මට ගොඩක් සමලිංගික මිතුරන් ඉන්නවා - Jacqueline Fernandez

බොලිවුඩ්පුරයේ සිය අණසක පතුරුවන් සිටින ශ්‍රී ලාංකීය රූ රැජින ජැකලීන් ෆර්ඩිනැන්ඩ්ස් පහුගිය දවසක ඉන්දීයානු වෙබ් අඩවියකට තරමක්,මතභේදාත්මක අකාරයේ සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබුණා. 

ටයිම්ස් ඔෆ් ඉන්ඩියා හට ඇය පවසා තිබුණේ තමා විවාහ වී හෝ නොවී ළමයෙකු ලැබීමට ආසාවෙන් පසුවන බවයි.දික්කසාදය වැඩිපුර සිදුවන පරිසරයක දැන් ජීවත් වීමට සිදුව ඇති නිසා විවාහ පිළිබද පැහැදිලි ආකල්පයක් ඇය තුළ නැති බවටයි ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ.

මේ වන විට තමන්ගේ මවත් පියාත් විවාහ වී වසර තිහක් පමණ කාලයක් සතුටින් ජීවත් වන අයුරින් තමාත් ජීවත් වීමට කැමති බවත් විවාහ වී හෝ නොවී ළමයෙකු නම් හදන බවටයි ඇය තරයේ ප්‍රකාශ කර තිබුණේ.

කාන්තාවක් කෙරෙහි ඇය තුළ කුමන අයුරකින් හෝ ඇල්මක් ඇතී වි ඇත්ද යන වග ඇගෙන් විමසා සිටිය විට ඇය එකහෙළාම පවසා සිටිවේ දැනටනම් නැත යන්නයි.ප්‍රශ්ණය ඇසු සැනින්ම එවැන්නක් පැවසු ඇය නැවතත් එම ප්‍රශ්ණයට මේ අයුරින්ද පිළිතුරු ලබා දී තිබුණා. 

තිලකරත්න ඩිල්ෂාන් ටෙස්ට් කි‍්‍රකට් පිටියෙන් සමුගනී

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් ටෙස්ට් කි‍්‍රකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. තමන්ගේ සමුගැනීම සම්බන්ධයෙන්  (10 වැනිදා) ඩිල්ෂාන් විශේෂ ප‍්‍රකාශයක් කරන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කරයි. 

කෙසේ වෙතත් එක්දින සීමිත ඕවර සහ විස්සයි/20 කි‍්‍රකට් තරග සඳහා තවදුරටත් කී‍්‍රඩා කිරීමට ඩිල්ෂාන් සූදානමින් සිටී. මේ වන විට 36 හැවිරිදි තිලකරත්න ඩිල්ෂාන් ශී‍්‍ර ලංකා කණ්ඩාමේ හිටපු නායකයකුද වන අතර ශී‍්‍ර ලංකා කණ්ඩායමක් දකුණු අපි‍්‍රකාවේදී ලබාගත් එකම ටෙස්ට් ජයග‍්‍රහණයේදී ශී‍්‍ර ලංකා පිල මෙහෙයවූයේද ඩිල්ෂාන් විසිනි. 

ටෙස්ට් තරග 87 කදී ලකුණු 5492 ක් ලබා සිටින ඩිල්ෂාන් ටෙස්ට් ශතක 16 ක හිමිකරුවෙකි. ”මා මේ තීරණය ගත්තේ ශී‍්‍ර ලංකාවේ සිටින නැගී එන කී‍්‍රඩකයන්ට අවස්ථාව දීමටයි” ”සිම්බාබ්වේ සංචාරයෙන් පස්සේ මගේ මෙම තීරණය ප‍්‍රකාශයට පත්කරන්නයි මම හිතාගෙන හිටියේ. 

රනිල් වික‍්‍රමසිංහ නායකත්වයෙන් ඉවත්වේන් නැ - මහලේකම් තිස්ස අත්තනායක

රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් නොවන බව පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා අවධාරණය කර සිටියි. 

'නෙත් එෆ්.එම්'. රේඩියෝවේ ඊයේ රාත‍්‍රියේ විකාශය වූ 'අන්ලිමිටඞ්' වැඩසටහනට සහභාගි වෙමින් ඒ බව පැවසු අත්තනායක මහතා, පක්ෂයේ ඉදිරි දේශපාලන ව්‍යාපාරය මුළුමනින්ම මෙහෙයවීමේ බලය හා වගකීම යෝජිත නායකත්ව මණ්ඩලයට පැවරෙන බවද සඳහන් කළේය. 

'' මෙතැනදී සිද්ධවෙන්නේ, පක්ෂයේ නායකයා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉවත්වීම නෙමෙයි, ඔහුට පැවරී ඇති කාර්යා භාරය හා වගකීම් මේ මණ්ඩලයට පැවරීම. එතකොට නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉන්නවා, නමුත් දේශපාලන ව්‍යාපාරය මුළුමනින්ම මෙහෙයවීමේ බලය තමයි මේ මණ්ඩලයට පැවරෙන්නේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ මණ්ඩලයේ නැහැ. 

ෆේස්බුක් වසංගතයක් මේක තහනම් කරන්න පුළුවන් - මහින්ද රාජපක්ෂ

''ෆේස්බුක් එක අපිට වසංගතයක්. දරුවන්ගේ වසංගතයක්. අපිට මේක තහනම් කරන්න පුළුවන්. ඒකට ක‍්‍රම තිබෙනවා. 

ෆේස්බුක් විශ්වාස කරන්න එපා'' යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසී ය. 

 ජනාධිපති මහින්ද රාජාපක්ෂ මහතා මේ අදහස ප්‍රකාශ කළේ පාණදුර, ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට ඊයේ (9) සවස එක්වෙමිනි. 

 රාජිතයන් ලෙස වසර තිහක්ම ජීවත් වූ යුගය නිමා කර ඇති අවස්ථාවේ මේ රටේ සෑම දරුවකුම සමත් දරුවකු ලෙස තමා ඉහළින්ම සළකන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කළේය. 

‘ඉගිල්ලෙන මාළුවෝ’ චිත‍්‍රපටයේ නිරුවතින් රඟපෑ බව ගයේෂා කියයි

තමන් ඉගිල්ලෙන මාළුවෝ චිත‍්‍රපටයේ නිරුවතින් රඟපෑ බව රංගන ශිල්පිනී ගයේෂා පෙරේරා පවසයි. 

සිරස රූපවාහිනියේ ‘රෙඞ් කාපට්’ වැඩසටහන හා එක්වෙමින් ඇය කිය සිටියේ වෘතිමය රංගන ශිල්පිනියක් ලෙස චරිත බාරගැනීමේ අවධානම හා ඒ චරිත වලට සාධාරණය ඉටු කිරීමේ අයිතිය ඇති බවත් රංගන ශිල්පිනියක් හැටියට චරිතය නිරුවත්ද ද නැද්ද නොවැදගත් බවත් චරිතයකට සාධාරණයක් ඉටු කරන්න හැකි නම් ඒ චරිතය බාරගැනීම සෑම රංගන ශිල්පිනියන් හා ශිල්පීන්ට ඇති වගකීමක් බවත්ය.

කොලොම්තොට සිංහයා තමයි මගේ තාත්තා - හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර

තමන් කොලොම්තොට සිංහයාගේ දුව බවත් තම ඇෙඟ් දුවන්නේ සිංහ ලේ බවත් හිටපු ජනාධිපති වෘත්තීය කටයුතු උපදේශක හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ දිවංගත භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය පවසයි. 

 ඇය මේ අදහස් පල කලේ ඊයේ කොලොන්නාවේදී පැවති ඒ මහතාගේ දෙවර්ෂ පූර්ණ ගුණ සැමරුම අමතමිනි. එහිදී හිරුණිකා මෙසේද කීවාය. “ඊයේ පෙරේදත් කට්ටිය ඇවිල්ලා කිව්වා ඇයි දැන් වැඩිය ටීවී එකේවත් පේන්න නැහැ. වැඩිය කතා කරන්නෙත් නැහැ. 

මොකද වෙලා තියෙන්නේ කියලා. නැහැ මේ වෙලාවේ මම පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ. මේ කොලොම්තොට හිටපු සිංහයා තමයි මගේ තාත්තා. ඒ සිංහයාගේ දුව තමයි මම.ඒ සිංහයාගේ ලේ තමයි මගේ ඇඟේ දුවන්නේ. හැබැයි සිංහයා එක පාරක් තමන්ගේ අඩිය පිටිපස්සට දාන්නේ දහපාරක් ඉස්සරට ගිහිල්ලා ප්‍රහාර එල්ල කරන්න.

ඇමති මෛත‍්‍රීපාල සිරිසේන සහ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ, සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මියද ගුණ සමරුව ඇමතූහ.


චැම්පියන්ස් ලීග් කුසලානය මුම්බායි ඉන්දියන්ස් පිලට

නවදිල්ලියේ ෆිරෝෂා කොට්ලා කී‍්‍රඩාංගණයේදී  (6 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී රාජස්තාන් රෝයල්ස් පිල පරදවා ලකුණු 33 ක පහසු ජයක් ලබාගත් මුම්බායි ඉන්දියන්ස් කී‍්‍රඩකයෝ 2013 වසරේ ශූරයන්ගේ කුසලාන දිනාගත්හ. 

චැම්පියන්ස් ලිග් කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන දෙක හමාරක් හෙවත් ශී‍්‍ර ලංකා මුදලින් රුපියල් කෝටි 32 කට වැඩි මුදලක සල්ලි මල්ලක්ද මුම්බායි ඉන්දියන්ස් පිලට හිමිවිය.අවසන් තරගයේදී පරාජය වූ රාජස්තාන් රෝයල්ස් පිලට ඇමරිකානු ඩොලර් මිලියන 1.3 ක් හෙවත් ශී‍්‍ර ලංකා මුදලින් රුපියල් කෝටි 16 කට වැඩි මුදලක් ත්‍යාග වශයෙන් පිරිනැමිණ. 

ඕවර 20 කදී ලකුණු 203 ක අසීරු ඉලක්කයක් හඹා ගිය රාජස්ථාන් රෝයල්ස් ඉනිම ලකුණු 169 කට සීමා කිරීමට මුම්බායි පන්දු යවන්නෝ සමත් වූහ. රාජස්ථාන් රෝයල්ස් පිල වෙනුවෙන් කී‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා පිතිකරු කුසල් ජනිත් පන්දු 4 කදී ලකුණු 8 ක් ලබාගත් නමුත් ඉතාමත් අපරික්‍ෂාකාරී ලෙසින්, නොතිබූ ලකුණක් සොයා දිවයාමේදී දැවී ගියේය. කුසල් නිකරුණේ තම කඩුල්ල පූජා කළද දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 67 කදී ලකුණු 109 ක් එක් කිරීමට සමත් වූ ආජින්ක්‍යා රහනේ (65) සහ සංජු සැම්සන් (60) තම කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ නැංවූහ. 

හෙළ රජ දවස වේළුසුමන මමයි – මර්වින්

තමන් හෙළ රජ දවස වේළුසුමන යෝධයා යයි මහජන කටයුතු සහ මහජන සම්බන්ධතා ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.

පොළොන්නරව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ රජ දවසේ දස මහ යෝධයින් රාජ්‍ය ආරක්ෂා කළ ආකාරයට තමා ද සිය වගකීම ඉටු කරන බවත් කුමන බාධක පැමිණියද බෙලිඅත්තෙන් ආ තමන් රාජපක්ෂ පවුල හා මේ ආණ්ඩුව ආරක්ෂා කිරීමට කැපවී කටයුතු කරන බවත්ය.

 “මම කවුද? මම නන්දිමිත්‍රත් නෙවෙයි මම වේළුසුමන. විහාර මහාදේවියට දොළ දුකක් ඇති වුණා එළාරගේ මහ සෙන්පතියාගේ ලේ තැවරිච්චි කඩුව ගෙනල්ලා ඒක දලා වතුර ටිකක් බොන්න.

වේළුසුමන ගිහිල්ලා, එළාරගේ හමුදාවට බැඳිලා, සෙන්පතියාගේ බෙල්ල කපාගෙන කඩුව ගෙනල්ලා සෝදලා වතුර දුන්නා. ඒ වතුර බීලා තමයි දුටුගැමුණු බිහිවුණේ.

ඒ වගේම තමයි අපේ ජනාධිපතිතුමා මට කියන ඕනම දෙයක්, එතුමා රකින්න, එතුමාගේ ඉදිරි ගමන සාර්ථක කරන්න, මේ බෙලිඅත්තෙන් ආපු මම මර්වින් සිල්වා. එතුමාත් රාජපක්ෂ පවුලත්, මේ ආණ්ඩුවත්, මගේ පන්තියේ ජනතාවත් මම රකින්න ප්‍රතිඥා දෙනවා.

Gossip Lanka Hot News Previous News Archive