විපක්ෂයෙන් දේශපාලනයට පිවිසීම නිසා තමන් රඟපාමින් සිටි රූපවාහිනී නාට්‍යවලින් අසාධාරණ ලෙස ඉවත් කළ බවට රංගන ශිල්පීන් වන රවින්ද්‍ර යසස් සහ ජගත් බෙනරගම චෝදනා කරති.
මෙම රංගන ශිල්පීන් දෙදෙනා මෙවර බස්නාහිර පළාත් සභාවට තරඟ කරන්නේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂයෙන්.
ස්වර්ණවාහිනියෙන් විකාශනය වූ 'ඇන්ඩ් කොම්පැනි' දේශපාලන ප්‍රහසන මාලාව දේශපාලන බලපෑම් මත හදිසියේ ම නවතා දැමීමට එම නාලිකාව තීරණය කර තිබෙන බවයි එම නාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතයක් රඟපෑ ප්‍රවීණ රංගන ශිල්පි රවින්ද්‍ර යසස් පවසන්නේ.
තමන් මෙවර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීම මෙම වැඩසටහන අත්හිටවීමට හේතු වී ඇතැයි රවින්ද්‍ර යසස් සංදේශයට කියා සිටියේය.







