සනත් ජයසූරියගෙන් දික්කසාද වීමට සැන්ඩ‍්‍රා උසාවි යයි

ප‍්‍රකට ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වන සනත් ජයසූරිය මහතාගෙන් තමන්ට දික්කසාද වීමට අවශ්‍ය බව පවසමින් සැන්ඩ‍්‍රා ටානියා රෝස්මරී ද සිල්වා මහත්මිය කොළඹ දිසා අධිකරණය හමුවේ අද නඩුවක් ගොනු කළා ය. 

තමන් සහ දරු තිදෙනාට රුපියල් මිලියන 800ක වන්දියක් ලබාදීමටත් නියෝග කරන ලෙස ද පෙත්සම මගින් ඇය ඉල්ලා තිබේ. බිලියනයකට අධික දේපළවල හිමිකාරිත්වය දරණ විත්තිකරුගෙන් දරුවනගේ ප‍්‍රයෝජනය සඳහා මෝටර් රථ දෙකක් ද මෙමගින් ඉල්ලා තිබේ. 

තමන් පදිංචිව සිටින නිවස ඔහුගේ වියදමින් සාදා දෙන ලෙස ද සැන්ඩ‍්‍රා ටානියා මහත්මිය පෙත්සම මගින් ඉල්ලා ඇත. සනත් ජයසූරිය මහතාට දාව කේෂානි, යලින්දි යන දියණියන් දෙදෙනෙකුගේ සහ රනුක නමැති පිරිමි දරුවකුගේ ද මව වන සැන්ඩ‍්‍රා ටානියා මහත්මිය, සනත් ජයසූරිය මහතාගේ දෙවැනි විවාහයේ බිරිඳ වේ.

ලොව විශාලතම බල්ලා මියයයි

ඇමෙරිකාවේ ඇරිසෝනාහි වාසය කළ ජෝර්ජ් නමැති ලොව විශාලතම බල්ලා පසුගිය 17වනදා මිය ගිය බව බල්ලාගේ හිමිකරු ඩේව් නසාර් පවසා තිබේ. 

අඩි 7අඟල් 3ක් උසැති මෙම සුනඛයා 2010දී ගිනස් පොතට ඇතුළු වූයේ එතෙක් මෙතෙක් ලෝකයේ සිටි උසම බල්ලා බවට සඳහනක්ද සමගිනි. මිනිසෙකුට වඩා උස වූ උගේ බර රාත්තල් 245කි. 

ජයන්ට් ජෝර්ජ් නමින් ප්‍රකට වූ මේ බල්ලා තම කීර්තිය ප්‍රයෝජනයට ගෙන අසරණයන්ට පිහිටවීමේ නොයෙකුත් අරමුදල් සඳහා එහි හිමිකරු යොදාගෙන තිබුණු අතර උගේම ෆේස් බුක් පිටුවක්ද අරඹා ඇත. 

මිය යන දිනය වන විට උගේ වයස හරියටම අවුරුදු 7 මාස 11කි.

කැසිනෝ නියමයි මාත් ගැහුවා - උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක

රටක අධ්‍යාපන ඇමැතිකම යනු සෙසු ඇමැතිකම්වලට වඩා වටිනා එමෙන්ම වැදගත් තනතුරකි. එය හොබවන්නාද ගරු කටයුතු වැදගතෙක් වී නම් එයම එරට අධ්‍යාපනය බබළවන්නට හේතු වන්නේය. එවන් ඇමැතිවරුන් අතර උසස් අධ්‍යාපනය භාර ඇමැතිවරයා යනු ඊටත් වඩා උසස් තත්ත්වයක පිහිටා කටයුතු කළ යුතු වන්නෙකි. 

මෙරට උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක ද උසස් අධ්‍යාපනයක් ලැබ, විශ්වවිද්‍යාලයට ගොස් එහිද හොඳ-නරක යන දෙකම උගත්තකු බව පැවැසේ. එහෙයින් උසස් අධ්‍යාපනයක් ලැබූ ඇමැතිවරයාගෙන් උසස්විදියේ කටයුතු අපේක්‍ෂා කිරීමේ වරදක්ද දැකිය නොහැකිය. 

දිසානායක මහතා ඊයේ පුවත්පත්වලට අදහස් දක්වමින් කියා ඇත්තේ කැසිනෝ ක්‍රීඩාව ගැන එක එක උදවිය එක එක කතා කීවත් එය හොඳ සූදුවක් බවය. එපමණක් නොව මේ වසරේ මුල් භාගයේදී ඇමෙරිකාවේ සුප්‍රකට කැසිනෝ පුරයේදී තමන්ද කැසිනෝ සූදු කෙළියේ යෙදුණු බව කීය. 

ආක්ෂා සුධාරි, මේනකා මධුවන්ති ගුටි කෙලිය

නිරූපිකාවකට පහර දුන් බව කියන ජනප‍්‍රිය රංගන ශිල්පිනියන් දෙදෙනකු හා ඉන් එක් අයකුගේ මවක මිරිහාන මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක් බැගින් වූ ශරීර ඇප මත මුදාහැර තිබේ. 

මෙලෙස ඇප මුදා හැර ඇත්තේ රංගන ශිල්පිනියක හා නිරූපිකාවන් වන මේනකා මධුවන්ති, ආක්ෂා සුදාරි හා ඇයගේ මව වන මොහොමඞ් රොෂානා නමැත්තියයි. පහරකෑමට ලක්වූයේ නිරූපිකාවක වන හංසි සිතාරායි. ඊට අදාළ සිද්ධිය මෙසේයි. 

පුරුෂ ශක්තිය වඩවාලීමේ නවතම​ චීන රහස් වට්ටෝරුව


පුරුෂ ශක්තිය වඩවා ගනීම සඳහා බොහෝ අය අනේකවිධ උත්සාහයන්හි යෙදෙති. කෙසේ නමුත් පෙති කරල් රහිතව ස්වාභාවික අන්දමට ලිංගික ශක්තිය වර්ධනය කරගතහැකි අපූරු ක්‍රමයක් පිලිබඳ පුවතක් චීනයෙන් වාර්තා වේ.

පුරුෂ ශක්තිය වඩවාලීමේ නවතම​ චීන රහස් වට්ටෝරුව නම් සත්ව ලිඟු අනුභවයයි. එබැවින් අශ්වයන්, ගවයින්, බූරුවන්, එළුවන් මෙන්ම සුනඛයන්ගේ ලිංගේන්ද්‍රයන් බැද අනුභව කිරීම මේ දිනවල චීන ජාතිකයන් අතර බහුලව දක්නට ලැබෙන්නකි. 

චීනයේ තරු පහේ අවන්හල් හි මිළ අධික අහාරපාන අතර මෙලෙස හොඳින් බදින ලද සත්ව ලිඟු ප්‍රධාන තැනක් ගනී. ඒවා කෙතරම් මිළෙන් අධික ද යත් බදින ලද අශ්ව ලිඟුවක මිළ ඇමරිකානු ඩොලර් 200ක් (රු. 20,000) පමණ වේ. 

ලංකාවට කැසිනෝ ගෙනා ජනාධිපති වෙන්න එපා - මාදුළුවාවේ සෝභිත හිමියෝ

ලංකාවට කැසිනෝ ගෙනාවේ මහින්ද රාජපක්ෂ යන අවමානය ජනාධිපතිවරයාට එල්ල විය හැකි බැවින් ජනතාවගේ හඩට කන් දී කල් දැමූ කැසිනෝ පනත සදාකාලිකව වළලා දැමීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බව සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසති. 

එසේ නොවුණහොත් යුද්ධය ජයග‍්‍රහණය කළ ජනාධිපතිවරයා ලෙස ලැබුණු පිළිගැනීම එතුමාගෙන් ගිලිහී යාමට එය හේතු විය හැකි බවද උන් වහන්සේ පැවසූහ. කොළඹ පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේදී පැවති ජාතික විදිවත් සභාවට එක් වෙමින් මාදුළුවාවේ සෝභිත හිමියෝ මේ බව පැවසූහ. වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද කීහ. 

‘රට ත‍්‍රස්තවාදයෙන් බේර ගත්තු නායකයා හැටියට ලැබූ ගෞරවය උපයෝගී කරගෙන රට මතින් බේරා ගත්තු නායකයා මහින්ද රාජපක්ෂ කියන එක ජනතාව බලාපොරොත්තු වුණා. 

ස්මාට් ශ‍්‍රී ලංකාවක් – ජනපති මහින්ද රාජපක්‍ෂ

අපි ස්මාර්ට් ගවන්මන්ට් තුළින් ‘ස්මාර්ට් ශ‍්‍රී ලංකාවකට’ ගමන් කරමින් සිටින්නේ යයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය. 2013 විශ්ව සමුළු සම්මාන උලෙළ අමතමින් ඒම හතා කියා සිටියේ ‘ස්මාර්ට් ශ‍්‍රී ලංකා’ අපේ දැක්ම වන බවත්, අවම මාර්ගයකින් උපරිම සාර්ථකත්වයක් ලැබිය හැකි ‘ස්මාර්ට් ගවන්මන්ට්’තුළින් එම දැක්ම දෙසට අප ගමන් කරමින් සිටින බවත්ය. 

‘2013 විශ්ව සමුළු සම්මාන උලෙළ ‘ස්මාර්ට් ශ‍්‍රී ලංකා’ (Smart Sri Lanka) හෙවත් ‘නිපුණ ශ‍්‍රී ලංකාවක්’ යන අපේ දැක්ම වෙනවා. එම දැක්ම දෙසට ගමන් කරන්නේ අවම මාර්ගයකින් උපරිම සාර්ථකත්වයක් ලැබිය හැකි ‘ස්මාර්ට් ගවන්මන්ට්’ (Smart Government) හෙවත් නිපුණ රාජ්‍යයක් තුළිනුයි. 

රාජ්‍ය අංශ ප‍්‍රතිනිර්මාණය තුළින් අප ඉදිරියට යන්නේ ජනතාවට සියලූම සේවාවන් එක් කවුළුවකින් සැපයිය හැකි පූර්ණ රාජ්‍ය සංකල්පය දෙසටයි. 

හොඳම කාලය එළඹී ඇත - ගෝඨා රාජපක්ෂ

මෙරට සියලූම ක්ෂේත‍්‍ර නියෝජනය කරන වෘත්තීය විශේෂඥයන්ට හොදම කාලය එළඹී ඇති බව නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 

කොළඹ අද (24) පැවති, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් සංවිධානය කරන ලද, 2013 ජාතික ඉංජිනේරු සමුළුවට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේ, රටේ ආර්ථික දියුණුවත් සමඟ විකල්ප අවස්ථා රැසක් සියලූ ක්ෂේත‍්‍රවල නිර්මාණය වී ඇති බවයි. 

රට වෙනුවෙන් නව නිෂ්පාදන සිදුකිරීමට වෘත්තීය විශේෂඥයින්ට වගකීමක් පවතින බව ද ඔහු මෙහිදී ප‍්‍රකාශ කළේය. කොළඹ ගලධාරී හෝටලයේ පැවති මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගිවිය. 

Gossip Lanka Hot News Previous News Archive