගම පිහිටි නිවසින් පිටවූයේ සිය පියා සොයා යාමේ අරමුනිණි.සිය පියා සිටින්නේ කොහිදැයි, නිශ්චිතවම නොදත් මෙම දරුවන් දෙදෙනා සිය ගමන අතරදී පුත්තලම පාලවිය ප්‍රදේශයේ වෙළෙඳසලකට ගොඩවන්නේ, පිපාසය සංසිදුවා ගැනීමට දිය පොදක් ඉල්ලා ගැනීම සඳහාය.
එහිදී වෙළෙඳසලේ සිටි කාන්තාව ඔවුන් දෙදෙනාට වතුර ලබාදී මෙන් පසු තොරතුරු විමසා ඇත.එහිදී ඔවුන් පවසා ඇත්තේ, පුත්තලම කල්පිටියේ සිටින තම පියා සොයාගෙන යන බවය.ඔවුන් දෙදෙනා අතරමංවී සිටින බව පසක් වූ අදාළ කාන්තාව පසුව දරුවන් දෙදෙනා පුත්තලම පොලීසියට භාර දීමට කටයුතු කරන්නීය.

ඉන්දීය බස්වලට කැමරා අනිවාර්යයි - Delhi buses to have CCTV

ඉන්යාවේ නව දිල්ලි නුවර පොදු ප්‍රවාහනයේ යෙදෙන බස් රථ සඳහා නව නියෝග මාලාවක් හඳුන්වා දි තිබේ.ඒ අනුව පොදු ප්‍රවාහන බස් රථ සඳහා ලබන මස 1 වැනිදාට පෙර සී.සී.ටී.වී. කැමරා සවි කළ යුතුය.කාන්තාවන්ගේ ආරක්ෂාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ස්ථාපනය කරනු ලැබූ නව බලකාය මගින් මෙම රෙගුලාසි නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ, දැයි අධීක්ෂණය කරනු ඇති.
පොදු ප්‍රවානයේ යෙදෙන බස් රථ රියදුරන් සහ සහයකයන් ලබන මාර්තු මස 1 වැනිදාට පෙර පොලීසිය විසින් නිකුත් කරනු ලබන හැඳුනුම්පත ද ලබා ගත යුතු වේ.එසේම දිල්ලි පොලීසියෙන් අවසර නොගත් වාහනවලින් පාසල් සිසුන් ප්‍රවාහනය කිරීම ද තහනම් වනු ඇති.ඉන්දියාව මෙම නව රෙගුලාසි හඳුන්වා දෙනු ලැබුවේ, 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක බස්රථයක් තුළ සමූහ ලෙස දූෂණයට ලක්වීමේ සිද්ධියෙන් පසුව එල්ල වූ ජනතා විරෝධය හමුවේය.

1996 ලෝක ශූරයෝ හෙට N.C.C පිටියට

1996 දී ලෝක ක්‍රිකට් ශූරතාව දිනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට (12) වැනිදා ‍කොළඹ එන්.සී.සී ක්‍රීඩාංගණයේදී විස්සයි 20 ක්‍රිකට් තරගයකට එකතු වන්නේ ඓතිහාසික අවස්ථාක් සනිටුහන් කරමිනි.වසර 18කට පසු මේ අවස්ථාව ක්‍රිකට් ලෝලීන්ට උදාවෙන්නේ හේමාස් සමාගමේ බේබි ෂෙරමි බිග් හාර්ට් ව්‍යාපෘතියේ 50වැනි සමරුවට දායක වෙමිනි. මේ ව්‍යාපෘතිය අසරණ දු දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සපුරාලන නැණ දිරිය වැඩ සටහන හා බැඳුනකි.

සෞදියේ ශ්‍රී ලංකා තානාපති වහා කැඳවයි - Sri Lanka recalls its Ambassador in Saudi Arabia

රිසානා නාෆීක් ඝාතනයට විරෝධය පළකරමින් සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා වහා ක්‍රියාත්මක වන පරිදි යළි මව්බිමට කැඳවා ඇති බව විදේශ කටයුතු ලේකම් කරුණාරත්න අමුණුගම මහතා පවසයි.වසර 7 ට ආසන්න කාලයක් සෞදියේ සිරගතව සිටි ශ්‍රී ලාංකික ගෘහසේවිකාවක වන රිසානා නෆීක්ට ඊයේ දිනයේ මරණ දඬුවම ලබාදී ඇය ඝාතනය කරන ලදී.
ඇයට නිදහස ලබාදෙන ලෙස ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම සිවිල් සංවිධාන ගණනාවක් අවස්ථා කිහිපයකදීම සෞදි රජුගෙන් ඉල්ලා සිටියද ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබිණි.රිසානා නෆීක්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳ තමන් දැඩි කනස්සල්ලට පත්වූ බව යුරෝපා සංගමයද නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදී තිබුණි.

Gossip Lanka Hot News Previous News Archive