2012 වසරේ හඳුනාගෙන ඇති ඒඩ්ස් රෝගීන්ගේ සංඛ්‍යාව 1544 කි.HIV වෛරසය ආසාදිත වන ක්‍රම 03කි. එනම්,
1. ආසාදිත පුද්ගලයකුගේ රුධිරය හෝ රුධිර කොටස් පාරවිලනය කිරීමෙන්
2. ආසාදිත කෙනකු සමඟ ලිංගික හැසිරීමකින් හෝ අංග බද්ධ කිරීම හා ශුක්‍ර බැංකු මඟින්
3. ආසාදිත මවකගෙන් දරුවාට
සැත්කම්වලදී ලේදීම මඟින්, සමහර රෝගවලදී රුධිර කොටස් පාරවිලනය කිරීමෙන්, සම සිදුරු කිරීමට ගන්නා කටු, එන්නත් කටු, සිරින්ජර් හා ශල්‍ය ආම්පන්න මඟින්, දැලිපිහි, රේසර්, බ්ලේඩ් ආදී උපකරණ හුවමාරුවෙන් ද HIV ආසාදනය විය හැකිය.






