රුපියල් බිලියන 10 කට වැඩි වටිනා කමින් යුත් බ්‍රවුන් ශුගර් වර්ගයේ හෙරොයින් කිලෝ ග්‍රෑම් 175 කට අධික මත් ද්‍රව්‍ය තොගයක් අද ඔරුගොඩවත්ත රේගු පර්යන්තයේදී ශ්‍රී ලංකා රේගුවේ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබූ අතර මෙම හෙරොයින් තොගය මෙරටට ගෙන්වීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් පකිස්තානු ජාතිකයෙක් සහ ලාංකිකයින් තිදෙනෙක් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම හෙරොයින් තොගය මෙතෙක් ආසියානු කලාපයේදී අත් අඩංගුවට ගත් විශාලතම මත් ද්‍රව්‍ය තොගය වන අතර මිට පෙර බංගලාදේශයේදී එරට ආරක්ෂක අංශ හෙරොයින් කිලෝ ග්‍රෑම් 100ක ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන තිබිණි.
පකිස්ථානයේ කරච්චි නුවර සිට "ශා" ඉන්ද්‍රස්ට්‍රිස් නමැති සමාගමක් යටතේ මෙම හෙරොයින් තොගය සහිත කන්ටේනරය ගේනවා ඇත. එතුල තුල තිබී මෙම මත් ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගැනුණි. වාහන වලට යොදන ග්‍රීස් සහ හාඩ්වෙයා උපකරණ ගෙන්වන බව පවසා මෙම කන්ටේනරය මෙරටට ගෙනවිත් ඇති අතර එහිදී කන්ටේනරයේ අඩංගුව තිබුණු ග්‍රීස් ටින් වල ග්‍රීස් ඉවත්කර පොලිතින්වල ඔතන ලද හෙරොයින් සගවා තිබේ.







