ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල අන්තර්ජාලයට

මේ වසරේ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල මේ වනවිට අන්තර්ජාලයට එක් කර තිබෙනවා. 

ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් ඩොනෙට්ස් ඩොට් එල් කේ www.doenets.lk යන විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පිවිසීමෙන් 5 ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල අන්තර්ජාලය හරහා බලාගැනීමට හැකියාව පවතිනවා. 

කොළඹ සහ ශ‍්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන කලාපයේ ප‍්‍රතිඵල විදුහල්පතිවරුන්ට පැමිණ ලබා ගැනීමට හැකි බවත්, අනෙකුත් ප‍්‍රතිඵල තැපෑලට යොමු කරන බවත්, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ගිනි නැතිවත් දුම් නඟිනවා - ෂෙරිල්

ෂෙරිල්-රුවන් ඩිවෝස් වෙන්න යනවා කියලා ආයෙමත් කතාවක් පැතිරිලා. ඒකෙ ඇත්ත නැත්ත අහන වෙලාවේ රුවන් හිටියේත් ෂෙරිල් එක්කමයි දෙන්නත් එක්ක වාහනේ යන ගමන් ‘සිනෙ ගැලරිය’ටත් ගොඩවෙන්න එයාලට ඉස්පාසුවක් තිබුණා.

මොකද මේ දවස්වල සද්දයක් නැත්තේ? රඟපෑම එපා වෙලාද? 

අපෝ නෑ. සමහරු එහෙම හිතන් ඉන්නවා ඇති. ඒත් රඟපෑමෙන් අයින් වෙන්න කිසිම අදහසක් නෑ.

ඒත් මේ දවස්වල ඔයා ටෙලි නාට්‍යයක දකින්නවත් නෑනේ?

ඔව්. ඒ මං අලුත් වැඩක් භාර ගත්තේ නැති නිසානෙ.

ඒ කියන්නේ දැන් ඔයාට අලුත් ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙන්නේ නැති නිසාමද? 

ආරාධනා නම් ඕනවටත් වඩා ලැබෙනවා. ඒ වුණත් මට හිතගිය චරිතයක් ලැබුණෙ නෑ.

හිතගිය චරිත මොනවද ඔයාට? 

අමා වගේ චරිත.

ලෝකයේ මිල වැඩිම මෝටර් රථය Maybach Exelero

Forbes නමැති ජාත්‍යන්තර ව්‍යාපාර සඟරාව කියන හැටියට ලෝකයේ ධනවත්ම Rap ගායකයා ඇමරිකානුවකු වන බ්‍රයන් විලියම්ස්‌ය. වසර 2011 දී ඔහුගේ ශුද්ධ වටිනාකම ඩොලර් දශලක්‍ෂ 110 කි.
ලංකාවේ මුදලින් රුපියල් 15070000000 කි.

ඉහත සඳහන් ගණන කියෑවීමට අප මහන්සිය විය යුතු නැත. ඉහත මිල ගළපා ඇත්තේ ඉකුත් බදාදා (25දා) ඩොලරයේ රුපියලේ අගය සමඟ සංසන්දනය කිරීමෙන් පසුය. කෙසේ වුවද අප වටහා ගත යුත්තේ ලංකාව වැනි තුන්වන ලෝකයේ රටක ජීවත්වන සියලුම ගායකයන් සහ සංගීතකරුවන්ගේ වත්කම්වල සමස්‌ත අගය එකතු කළද බ්‍රයන් විලියම්ස්‌ගේ වත්කම්වල වටිනාකමින් 10% ක්‌ නොඉපැදෙන බවය.

අද බ්‍රයන්ගේ වයස අවුරුදු 44 කි. වයස අවුරුදු 50 වන විට ආසියාවේ සිටින සංගීතඥයන් සියලු දෙනාගේ අගය ඉක්‌මවන මූල්‍ය වටිනාකමක්‌ බ්‍රයන්ට හිමිවනු ඇතැයි විශ්වාස කෙරේ.

කෙසේ වුවද, බ්‍රයන් විලියම්ස්‌ ඉතිහාසයට එක්‌වන්නේ ඔහුගේ ධනය නිසා නොව වසර 2011 දී Maybach Exelero නමැති මෝටර් රථය මිලට ගැනීමත් සමඟය. ඔහු මිලට ගත් Maybach මොඩලයේ මිල ඩොලර් දශ ලක්‍ෂ 80 කි.

ලිංගික හයිය වැඩි කරගන්න පෙති ගහන පාසල් සිසුන්

පාසල් සිසුන් ලිංගික උත්තේජන ලබා ගන්නා ප්‍රමාණය පසුගිය කාලයේදී සීඝ්‍ර ලෙස ඉහල ගොස් ඇතැයි ජාතික ඖෂධ අධිකාරිය සිදු කළ සමීක්ෂණවලින් අනාවරණයවී තිබේ.
මෙරට ලිංගික බෙලහීනතාවලින් පෙළෙන ප්‍රමාණය 5%ක් වුවද ලිංගික උත්තේජන ලබා ගන්නා ප්‍රමාණය 85%ක් බවද පැවසේ.
පාසල් සිසුන් අතරේ වඩාත්ම ව්‍යාප්ත ලිංගික උත්තේජන පෙත්ත බවට පත්ව ඇත්තේ 'සිල්ඩෙනෆිල්' (sildenafil) නැමැති පෙත්තය.

එය ඖෂධ වෙළෙද සැලකින් පෙත්තක් රුපියල් 100 ක පමණ අඩු මිලකට ලබා ගැනීමට හැකි බැවින් මෙය පාසල් සිසුන් අතර ජනප්‍රිය බව පැවසේ. මෙම පෙතිවර්ගය වසරකට මිලියනක් පමණ මෙරටට ගෙන්නවන බවද වාර්තා වේ. අදාල පෙත්ත වෛද්‍ය වට්ටෝරුවකින් තොරව ලබා ගැනීමට නොහැකි බවද පැවසේ.

ලෝක රූ රැජිණ පිලිපීනයේ මේගන් යංග් Miss Philippines wins Miss World

වසර 2013 ලෝක රූ රැජිණ ලෙස පිලිපීනයේ මේගන් යංග් කිරුළු පැළඳුවා ය.
ලෝක රූ රැජිණ තේරීමේ තරගය ඉන්දුනීසියාවේ බාලි දිවයිනේදී ඊයේ (28) උත්කර්ෂවත් ව පැවැත් විණි.

මෙය ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද විරෝධතා හේතුවෙන් එය බාලි නුවර වෙත රැගෙන යාමට සංවිධායකයින්ට සිදු විය.

එහි දෙවැනි ස්ථාන හිමිවූයේ ප්‍රංශයේ මරීන් ලොර්පෙහෙලින් (Marine Lorphelin) හට හා තෙවැනි ස්ථානය ගානාවේ කරන්සාරා නා ඔක්ලි (Carranzar Naa Okailey) හටය. 

මෙවර ලෝක රූ රැජිණ කිරුළ දිනා ගැනීමට සමත් වූ මේගන් යංග් මේවන විට 23 වැනි වියේ පසු වේ. ඇය මෙම කිරුළට හිමිකම් කීමේ තරගකාරියන් 126 දෙනෙකු අභිබවමිනි.

මෙවර කිරුළ දිනා ගත් පිලිපීනයේ මේගන් උපත ලබා ඇත්තේ, අමෙරිකාවේදී ය.ඉන්දියාව නියෝජනය කරමින් මේ තරගයට ඉදිරිපත් වූ නවනීත් කවුර් ඩිලොන් (Navneet Kaur Dhillon) අවසන් දසදෙනා අතරටද පැමිණීමට අපොහොසත්වීමද විශේෂ සිද්ධියකි.
කවුර් මෙවර අවසන් 10 දෙනා අතරට හෝ පැමිණෙනු ඇතැයි ඉන්දීයාව වැඩි බලාපොරොත්තු තබා තිබූ බව විදෙස් වාර්තාවල දැක්වේ.

කම්කටොලු මැද ආ ජීවන ගමන ගැන දයාසිරි රහස් රැසක් හෙළි කරයි

ගිය සති අන්තයේ පැවැති පළාත් සභා ඡන්දයේදී මුළු රටේම අවධානය දිනාගත් ජනප්‍රියම චරිතය වූයේ දයාසිරි ජයසේකරය. 

එජාපය හැර පියා යළිඳු වරක් ශ්‍රීලනිපයට පැමිණ වයඹ පළාත් සභාවට තරග කළ ඔහු ඉන් ජයග්‍රහණය කළේ පළාත් සභා මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාපලාභියා බවට පත්වෙමිනි. 

නීතිඥයකු, ගායකයකු, නර්තන ශිල්පියකු, මෝස්තර නිරූපණ ශිල්පියකු මෙන්ම නළුවකු ලෙස විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දස්කම් දක්වන දයාසිරි ජයසේකර සිය දිවි ගමනේ විශේෂ මතක සටහන් හෙළි කළේ මෙසේය. 

ලක්ෂ තුනකට වැඩි මනාප ගණනක් ලැබේවි කියලා ඔබ හිතුවද? 

අපි ගණන් හැදුවේ මනාප දෙලක්ෂ අසූ දහසක් පමණ ලැබේවි කියලා.සෑම ආසනයකින් ලැබෙන මනාප උපකල්පනය කරලා තමයි අප දෙලක්ෂ අසූ දහසේ ඉලක්කයට ගියේ. නමුත් මනාප තුන් ලක්ෂයක් ලැබේවි කියලා නම් හිතුණේ නෑ.

ලයනල් මෙසීට ස්පාඤ්ඤ රජයට බදු වංචා කිරීමේ චෝදනා

ස්පාඤ්ඤ රජයට බදු වංචා කිරීමේ චෝදනා ලබාසිටින සුප්‍රකට සම්මානනීය පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී හා ඔහුගේ පියා ඊයේ (27) අධිකරණය හමුවට පැමිණ තිබේ. 
වසර 2007-2009 කාලය තුළදී ස්පාඤ්ඤ රජයට යූරෝ මිලියන 4ක පමණ ප්‍රමාණයක් වංචා කර ඇතැයි මේ වන විට මෙසී හා ඔහුගේ පියා ට චෝදනා එල්ලවී තිබෙන බව විදෙස් වාර්තා වල දැක්වේ. 
නඩුවිභාගයෙන් පසුව මෙසී හෝ ඔහුගේ පියා ප්‍රකාශයක් සිදුකර නොමැති නමුත්, ඔවුන්ගේ නීතිඥවරයා පවසා ඇත්තේ බදු වංචා කිරීමට කිසිඳු අදහසක් නොමැති බවත්, මේ සම්බන්ධයෙන් බදු බලධාරීන් සමග විසඳුමකට එළැඹීමට කැමැත්ත පිළිබඳවත් සිය සේවාදායකයන් දෙදෙනා අධිකරණය හමුවේ ප්‍රකාශ කළ බවයි.
 මේ වන විටත් ඔවුන් දෙදෙනා යුරෝ මිලියන 5කට අධික ‘නිවැරදිකරන ගෙවීමක්’ සිදුකර තිබේ. පසුගිය අගෝස්තු මාසයේදී පෙත්සමක් ඉදිරිපත් කරමින් මෙසී ගේ පියා විනිසුරුවරයා වෙත දන්වා සිටියේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් තමා සම්පූර්ණ වගකීම භාරගන්නා බවයි. 

එජාප නායක සහ ජනාධිපති අපේක්‍ෂක වෙන්නම් මහ ඇමති බෑ – සජිත්

තමාගේ බලාපොරොත්තුව දකුණේ මහ ඇමති ධුරයට ඉදිරිපත්වීම නොව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම බව එක්සත් ජාතික පක්‍ෂ හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි. 

ඒ මහතා පෙන්වා දෙන්නේ පක්‍ෂය තීරණය කරන්නේ නම් එජාප නායකත්වයට සහ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත්වීමට තමන් සූදානම් බවයි. 

ජනතාව බලාපොරොත්තු වන්නේ ජනාධිපතිවරණයකදී තමන් ජනාධිපති අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම යයිද පවසන ඒ මහතා තමන් රට වටේ යන විට ජනතාව ඉල්ලන්නේ එයම යයි තේරුම් යන බවද කීවේය.

Gossip Lanka Hot News Previous News Archive