ෆේස්බුක් එන පොට හොඳ නැති බව තමන් හැමදාමත්, මීට වසර තුන හතරකට උඩදීත් කතා කළේ යැයිද, දෙමවුපියන් මේ ගැන වැඩි සැලකිල්ලක් දක්වනවා මෙන්ම, දරුවන් මේ පිළිබඳ අවබෝධයක් ලබාගත යුතු බවද, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේය.
ජනාධිපතිවරයා මෙසේ අදහස් දක්වා සිටියේ ඊයේ (22දා) දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයට සමගාමීව හෙට්ටිපොල මහ විදුහලේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
“මේ දෙමවුපියෝ, අපි ඔක්කොම මොන දේවල් කළත් අවසානයේ මේ රටේ අනාගතය භාරගෙන සිටින දරුවාව අපි වැරදි මාර්ගයක යැව්වොත්, අයාලේ යන්න ඉඩ හැරියොත්, මේ රටට සෙතක් වෙන්නෙ නැහැ කියා මා හිතනවා. මම හැමදාම කියන එකක්, මම අවුරුදු දැන් තුන හතරකට උඩදි කිව්වෙත්, මේ ෆේස්බුක් කතාව. මේක එන පොට හොඳ නැහැ. දෙමව්පියෝ මේ ගැන වැඩියෙන් සැලකිලිමත් වෙන්න ඕනෙ. දරුවන් මේ පිළිබඳ අවබෝධයක් ලබාගන්න ඕනෙ. ඒ නිසා මේවා පිළිබඳව, මෙහි තියෙන හොඳ නරක දෙකම අපි හඳුනාගත යුතුයි. ඒක හඳුනගෙන තමයි, හොඳ දේ විතරක් අරගෙන, නරක දේ පැත්තකට කරන්න අපි පුරුදු වෙන්න ඕනෙ.” යනුවෙන් ජනාධිපතිවරයා පවසා සිටියේය.
.jpg)




.bmp)
.bmp)
