මළ සිරුරු එම්බාම් කිරීමට යොදා ගන්නා පෝමලීන් කරවල කල් තබා ගැනීමට ?..... !

කරවල සහ මීකිරි කල් තබාගැනීමටත්, කඩල, මුං ඇට හා කව්පි වැනි ධාන්‍ය වර්ග 'ගුල්ලන්' වැනි කෘමීන්ගෙන් බේරා ගැනීමටත් මිනිස් සිරුරට අහිතකර විස රසායන භාවිත කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආහාර තාක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද පර්යේෂණයකින් සොයාගෙන ඇත.

මළ සිරුරු කල් තබාගැනීම (එම්බාම්) සඳහා යොදාගන්නා පෝමලීන් නම් විස රසායනිකය කරවල කල් තබා ගැනීමට භාවිත කරන බවට අනාවරණය වී ඇතැයි එම පර්යේෂණය සිදුකරන ජේ‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පැවැසීය.

ආදාහනාගාරවල දමා කරවල වේළා ගන්න බවටද පැමිණිලි ලැබී ඇති බැවින් ඒ පිළිබඳව සියුම් පර්යේෂණයක් කිරීමටද නියමිතය.මීකිරි මත පුස් බැඳීම වැළැක්වීමට යොදා ගන්නේ විස රසායනිකයක් බවද හෙළිවී තිබේ. ඒ සම්බන්ධයෙන්ද පුළුල් පර්යේෂණ සිදුකරන්නේ යැයිද ආචාර්ය මධුජිත් මහතා කීය.ගුල්ලන් වැනි කෘමි සතුන්ගෙන් බේරා ගැනීමට කඩල, කවුපි සහ මුං ඇට වැනි ධාන්‍ය වලටත් විස රසායන ද්‍රව්‍ය යොදා ගන්නා බවද අනාවරණය කරගෙන ඇති බවද හෙතෙම කීය.

ආසියාවේ ක්‍රිකට්‌ ශූරයා තේරීම අද පාකිස්‌තාන-ශ්‍රී ලංකා සටනින් ඇරඹේ - 2014 Asia Cup Starts today.

ආසියාවේ ක්‍රිකට්‌ රටවල් අතර ශක්‌තිය උරගා බැලෙන ආසියානු කුසලාන තරගාවලිය අද (25 දා) බංගලිදේශයේ ෆතුල්ලාහී ශ්‍රී ලංකා - පාකිස්‌තාන තරගයෙන් (ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව 12.30 ට) ඇරඹීමට නියමිතය.

1983 දී ආසියානු ක්‍රිකට්‌ කවුන්සිලය බිහිවීමේ ප්‍රතිඵලයක්‌ ලෙසින් 1984 දී ඇරඹි ආසියානු කුසලානේ දොළොස්‌වැන්න මෙය වේ. මේ දක්‌වා තරග ඉතිහාසයේ වැඩිම වරක්‌ කුසලාන දිනාගත් කණ්‌ඩායම ලෙස ඉන්දියාව (5 වරක්‌) සටහන් වන අතර මෙවර කුසලාන ශ්‍රී ලංකාව විසින් දිනාගතහොත් ශ්‍රී ලංකාවටද තරගාවලි 5 ක කුසලාන දිනා ඉන්දියාව සමග සමතැන් ගැනීමේ හැකියාව තිබේ.

පිට පිටම දෙවැනි වරටත් බංගාලිදේශයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර ආසියානු කුසලානට ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්‌තානය සහ බංගාලිදේශය යන අයි.සී.සී. පූර්ණ සාමාජිකයන් සමග එහි සම සාමාජිකත්වය දරණ ඇෆ්ගනිස්‌තානයද තරග වදිති. මෙවන් ජාත්‍යන්තර තරග අත්දැකීමක්‌ ලබන පළමු අවස්‌ථාව ලෙසින් ඇෆ්ගනිස්‌තානයට මෙය ඉතිහාසගත තරගාවලියක්‌ වනු ඇති අතර මහේන්ද්‍ර සිං දෝනි වෙනුවට විරාත් කෝලිගේ නායකත්වය යටතේ මෙයට ඉදිරිපත්ව සිටින ඉන්දීය කණ්‌ඩායමට සිය මීළඟ නායකත්වය පිළිබඳ පෙරහුරුවක්‌ ලෙසින්ද මෙය විශේෂ වේ.

ව්‍යාපාරිකයාගේ කකුල කැඩුවාට රොජර් සෙනෙවිරත්නට අත්හිටවූ සිර දඬුවම් - Two-year suspended jail sentence for Roger Seneviratne

ජනප‍්‍රිය නළු රොජර් සෙනෙවිරත්න ඊයේ අවිස්සාවේල්ල අධිකරණයේදී වසර පහකට අත්හිටවූ බරපතල වැඩ සහිත දෙවසරක සිරදඬුවමකට යටත් වුණා. මෙයට හේතුවූයේ ඔහු මින් වසර ගණනාවකට පෙර සිදු කළ වරදකි.
මෙම නළුවා විසින් පැහැරගෙන ගොස් තිබුණ ව්‍යාපාරිකයෙකුගේ බිරිඳක් ඇගේ සැමියා පැමිණ නිවසට කැඳවාගෙන ඒමට ගිය අවස්ථාවේ ඔහුට යකඩ පොල්ලකින් පහර දී පාදයකට බරතල තුවාල සිදුකර ඔහු ආබාධිත තත්වයට පත්කිරීමේ චෝදනාවකට රොජර් වරදකරුවී තිබෙනවා.

දෘෂ්ටි විශේෂඥ ආයතනයක හිමිකරුවෙක් වන කෝටිපති ව්‍යාපාරික මිහිර වික‍්‍රමාරච්චි මහතාට අයත් නිවසක මින් වසර ගණනාවකට පෙර 2002 වසරේදී ටෙලි නාට්‍යයක් රූගත කෙරුණ අතර ඒ සඳහා රංගන ශිල්පියෙකු ලෙස සහභාගී වූ රොජර් සෙනෙවිරත්න ව්‍යාපාරිකයාගේ රූමත් බිරිය සමග පේ‍්‍රම සම්බන්ධයක් ගොඩනගාගෙන තිබුණා.ටික කලකට පසුව දෙදරු මවක වූ ඇය සමග රොජර් වෙනම නිවසක පදිංචියට ගොස් තිබුණ අතර ව්‍යාපාරිකයා ඔවුන්ට කරදර කරන්නට ගොස් නැත.

කොහුවල බැංකුවෙන් ලක්‍ෂ 15 ක්‌ කොල්ලකති (CCTV Video) - Two rob private bank in Kohuwela

කොහුවල පිහිටි පෞද්ගලික බැංකුවකට ඊයේ (24 වැනිදා) පෙරවරුවේ කඩා වැදුණු අවි ගත් කොල්ලකරුවන් දෙදෙනකු එම බැංකුවේ ගනුqදෙනුකරුවන් බලා සිටියදීම සේවකයන් බියවද්දා එහි තිබූ රුපියල් පහළොස්‌ ලක්‍ෂ පනස්‌ හත්දහසක මුදලක්‌ කොල්ලකා පළා ගොස්‌ ඇත.

මෙම කොල්ලය විනාඩි දෙකක්‌ වැනි කෙටි කාලයක්‌ තුළ සිදු කර ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වේ.කොල්ලකරුවන් දෙදෙනා මුහුණු ආවරණය වන පරිදි හෙල්මට්‌ (Full Face) පැළඳ සිට ඇති නිසා සී. සී. ටී. වි. කැමරාවලින් සැකකරුවන් අනාවරණය කර ගැනීම අපහසු වී තිබේ.

පිස්‌තෝලයක්‌ හා පිහියක්‌ රැගෙන බැංකුවට ඇතුළු වූ කොල්ලකරුවන් දෙදෙනා ආරක්‍ෂක නිලධාරියාට තර්ජනය කර බිය ගන්වා උදෑසන එකතු වී තිබූ මුදල් හා ගනුදෙනුකරුවකු සතුව තිබූ රුපියල් 54,000 ක්‌ ද සේවිකාවක සතුව තිබූ රන් මාලය ද කොල්ලකා මෙසේ පළා ගොස්‌ තිබේ.මෙම කොල්ලකරුවන් දෙදෙනා පසුගිය සතියේ මතුගම ප්‍රදේශයේ සිදුවූ රුපියල් ලක්‍ෂ නවයේ බැංකු කොල්ලයට සම්බන්ධ අය බවට සැක කරන්නේ යෑයි මිරිහාන විශේෂ අපරාධ හා මෙහෙයුම් ඒකකයේ ස්‌ථානාධිපති නිමල් කරුණාරත්න මහතා  පැවසීය.

විවාහක ගැහැනු පිරිමින්ගේ රෝග නසන හොඳම ප්‍රතිකාරය

ලිංගිකත්වය බොහෝ දෙනෙක් ප්‍රසිද්ධියේ කතාකරන්න කැමැති මාතෘකාවක් නොවුණට නවතම පරීක්‍ෂණවලින් ලිංගික එක්වීම නිසා කායික, මානසික හා සමාජයීය සෞඛ්‍ය කෙරෙහි යහපත් ආකාරයට බලපෑම් ඇතිවන බවට පර්යේෂණ මඟින් සොයාගෙන තිබෙනවා.

වෛද්‍ය පර්යේෂණ දක්වන්නේ ලිංගිකව එක්වීම තුළ මිගේ‍ර්න් වේදනාව මෙන්ම පුරස්ථිති ග්‍රන්ථිය ආශ්‍රිතව පිළිකා ඇතිවීමේ අවදානමද පහව යන බවයි. ප්‍රතිශතයක් ලෙස බොහෝ දෙනකු තම සහකරු හෝ සහකාරිය සමඟ ලිංගිකව එක්වූයේ මාසයකට පස් වතාවක් පමණි. ඒ කෙසේ වුවද පසුගිය මාසයේ කැනේඩියානු පරීක්‍ෂණ වාර්තා අනුව ලිංගික සංසර්ගයේදී කැලරි දහනය වන ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස ගණනය කිරීමට හැකිවී ඇත. 

අවුරුදු 18 - 35ත් අතර වයස්වල පසුවන යුවළ මේ පරීක්‍ෂණය සඳහා බඳුන් කර තිබිණි. ඔවුන් සියල්ලකගේම දෑතේ උඩබාහුවේ බඳින ලද මිනුම් පටියක ආධාරයෙන් ඔවුන් සංසර්ගයේ යෙදෙන කාලය අතරතුර දහනය වන කැලරි ප්‍රමාණය මැන බැලීම සිදුවිය. විනාඩි 25කට ආසන්න කාලයක් පුරාවට සටහන් වුණු දත්තවලට අනුව පුරුෂ පාර්ශ්වයේ කැලරි 100ක් දහනය වන විට 69%ක ප්‍රතිශතයක් කැලරි කාන්තාවන්ගේ දහනය වී තිබිණි. එය දෙපයින් ඇවිදින විට දහනය වන කැලරි ප්‍රමාණයට වඩා වැඩි අගයක් ගනී.

හිරු දෙසට ගමන්කළ අබිරහස් 'රන් සෙම්බුව' - Unidentified flying object photographed by schoolboy

දේවානම්පියතිස්ස රජ සමයට එහා දිවෙන බවට සැලකෙන කහටගස්දිගිලිය ගුරුගල්හින්න පුරාවිද්‍යා සොහොන් භූමියට මීටර් 200ක් නුදුරින් පිහිටි පහළ කුඩාපට්ටිය ප‍්‍රදේශයෙන් රත‍්‍රන් සෙම්බුවක් වැනි දෙයක් මතුවී,හිරු දෙසට ඇදී යන ආකාරය එම ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 14ක පිරිමි දරුවෙකු විසින් දැක තිබේ.

පසුගිය 20වැනිදා සවස තම නිවසේ ඇති කරන ගවයන් යළි නිවසට රැුගෙන ඒමට අදාළ ප‍්‍රදේශයට ගිය අවස්ථාවේදී තමන් රත‍්‍රන් සෙම්බුව වැනි දෙයක් දුටු බවත්,එම අවස්ථාවේදී තමා සන්තකයේ තිබූ ජංගම දුරකතනයෙන් එය ඡයාරූපගත කළ බවත් එම සිදුවීමට මුහුණ දුන් කි‍්‍රෂාන්ත චාමල් පේ‍්‍රමතිලක පැවසීය.

‘මමයි,අම්මයි,ආච්චියි හරක් ගේන්න ගියා.හරක් පනීවි කියලා අම්මා මට යන්න කිව්වා.තාරපාරෙන් පැනලා එද්දී දිලිසෙන දෙයක් දැක්කා.ළංවෙලා බලද්දී සෙම්බුවක් වගේ දෙයක් දැක්කේ.අතට අරගන්න හදද්දී හෙල්ලි හෙල්ලි උඩට යන්න ගත්තා.එවිට මගේ තිබුණ ෆෝන් එකෙන් ෆොටෝ හතරක් විතර ගත්තා.ඊටපස්සේ මම ග‍්‍රාමසේවක මහත්තයාටයි,ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිසර නිලධාරීතුමියටයි කිව්වාම ඒ අය ඇවිත් බලලා ගියා’යනුවෙන් තමා මුහුණ දුන් අත්දැකිම ඔහු එසේ විස්තර කළේය.

දමිතා, සේමිණීගෙන් කෝටි 10 ක් ඉල්ලයි - Damitha demands Rs. 100 mn from Semini

පෞද්ගලික ගුවන් විදුලි සේවයක් ඔස්සේ කීර්ති නාමයට හානි වන ප්‍රකාශයක් කළ බවට අසත්‍ය චෝදනා නඟමින් නඩු පවරා සම්මානනීය නිළියක් වූ තමන්ගේ කීර්ති නාමයට හානි කිරීම වෙනුවෙන් රංගන ශිල්පිනී සේමිණී ඉද්දමල්ගොඩ මහත්මියගෙන් රුපියල් මිලියන දහසක වන්දි මුදලක් අයකර දෙන ලෙස ඉල්ලා චිත්‍රපට සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනි දමිතා අබේරත්න කොළඹ දිසාධිකරණය හමුවේ ඉල්ලීමක් ඉදිරිපත් කළාය.

දමිතා අබේරත්න රංගන ශිල්පිනියගෙන් රුපියල් මිලියන පන්සියයක වන්දි මුදලක් අය කර දෙන ලෙස ඉල්ලා රංගන ශිල්පිනි සේමිණී ඉද්දමල්ගොඩ ගොණු කර තිබූ නඩුව කොළඹ අතිරේක දිසා විනිසුරු ඉවෝන් ප්‍රනාන්දු මෙනෙවිය හමුවෙහි කැඳවූ අවස්ථාවේ දී මෙම ඉල්ලීම කරන ලදී.

එම නඩුවට හරස් ඉල්ලීමක් ලෙස මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත.රංගන ශිල්පිනී සේමිණී ඉද්දමල්ගොඩට අපහාස වන කිසිදු ප්‍රකාශයක් කිසිදු විද්යුත් මාධ්‍යයකට හෝ වෙබ් අඩවියකට තමා ලබා දී නැතැයි එම හරස් ඉල්ලීම ඉදිරිපත් කරමින් දමිතා අබේරත්න රංගන ශිල්පිනිය සඳහන් කර ඇත.

ලොව තුනීම කොන්ඩමය නිපදවා ලෝක වාර්තාවක් - New record set for world's thinnest condom

ලෝකයේ තුනීම ලේටෙක්ස් කොන්ඩමය නිෂ්පාදනය කරමින් චීන සමාගමක් ලෝක වාර්තාවක් තැබීමට සමත්ව තිබෙනවා.චීන සමාගම විසින් ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් වෙමින් නිපදවූ කොන්ඩමයේ ඝනකම මිලිමීටර් 0.036ක් බව වාර්තා වෙනවා.

මීට පෙර ජපාන සමාගමක් විසින් අත්කර ගෙන සිටි මෙම වාර්තාවට හිමිකම් කියමින්, AONI කොන්ඩමය නිෂ්පාදනය කර තිබුනේ චීනයේ ග්වන්ග්සූ ඩාමින්ග් යුනයිටඩ් රබර් නිෂ්පාදන සමාගමයි.

“ජපානයේ Okomoto සමාගම මීට පෙර නිපදවා තිබූ තුනීම කොන්ඩමයේ ඝනකම මිලිමීටර් 0.038ක් වුණා.” යැයි ගිනස් ලෝක වාර්තා පිළිබඳ චීන කමිටුවේ වාර්තා කළමනාකාර චාර්ල්ස් වෝර්ටන් ප්‍රංශ පුවත් සේවයට පවසා සිටියා.චීනයේ ග්වන්ග්සූ ඩාමින්ග් යුනයිටඩ් රබර් නිෂ්පාදන සමාගම වසරකට කොන්ඩම් මිලියන 200ක් නිෂ්පාදනය කරන අතර, ඔවුන්ගේ නිෂ්පාදන වැඩි ප්‍රමාණයක් චීනය තුළම අලෙවි කෙරන බව එහි සාමාන්‍යාධිකාරී වික්ටර් චෑන් පෙන්වා දුන්නා.

Gossip Lanka Hot News Previous News Archive