බුදුරුව පිටේ කෙටූ සුද්දි රිමාන්ඩ්

සමාධි බුද්ධ රූපයක් පිටේ පච්චා කෙටු නෙදර්ලන්ත ජාතික කාන්තාවක් වීසා නැතිව මහනුවර නගරයේ රැදී සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන මහනුවර මහේස්ත‍්‍රාත් රවීන්ද්‍ර පේ‍්‍රමරත්න මහතා හමුවට අද (07) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇය හෙට (08) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
වයස අවඅරුදු 26 ක් පමණ වන මෙම නෙදර්ලන්ත ඡාතික කාන්තාව මහනුවර දළදා විදියේ පිහිටි අවන්හලකදී සිදුකළ කළබලයක් හේතුවෙන් ඊයේ (06) පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. මෙම විදේශිය කාන්තාව ලංකාවට පැමිණියේ කෙසේද යන්න පිළිබඳව ඇගේ විදේශ ගමන් බලපත‍්‍රයේ සඳහන් වි නැතැයි පොලිසිය කියයි.

සිසුවියට දුන් දඬුවමට ජනපති දුක්‌වේ සානුකම්පිතව බලන්නට තිබුණා

 "මට වහාම වාර්තාවක්‌ එවන්න" ජනපති නියෝග
පාසල්වල මුදල් එකතු කිරීම නීති විරෝධී වැඩක්‌!

පාසලේ තීන්ත ගෑම සඳහා අවශ්‍ය රුපියල් 800 ක්‌ ලබා ගැනීමට පොල්ගෙඩි හොරකම් කළ බව කියන හොරණ අරමනාගොල්ල ප්‍රදේශයේ ශිෂ්‍යාවකට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණ පවත්වා තමන් වෙත වාර්තාවක්‌ ලබාදෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අධ්‍යාපන හා අධිකරණ ඇමැතිවරුන්ට නියෝග කර ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (7 වැනිදා) පැවැති ඇමැති මණ්‌ඩල රැස්‌වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.
මෙවැනි සිද්ධීන් දෙස වගකිවයුත්තන් සානුකම්පිතව නොබැලීම ගැන තමන් දැඩි ලෙස කනගාටුවට පත්වන බවත් මේවා පහළ මට්‌ටමින් නිරාකරණය නොකර අධිකරණය තෙක්‌ ගෙනයැම සුදුසු නොවන බවත් ජනාධිපති ප්‍රකාශ කර ඇත.

මගේ අගමැතිකමට පත්වෙන්න බලාගෙන හත් අට දෙනෙක්ම ඉන්නවා - Prime Minister D. M. Jayaratne

දැන් කොහොමද ඔබගෙ අසනීප තත්ත්වය ?

දැන් බොහෝ දුරට සුවයි. ඒත් සම්පූර්ණයෙන්ම සුවය ලැබිමට නම් තවත් එක ශල්‍යකර්මයක් සිදුකිරීමට තිබෙනවා. ඒ ශල්‍යකර්මයත් ඉතා ඉක්මනින්ම සිදුකර ගැනීමටයි බලා‍පොරොත්තු වන්නේ.

ඔබට මොකක්ද ඇතිවූ අසනීපය.?

මගේ එක කනකයි මේ අසනීපය ඇතිවුණේ. හැබැයි ඒ කනේ අමාරුව නිසා මට ආහාර ගැනීමට අපහසු වුණා. කොහොම හරි මාස 6යි දවස් එකොළහක් යනතුරුම ජීවත් වුණේ කිසිම කෑමක් නොකා එන්නත් මාර්ගයෙන් ලබා ගන්නා ආහාර වලින්.

S B Dissanayake ට ජනතාව උත්තර දෙයි - හෙළ උරුමය

මුස්ලිම්වරුන්ට කරදර කරන සිංහල බෞද්ධයින්ගේ අඬු කඩන බවට පසුගිය දිනක අමාත්‍ය එස්.බී. දිසානායක මහතා මහනුවර ප‍්‍රදේශයේ රැස්වීමක් අමතමින් තර්ජන ගර්ජන කළ ආකාරය දැඩි ලෙස හෙළා දකින බව ජාතික හෙළ උරුමය පවසයි.
එම පක්ෂයේ ජාතික සංවිධායක නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මෙලෙස සදහන් වෙයි.

‘සිංහල බෞද්ධයින්ගේ අඩු කඩන්න මරා දමන්න විනාශ කරන්න මින් පෙර කටයුතු කළේ කොටි ත‍්‍රස්තවාදීන්ය. දැන් එම කටයුත්තට එස්.බී. සූදානම් බව ප‍්‍රකාශ කර ඇත. සිංහලයින්ගේ අනුකම්පාව හා සහජීවනය දඩමීමා කරගෙන සිංහල බෞද්ධයින්ට ගරහන පිරිසක් බිහිවී ඇත. සිංහලයින්ගේ අවිහිංසාව නිවටකමක් යැයි ඇතැමෙක් සිතනවා ඇත.

අල්ලපු වත්තේ පොල් ඇහිලූ 13 දැරිය අත්අඩංගුවට

පාසල් ගොඩනැගිල්ලේ තීන්ත ගෑමට රුපියල් 800ක් සොයා ගන්නට තරම් වත්කමක් නොතිබූ දහතුන් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක රුපියල් පනස්දහසක ශරීර ඇපයක් මත මුදාහැරුණු පුවතක්, හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තා විය.
පාසල් දැරිය එසේ ශරීර ඇප මත මුදාහැරියේ පාසලේ තීන්ත ගෑමට මුදල් සොයා ගන්නට පොල් ගෙඩි අටක් සොරකම් කිරීම හේතුවෙනි. මේ දැරිය නිවෙස අසල අරමණාගොල්ල පදිංචි කේ.පී. චන්ද්‍රසේන නමැත්තකුට අයත් වත්තෙන් පොල් ගෙඩි අටක් සොරා ගත්තේ යැයි කළ පැමිණිල්ලක් මත හොරණ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඉහත සඳහන් ශරීර ඇපය මත දැරිය මුදාහරින ලෙස හොරණ වැඩ බලන මහෙස්ත්‍රාත් මානෙල් ගුණතිලක මහත්මිය නියෝග කළාය.

ඉරාන ජනාධිපතිට ඊජිප්තුවේදී සපත්තු ප්‍රහාරයක්

ඉරාන ජනාධිපති මොහොමඩ් අහමඩිනේජාඩ් වෙත ඊජිප්තුවේදී සපත්තුවකින් දමා ගැසීමට උත්සහ කළ පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනේ.ඊජිප්තුවේ නිල සංචාරයකට පැමිණි ඉරාන ජනාධිපතිවරයා කයිරෝ නුවර පිහිටි දේවස්ථානයක් නරඹමින් සිටියදී මෙම සපත්තු ප්‍රහාරය එල්ල වී තිබේ.
ජනතා අතර සිටි පුද්ගලයෙක් “බියගුල්ලා“ යනුවෙන් කෑ ගසමින් සිය සපත්තුවෙන් ඉරාන ජනාධිපති වරයාට දමා ගසා ඇති නමුත් ඔහුට පහරදීමට අවස්ථාව නොලැබුන බව විදෙස් වාර්තා කියයි.ආරක්ෂක අංශ විසින මෙම පුද්ගලයා ඉවත් කරලෙන ඇති අතර ඔහුගේ භාෂා උච්චාරණයෙන් ඔහු සිරියාන් ජාතිකයෙකු විය හැකි බවට අනුමාන කෙරේ.

ජපුර සිසුවාගේ සිරුර පානදුර පාලම යට

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍යයකු අභිරහස්‌ ලෙස පානදුර දුම්රිය පාලම යට මියගොස්‌ සිටියදී ඊයේ (06 වැනිදා) දහවල් පානදුර පොලිසියට මළ සිරුර හමුවී ඇත.මියගිය ශිෂ්‍යයා, නො 42/2, අක්‌කර 80, කහවත්ත ලිපිනයේ පදිංචි ලලිත් ගුණරත්න නමැති විසිහය හැවිරිදි අයෙකු බව පොලිසිය පවසයි.

පවුලේ එකම දරුවා වන මෙම ශිෂ්‍යයා මහරගම ප්‍රදේශයේ කුලී නිවසක සිට විශ්වවිද්‍යාලයට ගොස්‌ ඇති අතර ඔහුගේ අධ්‍යාපන කටයුතුවලට අමතරව නිවෙස්‌වලට ගොස්‌ පෞද්ගලික උපකාර පන්ති පවත්වා ඇති බවටද පොලීසියට තොරතුරු ලැබී ඇත.ශිෂ්‍යයාගේ කලිසම් සාක්‌කුවේ තිබී මහරගම ඇඟලුම් ආයතනයක මැෂින් ඔපරේටර්වරයකු වශයෙන් සේවය කරන බවට සඳහන් හැඳුනුම්පතක්‌ පොලිසියට හමුවී ඇත.

පෙබරවාරියේ ග්‍රහ යුද්ධ පහයි විපත් වැඩි කාලයක්

පෙබරවාරි මාසය ඇතුළත ග්‍රහ ගැටුම් (යුද්ධ) පහක්ම වරින් වර ඇතිවේ. කුජ - බුධ නැප්චූන්, කුජ - බුධ, සිකුරු සමඟ නැප්චූන් අතර හටගන්නා ප්‍රබල ග්‍රහ ගැටුම්වලින් තුනකින්ම ජය අත්වන්නේ නැප්චූන්ටය. පෙබරවාරි 5දා අඟහරුවාදා පෙරවරු 2.28ට කුජ පරදවා නැප්චූන් ජය ගැනීමෙන් ලවණකාරකීය මුහුදු කුණාටු හා සාගර අභ්‍යන්තරික වූ භූ චලන ඇතිවේ. කුජ පරාජය වීම හරහා රට තුළ හිටි හැටියේම අපරාධ රැල්ලක් ඉහළ යයි. මිනිස් ඝාතනවලට මුල පෑදේ. පෙබරවාරි 7 වැනි බ්‍රහස්පතින්දා බුධ නැප්චූන් යුද්ධයෙන් නැවැතත් නැප්චූන් ජය ලබයි. බුද්ධිකාරක බුධ පරාජයෙන් රටේ මුල් පෙළේ සිටින මහා මතධාරියකුට අපල තත්ත්වයක් ඇතිවේ.

8 වැනි සිකුරාදා රාත්‍රි 11.29ට කුජ බුධ යුද්ධයෙන් කුජ ජයග්‍රහණය කරයි. මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයන්ට මෙය එතරම් සුබදායක නොවේ. තවද 8,9,10,11,12 ආශි්‍රත දිනවල මාරක අනතුරු වාහන ප්‍රපාතවලට පෙරළීම් විදුලි කාන්දුවීම් ආදිය විපත් දේපළවලට හානි වීම් සිදුවේ.

Gossip Lanka Hot News Previous News Archive