මාලේ නුවර සිට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොල වෙත ගොස්, යලි කටුනායක බලා එමින් සිටි 'ශ්‍රී ලංකන්' ගුවන් සේවයට අයත් UL114 ගුවන් යානය මත්තල ගුවනේ දී ඊයේ (25) අනතුරකට ලක් ව තිබේ.ඊට හේතුවී ඇත්තේ, එම යානය යළි ගුවන් ගතකිරීමෙන් පසු කුරුල්ලන් රංචුවක් යානයේ නියමු කුටියට ඉදිරියෙන් ඇති වීදුරුවේ (Windscreen) හැපී තිබීමයි.
ඒ හේතුවෙන් එම වීදුරුවේ ඉරිතැලී ගොස් තිබී ඇති නමුත්, එය පිපිරීමකට ලක්ව නොමැති බව වාර්තාවේ.
මෙම අනතුරින් පසුව යානය විනාඩි 10 ක් ඇතුළත කටුනායක ගුවන් තොටුපළට රැගෙන ඒමට ජ්‍යෙෂ්ඨ නියමුවෙකු වූ එම යානයේ නියමුවා සමත්ව ඇති අතර, තවත් විනාඩි 20 ක කාලයක් අඩි 3000 ක ඉහළ අහසේ එම යානය ගමන් කලේ නම් එම වීදුරුව කැඩීයාමට ඉඩතිබූ බව පැවසේ.එසේ වූයේනම්, ගුවන් නියමුවා ගුවන් යානයෙන් පිටතට යැදී යාමේ අවධානමක් තිබු බව 'ලංකා නිවුස්' වෙබ් අඩවිය වාර්තා කර තිබේ.


.jpg)




