මත්තල ගුවනේදී ගුවන් යානයකට කුරුළු රංචුවක් අනියි

මාලේ නුවර සිට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොල වෙත ගොස්, යලි කටුනායක බලා එමින් සිටි 'ශ්‍රී ලංකන්' ගුවන් සේවයට අයත් UL114 ගුවන් යානය මත්තල ගුවනේ දී ඊයේ (25) අනතුරකට ලක් ව තිබේ.ඊට හේතුවී ඇත්තේ, එම යානය යළි ගුවන් ගතකිරීමෙන් පසු කුරුල්ලන් රංචුවක් යානයේ නියමු කුටියට ඉදිරියෙන් ඇති වීදුරුවේ (Windscreen) හැපී තිබීමයි.

ඒ හේතුවෙන් එම වීදුරුවේ ඉරිතැලී ගොස් තිබී ඇති නමුත්, එය පිපිරීමකට ලක්ව නොමැති බව වාර්තාවේ.

මෙම අනතුරින් පසුව යානය විනාඩි 10 ක් ඇතුළත කටුනායක ගුවන් තොටුපළට රැගෙන ඒමට ජ්‍යෙෂ්ඨ නියමුවෙකු වූ එම යානයේ නියමුවා සමත්ව ඇති අතර, තවත් විනාඩි 20 ක කාලයක් අඩි 3000 ක ඉහළ අහසේ එම යානය ගමන් කලේ නම් එම වීදුරුව කැඩීයාමට ඉඩතිබූ බව පැවසේ.එසේ වූයේනම්, ගුවන් නියමුවා ගුවන් යානයෙන් පිටතට යැදී යාමේ අවධානමක් තිබු බව 'ලංකා නිවුස්' වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

විදුලිය විසන්ධි වීම ගැන ක‍්‍රිකට් ආයතනය සමාව ඉල්ලයි

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති පළමු එක්දින තරගයේ දී සිදු වූ විදුලිය විසන්ධි වීම සම්බන්ධයෙන් තරගය නැරඹූ සියලූ පේ‍්‍රක්ෂකයන්ට සිදු වූ අපහසුතාව පිළිබඳ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සමාව ඉල්ලා සිටින බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එසේ ම එම විදුලිය විසන්ධි වූයේ කී‍්‍රඩංගණයේ පැවැති විදුලි උත්පාදන යන්ත‍්‍රයෙහි සිදු වූ කාර්මික දෝෂයකින් බවත් ඔවුහු එම නිවේදනයෙහි පෙන්වා දෙති.

ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් දුන් බංග්ලාදේශඉනීමේ 41 වැනි පන්දුවාරයේ දී එක් විදුලි කණුවක විදුලිය විසන්ධි විය.බංග්ලාදේශ කණ්ඩායමේ ඉනීම නිමා වීමටත් පසු සූරියවැව ක‍්‍රීඩාංගණයේ බටහිර කුලූනු දෙකක විදුලිය විසන්ධි විය.මේ හේතුවෙන් සමස්තතරගයම විනාඩි 99ක් පමණ ප‍්‍රමාද විය.

ඉන්දීය දෙමළ නළු කමල්හසන්, රැජිනි කානාත්, විජෙයි ලංකාවට එරෙහි උපවාසයක්

රජිනිකාන්ත්, කමල් හසන් සහ විජෙයි ඇතුළු සුප‍්‍රකට දකුණු ඉන්දීය දෙමළ නළු නිළියන් පිරිසක් ශ‍්‍රී ලංකා රජයට විරෝධය පළ කරමින් උපවාසයක නිරත වීමට තීරණය කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ඒ අනුව ලබන අපේ‍්‍රල් මස දෙවනදා චෙන්නායිසීදී මෙම උපවාසය ආරම්භ කිරීමට නියමිත අතර දකුණු ඉන්දීය චිත‍්‍රපට අධ්‍යක්ෂවරුන් කිහිපදෙනෙකුද සහභාගී වන බව සඳහන්ය. ඊට සහාය පල කිරීමට තමිල්නාඩු ශිෂ්‍ය සංගම් කිහිපයක්ද තීරණය කර ඇති අතර ශ‍්‍රී ලංකාවේ සිදු වූ බව කියන යුද අපරාධවලට විරෝධය පළ කරමින් තමිල්නාඩුවේ ශිෂ්‍ය සංගම් පසුගිය සති කිහිපයේද විරෝධතාවක නිරත විය.
ටයිම්ස් ඔෆ් ඉන්ඩියා' පුවත්පත පවසන්නේ තමිල්නාඩු දේශපාලන පක්ෂවල හැසිරීම ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ හැසිරීම අමෙරිකානු ක්‍රියාකාරකම් හා එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ප්‍රශ්නයේදී හැසිරෙන ආකාරය පිළිබඳ තමිල්නාඩු ශිෂ්‍ය සංවිධානවලට ඉතා හොඳ අවබෝධයක් තිබෙන බවත් දෙමළ ජනතාවගේ නියම සතුරන් හා නියම මිතුරන් කවුද යන්න ශිෂ්‍ය සංවිධාන ඉතා හොඳින් අවබෝධ කරගෙන ඇති බවත්ය.

මෝල්ගසකින් ගසා මව මැරූ අමන පුතා සැඟවී සිටියදී අල්ලයි

ගම්මිරිස්ගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි අසූ හැවිරිදි වයෝවෘද්ධ මවක් මෝල්ගසකින් පහර දී මරා දැමූ බවට සැකපිට ඇගේ පුත්‍රයා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මඟින් 23 වැනිදා සවස අත්අඩංගුවට ගෙන ඇත.පහරදීමෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ 80 හැවිරිදි කුඩාකුඹුක්ගොල්ලෑව ගම්මිරිස්ගස්වැව අනුරාධපුර පදිංචි කපුවාගේ සිරියාවතී නමැත්තියයි. සිද්ධියට සැකපිට එම නිවෙසේම පදිංචිව සිටින 43 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇත.

මවත්, පුතාත් අතර 21 වැනිදා රාත්‍රියේ යම් ආරවුලක් ඇතිවී මෙම පහරදීම සිදුකර ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි. අනුරාධපුර මූලස්ථාන පොලිසියට ලැබුණු හදිසි ඇමැතුමකට (119) අනුව අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ගම්මිරිස්ගස්වැව ප්‍රදේශයට ගොස් නිවෙසේ කාමරයක මියගොස් සිටි කාන්තාවගේ සිරුර සොයාගෙන ඇත.මෝල්ගසින් පහරදීම නිසා කාන්තාවගේ හිසට බරපතළ හානි සිදුවී තිබූ බවත්, පහරදුන් මෝල්ගස නිවෙසේ බිත්තියක් මත හේත්තු කර තිබියදී සොයාගත් බවත් පොලිසිය පවසයි. පහරදුන් බව කියන සැකකාර පුද්ගලයාත්, මවත් වසර ගණනාවක් තිස්සේ මෙම නිවෙසේ ජීවත්ව ඇති අතර සැකකරු මානසික ආබාධයකින් පෙළීම නිසා රෝහල්ගතව ප්‍රතිකාර ලබාගත් අයකු බවද පොලිසිය අනාවරණය කරගෙන ඇත.

පහළොවට අඩු නම් මැරතන් තහනම්

වයස අවුරුදු පහළොවට අඩු දරුවන් සඳහා මැරතන් ධාවන තරඟ හෝ ගම හරහා දිවීමේ තරඟ හෝ සංවිධාන කිරීම තහනම් බවත්, එබඳු තරඟ සඳහා වයස අවුරුදු පහළොවට අඩු දරුවන් ඉදිරිපත් වීම ද තහනම් බවත් ක්‍රීඩා වෛද්‍ය ආයතනය කියා සිටී.මෙබඳු ධාවන තරඟ සඳහා සහභාගී වූ දරුවන් හිටිහැටියේ මරණයට පත්වීම ගැන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දැඩි අවධානය යොමු වී ඇති අතර ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා වෛද්‍ය ආයතනයට ද උපදෙස් ලබාදී ඇත. එම උපදේශන ද සැලැකිල්ලට ගනිමින් මේ තීන්දුව ගත් බව ක්‍රීඩා වෛද්‍ය ආයතනය තවදුරටත් පෙන්වා දෙයි.

ක්‍රීඩාවේ යෙදීමේදී විවිධ රෝගාබාධ මතුවී සිදුවන ජීවිත හානි වළක්වා ගැනීමේ මූලික පියවරක් ලෙස එම තීරණය ගත් බව ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.
එමෙන්ම මීටර් 3000, මීටර් 5000 ගම හරහා දිවීම, අර්ධ මැරතන් හා පා පැදි තරඟවලට ළමුන් සහභාගී කරවීමට පෙර වෛද්‍ය පරීක්ෂණයක් අනිවාර්ය වන අතර ශාරීරික යෝග්‍යතා සහතිකයක් ලබා තිබිය යුතු වේ.මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් රට පුරා සියලු පාසල්වලට චක්‍ර ලේඛයක් යවා ඇතැයි සඳහන් කළ මහාචාර්යවරයා පැවැසුවේ එවැනි උපදෙස් පරිදි කටයුතු නොකරන සියලු නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය වී ඇති බවයි.

හඳෙ පස්‌ දැයට කිරුළ ප්‍රදර්ශනයේ - Stones from first moon landing at Deyata Kirula

ප්‍රථම වරට සඳ මත පා තැබූ ගගනගාමීන් දෙදෙනා විසින් පෘථිවියට රැගෙන ආ පාෂාණ කොටස්‌වලින් ශ්‍රී ලංකාවට ලැබුණු පාෂාණ අම්පාරේ දැයට කිරුළ භූමියේදී ප්‍රදර්ශනය කෙරේ.1969 දී නීල් ආම්ස්‌ට්‍රොන් සහ එඩ්වින් ඕල්ඩි්‍රන් දෙදෙනා විසින් පාෂාණ කිලෝ 25 ක්‌ සඳෙන් රැගෙන එන ලදී.

ඇමරිකානු ගගනගාමීන් විසින් ගෙන එන ලද පාෂාණ කොටස්‌ එවකට ඇමරිකානු ජනාධිපති රිචඩ් නික්‌සන් මහතා විසින් එක්‌සත් ජාතීන්ගේ රටවල් 136 කට සුළු වශයෙන් පරිත්‍යාග කළ අතර එහිදී ශ්‍රී ලංකාවට ද කොටසක්‌ ලැබිණි.දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශ විශේෂ ජංගම ප්‍රදර්ශන බස්‌ රථය තුළ මෙම පාෂාණ ප්‍රදර්ශනය කෙරේ.

සිරුර නිරාවරණය වන ආකාරයේ ඇඳුමක් ඇන්දොත් දඩ - දකුණු කොරියාව

සිරුර නිරවරණය වන ඇඳීම තහනම් කිරීමේ නව නීතියක් හඳුන්වා දීමට දකුණු කොරියාව තීරණය කර ඇතැයි වාර්තා වේ. මෙම නීති ය‍ටතේ දකුණු කොරියාවේ කතුන් අතර අති ජනපි‍්‍රය කෙටි සායවල් ද තහනම් වනු ඇතැයි පැවසේ. නව ජනාධිපතිනිය වන පාක් ගුන් හේ විසින් සිය පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේදී සම්මත වී ඇති මෙම යෝජනාව නුදුරු දින‍යකදී ම නීතිගත වනු ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ. අදාල නීතිය යටතේ සිරුර අනිසි ලෙස සිරුර නිරාවරණය වන ආකාරයේ ඇඳුමක් ඇඳ සිටින්නකුට වොන් 50,000 ක දඩ මුදලක් ගෙවීමට සිදුවේ.

 කෙසේවෙතත් මෙම නීතිය පළමු කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එයට එරෙහිව විරෝධතා රැසක් මතුවී ඇති අතර ඇතැමුන් පවසන්නේමෙය ඒකාධිකාරී පලානයකට මුලපිරීමක් විය හැකි බවයි. කොරියාවේ ජනප‍්‍රියම තරු රැසක් මෙම නීතියට විරෝධය පාමින් සිය සිරුර නිරවරණයවී ඇති ඡායාරූප අන්තර්ජාලයට මුදා හැර තිබෙන බවද විදෙස් වාර්තා වල දැක්වේ.‍

ඉන්දියාවේ සිටින ලංකික සිසුන් අනතුරේ - 'රාවණා බලය' සංවිධානය

ශ්‍රී ලංකා රජයට එරෙහිව, තමිල්නාඩුව ආශ්‍රිතව දැනට මතුව ඇති විරෝධය හේතුවෙන් එරට අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන්ගේ මෙන්ම, භික්ෂූන්වහන්සේලාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටළුවක් මතුවී ඇති බවත්, ඒ පිළිබඳව බලධාරීන් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සිය සංවිධානය අවධානයෙන් පසුවන බවත් 'රාවණා බලය' සංවිධානය පවසයි.

එහි කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී තවදුරටත් කියා සිටියේ, එරට සිටින ශ‍්‍රී ලාංකික ශිෂ්‍යයින්ට ඉදිරියේදී ප‍්‍රහාරවලට ලක්වීමේ අවදානමක මතුව ඇති බවයි. එසේම, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්

Gossip Lanka Hot News Previous News Archive