පුතුගේ ලොරියට මව බිලි !

බිංගිරිය පොලිස් බල ප්‍රදේශයේ පානවැව ග්‍රාමයේදී ඊයේ (22) පෙරවරු 10.30 ට පමණ සිය වැඩිමල් පුතු පැදවූ ලොරි රථයට යටවීමෙන් අවුරුදු 82ක් වයසැති මාතාවක් මරුමුවට පත්වීමේ ශෝකජනක පුවතක් වාර්තාවේ.

වත්තේ කඩන ලද පොල් මව සමඟ ඇහිදීමෙන් පසුව ‍ෙලාරි රථයට පොල් පැටවීම සඳහා ලොරි රථය පිටුපසට ධාවනය කිරීමේදී මෙම අනතුර සිදුවී ඇත.

මෙසේ මියගොස් ඇත්තේ පානවැව පදිංචිව සිටි කේ. විනිප්‍රීඩා පෙරේරා නැමැති දෙදරු මවකි. ලොරි රථය ධාවනය කළ මියගිය කාන්තාවගේ වැඩිමල් පුත්‍රයා වන එච්. ඒ. ප්‍රීටස් නෙවිල් රෝයි (52) යන අය බිංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මියගිය කාන්තාවගේ දේහය හලාවත මූලික රෝහලට යවා ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය එහිදී පැවැත්වීමට නියමිතය. බිංගිරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වයි. එම්. ජගත් බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.‍

ඩෙංගු වෛද්‍යවරියට ජනපතිගෙන් පහසුකම්

ඩෙංගු රෝගයට සාර්ථක ආයුර්වේද ඹෟෂධයක් සොයා ගත් ගාල්ලේ ඩෙංගු වෛද්‍යවරිය ලෙස ප්‍රචලිත ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසුරියට මෙතෙක් අඩුපාඩුවක්ව පැවැති සායනික පර්යේෂණ සිදු කිරීමට රජයේ රෝහලකට අනුබද්ධ විශේෂ පහසුකම් ලබා දෙන ලෙස පසු ගිය සතියේදී ජනාධිපතිතුමා ඹෟෂධ සංස්ථාවේ සභාපතිවරයාට උපදෙස් ලබා දී ඇත. 

දැනට වසරකට පමණ පෙර ආයුර්වේද පර්යේෂණායතනයේ සායනික පර්යේෂණ සිදු කිරීමට ස්ථානයක් ලබා දෙන බවට බලධාරීන් විසින් ඇයට පොරොන්දු වී සිටියද මෙතෙක් ඇයට මේ සඳහා අවස්ථාවක් ලැබී නොතිබිණි.

මේ පිළිබඳව ආයුර්වේද වෛද්‍යවරිය විසින් ගිය බ්‍රහස්පතින්දා උදෑසන ජනාධිපතිතුමාට දුරකථනයෙන් දැනුම් දුන් පසුව ඒ මොහොතේම ජනාධිපතිතුමා විසින් ඇයට අවශ්‍ය පහසුකම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඹෟෂධ සංස්ථාවේ සභාපතිවරයාට නියෝග කොට තිබේ. ඒ මොහොතේම ආයුර්වේද වෛද්‍යවරියට ජනාධිපතිතුමා විසින් දුරකථනයෙන් ඹෟෂධ සංස්ථාවේ සභාපතිවරයා දුරකථනයට සම්බන්ධ කැර ඇයගේ අවශ්‍යතාවය සපුරා ගන්නා ලෙස උපදෙස් දී තිබේ. 

අනුර අයවැයේ රෙදි ගලවයි - Anura Dissanayaka Video

ආර්ථික වර්ධන වේගය සහ උද්ධමනය ආදිය සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරිපත් කරන සංඛ්‍යා දත්ත විකෘති කරන ලද ඒවා බවත් වර්තමානයේ තිබෙන්නේ විකෘති දත්ත පදනම් කරගත් පුම්බන ලද ආර්ථිකයක් බවත් ජවිපෙ මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි.

පසුගිය 20 දා  2014 අයවැය කාරක සභා අවස්ථාවේ මුදල් අමාත්‍යාංශය වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. අනුර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ ආණ්ඩුවේ ඉන්නේ සංඛ්‍යා දත්ත විකෘති කරමින් රටත් ජනතාවත් අමාරුවේ දමන සංඛ්‍යා ලේඛණ හොරු රැලක් බවයි.

මේ වනවිට මහ බැකු වාර්තාව සම්බන්ධයෙනුත් සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පිළිබඳවත් රටේ ජනතාව තුළ බරපතළ සැකයක් මතුවී ඇති බවත් ඒ ‍නිසා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට විශ්‍රාමලත් විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් සංඛ්‍යා ලේඛණ විමර්ශන කොමිසමක් පත්කළ යුතු බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය. එම විමර්ශන කොමිසම මගින් සංඛ්‍යා දත්ත සකස් කිරීම පිළිබඳ නිර්ණායකයන් රටට හෙළිකළ යුතු බවද ඔහු අවධාරණය කරයි.

පබා ලියපු අලුත්ම බයිබලය මම තාම හොයනවා - Ranjan Ramanayake

පසුගියදා පාර්ලිමේන්තුවේදී උපේක්ෂා ස්වර්ණමාලි විසින් රන්ජන් රාමනායකට "මගේ ආගමේ හැටියට රන්ජන් රාමනායක කියන්නේ බැටලු හමක් පොරවගත්තු නරියෙක්" යනුවෙන් පැවසීම පිළිබඳව රන්ජන් අදහස් දක්වා තිබෙනවා.

ඔහු පවසන්නේ උපේක්ෂා බයිබලය කියවා නොමැති බවත්, බයිබලයේ එම ප්‍රකාශය සඳහන් වන්නේ එසේ නොවන බවත්ය.එමෙන්ම රටවිරු රියල් ස්ටාර් සඳහා උපේක්ෂා ස්වර්ණමාලි හා මාලනී ෆොන්සේකා මුදල් ලබා නොගත් බව පැවසුවද ඔවුන් මුදල් ලබාගන තිබෙන බවත් රන්ජන් පවසනවා.

"උපේක්ෂාගේ ප්‍රකාශය හැන්සාඩ්ගත වෙලා තියෙන්නේ "මගේ ආගමේ හැටියට රන්ජන් රාමනායක කියන්නේ බැටලු හමක් පොරවගත්තු නරියෙක්" කියලා. ඒ ප්‍රකාශය තියෙන්නේ අපේ ශුද්ධවූ බයිබලයේ. ශුද්ධවූ බයිබලයේ තියෙන්නේ බැටලු හමක් පොරවාගත්තු වෘකයෙක් කියලා මිසක් නරියෙක් කියලා නෙවෙයි.

මගේ ජීවිතේ දවසින් දවස අලුත් වෙනවා - Nadeesha Hemamalee

පුංචි තිරය වගේම ගීත රූප රචනාවලිනුත් අපට නිතර හමුවන කෙනෙක් නදීෂා හේමමාලි ගොඩක් දෙනා දන්න හඳුනන ජනප්‍රිය කෙනෙක් වුණත් අද අපි නදීෂාව දකින්නේ ඉඳලා හිටලා. අපි ඇය කතා කළේ නිතර නොදකින්නේ ඇයි කියලා දැනගන්නයි.
නදීෂා දැන් රංගනයෙන් ඈත් වෙලාද?
දැනට මම රඟපාන්නේ බොහෝම සීමිත නිර්මාණ කිහිපයක විතරයි. ඒ ඇරුණම ගීත රූපරචනාවලට දායක වෙනවා.
ඇයි ඔයතරම් තෝරාගෙන රඟපාන්නේ?
මේ දවස්වල තියෙන නිර්මාණවල ගුණාත්මක බව ගැන මට සෑහීමකට පත්වෙන්න අමාරුයි. ඒ නිසා මම රඟපාන්නේ මට සාධාරණයක් කරන්න පුළුවන් නිර්මාණවල විතරයි.

මහපාරේ නිරුවතින් මංගල්‍යය සැමරූ මනාල යුවළක් අත්අඩංගුවට - Naked Wedding

නගර මධ්‍යයේ නිරුවතින් සිය මංගල මුදු මාරු කරමින් මංගල්‍යය සමරමින් සිටි යුවළක් පොලිස් අත්අඩංගුවට ගැනුණු පුවතක් කැලිෆොනියාවේ සැන් ෆ‍්‍රැන්සිස්කෝ නුවරින් වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි මනාලිය වන ජිප්සි තාවුබ් සහ 20 හැවිරිදි මනාලයා වූ ජෙම්සි ස්මිත් ය. නගර ශාලාව ඉදිරිපිටදී සිටි මොවුන් පොදු ස්ථානයකදී නිරුවතින් සිටීමේ වරදට මෙලෙස පොලිස් අත්අඩංගුවට ගත් බව එරට වාර්තා සඳහන් කරයි. පසුව ඔවුන් බ්ලැන්කට්වලින් පොරවාගෙන වෙනත් ස්ථානයට ගෙනගොස් ඇඳුම් ලබාදී වෑන් රථ දෙකකින් ගෙන ගොස් දමා ඇත්තේ තරයේ අවවාද කිරීමෙන් ද පසුවයි.

කෙසේවෙතත් අත්අඩංගුවට ගැනුණු මනාලිය පවසා තිබුණේ මෙය නිරුවතින් මංගල්‍යය සැමරීමේ අවස්ථාව අහිමිකිරීමට එරෙහිව කරන ලද විරෝධයක් බවයි. නගරවාසීන් තමන් වටා සිටින බවට ඔවුන් දැන සිටි බව ද ඇය පොලීසියට පවසා තිබේ.එරට පොදු ස්ථානවල, මහාමාර්ගයේ, තැනකින් තැනට යාම හෝ වාහනවලින් නිරුවතින් ගමන් කිරීම 2012 වසරේ දී තහනම් කර තිබේ.

බිරිය සිටිය යුත්තේ සැමියාට ඕනැ විදියටයි - Tharushi Perera

තරුෂි පෙරේරා. හැබැයි ඇය ගැන මේ දවස්වල බොහෝ දෙනෙක් දැන හඳුනන්නේ අමා නැතිනම් ලොක්කි විදිහට. ඒ ස්වර්ණවාහිනියේ විකාශය වන ‘මුතු පලස’ ටෙලි නාට්‍යයේ. ලොක්කි මේ දිනවල ‘මුතු පලස’ ටෙලි නාට්‍යයේ දීග යන්න සූදානම් වෙන අතරේ තරුෂි නම් පසුගිය දවසක සුබ මොහොතින් යුග දිවියට පිවිසුණා. ඒ සුමේධ තෙන්නකෝන් එක්ක.

පසුගිය දවස්වල ජීවිතේ අලුත් පිටුවකුත් පෙරලුවනේ.

විවාහ උත්සවය ඉවර වුණා. ඇත්තටම මමත් සුමේධත් ලොකු සැලැස්මක් කරලා මෙය කළේ නැහැ. බොහෝම ඉක්මනින් කළේ. ඉතිං මේ දවස්වල සියලු වැඩ කටයුතුවලින් ටිකක් ඈත්වෙලා නිදහසේ ඉන්නවා.

ඒ කියන්නේ දැන් මෙතැනින් පස්සේ රඟපෑම් කටයුතු ඉවරයි.

ටික කාලයකට හැමදේම නවත්වන්න ඕන කියලා හිතුණා. මොකද සුමේධත් ඔෆිස් යනවා, වේලාවට ගෙදර එනවා. ඉතිං ඒ අත්දැකීම මට දැනෙන්නේ දැන්. ස්වාමියා ළඟ ඉන්න ඕන බිරිය විදිහට. ඉතිං කාර්ය බහුල ජීවිතයක් ගෙවන්න මම කැමැති නැහැ.

වැදි නායකයාගේ එකම දුව ගාමන්ට් රස්සාවක…

වැදි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්ගේ එකම දියණිය අතුරුදන් වී සිට පිළියන්දලින් හමුවූ බව පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබිණි. ඇයව සොයා ගෙන තිබුණේ පිළියන්දල ප‍්‍රදේශයේ ඇගලූම් කම්හලක සේවය කරමින් සිටියදීය.වැදි නායකයාගේ දියණියගේ සැමියා දුන් ඔත්තුවක් මත ඇය සොයා ගත් බව පොලිසිය පවසා තිබිණි.

එහෙත් ඇය සිය සැමියා සමග ගමට යෑම ප‍්‍රතික්ෂේප කළ බවද මාධ්‍ය වාර්තා කර තිබිණි.එයට හේතුව ලෙස දක්වා තිබුණේ ඇගේ රත්තරන් බඩු වගයක් උකස් කර ඇති බවත් ඒවා සින්න වීමට යන නිසා ඒවා බේරා ගැනීමට අවශ්‍ය මුදල් උපයාගෙන මිස යළි ගමට නොයෙන බවත්ය.

මතු පිටින් බැලූ කළ මෙය සාමාන්‍ය සිද්ධියක් ලෙස පෙනුණද මෙහි අභ්‍යන්තරයේ ඇති ඛේදවාචකය සුළු පටු නොවන බව පෙනේ. ඉන් පළමු වැන්න අපේ රටේ වැදි ජනයා පත්ව ඇති තත්ත්වයයි. වැදි තරුණියක ගාමන්ට් එකක වැඩ කරන බව අපට අසන්නට ලැබුණේ බොහෝ දුරට පළමුවරටය.අනෙක ඇය සාමාන්‍ය කෙනෙකුත් නොවේ. වැදි නායකයාගේ එකම දියණියය.

Gossip Lanka Hot News Previous News Archive