රටක අධ්‍යාපන ඇමැතිකම යනු සෙසු ඇමැතිකම්වලට වඩා වටිනා එමෙන්ම වැදගත් තනතුරකි. එය හොබවන්නාද ගරු කටයුතු වැදගතෙක් වී නම් එයම එරට අධ්‍යාපනය බබළවන්නට හේතු වන්නේය. එවන් ඇමැතිවරුන් අතර උසස් අධ්‍යාපනය භාර ඇමැතිවරයා යනු ඊටත් වඩා උසස් තත්ත්වයක පිහිටා කටයුතු කළ යුතු වන්නෙකි.
මෙරට උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක ද උසස් අධ්‍යාපනයක් ලැබ, විශ්වවිද්‍යාලයට ගොස් එහිද හොඳ-නරක යන දෙකම උගත්තකු බව පැවැසේ. එහෙයින් උසස් අධ්‍යාපනයක් ලැබූ ඇමැතිවරයාගෙන් උසස්විදියේ කටයුතු අපේක්ෂා කිරීමේ වරදක්ද දැකිය නොහැකිය.
දිසානායක මහතා ඊයේ පුවත්පත්වලට අදහස් දක්වමින් කියා ඇත්තේ කැසිනෝ ක්‍රීඩාව ගැන එක එක උදවිය එක එක කතා කීවත් එය හොඳ සූදුවක් බවය. එපමණක් නොව මේ වසරේ මුල් භාගයේදී ඇමෙරිකාවේ සුප්‍රකට කැසිනෝ පුරයේදී තමන්ද කැසිනෝ සූදු කෙළියේ යෙදුණු බව කීය.







