ලිංගික අල්ලස් ගැනීම් බොරුවක් නොවෙයි - Nadeesha Hemamali

මෙවර පළාත් සභා මැතිවරණ බිමට හා හා පුරා කියා පැමිණි නිළියන් අතරින් නාමයෝජනා ලැබුණේ ඔබට පමණයි. ඊට හේතුව ඔබ විපක්ෂයෙන් තරග බිමට එක්වීම බවයි බොහෝ අය පවසන්නේ?
 මා ඊට එකඟවන්නේ නැහැ. කවර දේශපාලන පක්ෂය වුවත් නාමයෝජනා ලබා දෙන්නේ සුදුසු අයට.නුසුදුස්සන් ඉදිරිපත් කරන්න කවුරුත් කැමති නැහැ. මට නාම යෝජනා ලැබුණේ මා ඊට සුදුසු නිසා. නාම යෝජනා අහිමි වූ අයට එසේ වූයේ ඒ අයගෙ සුදුසුකම් අඩුවීම නිසා වන්නට ඇති.

විපක්ෂයෙන් දේශපාලනයට එක්වී පසු කලෙක ආණ්ඩු පක්ෂයට යාම දේශපාලන මාවතේ කෙටි මගක්..?
මම නම් කිසිම දාක ඔය කෙටි මගට යොමුවන්නේ නැහැ. ඒ කෙටි මග තුළින් ඉදිරියට යන අය ඉන්නවා. මා ඒ අය සමග සංසන්දනය කරන්නවත් මා ඒ අයට සමාන කරන්නවත් එපා. නදීෂා හේමමාලි කියන්නේ කෙළින් වැඩ කරන කෙනෙක්.

ඔබ නිතරම පවසනවා සුබවාදිව ජීවිතය දකින බව. ඒ අනුව මෙවර පළාත් සභා මැතිවරණයෙන් අනිවාර්යයෙන්ම දිනනවා කියලද ඔබ හිතන්නේ?
පැහැදිලිවම ඔව්. ඒ ගැන දැඩි විශ්වාසයක් මා තුළ තිබෙනවා. මම කරන හැමදේම දැඩි ආත්ම විශ්වාසයෙන් යුතුව කරන කෙනෙක්.

සංගාගෙන් රජ ඉනිමක්.. ඉන්දියාව පරදා ශ‍්‍රී ලංකාව දිනයි - Sanga leads Sri Lanka to two-wicket win over India

කුමාර් සංගක්කාරගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාවට එරෙහිව අද පැවැති තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ලබා ගැනීමට සමත් විය.මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 9ට ලකුණු 264ක් ලබාගත්තේය.

පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 49.2දී ජය වාර්තා කළේය.ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුමාර් සංගක්කාර පන්දු 84දී ලකුණු 103ක් ලබාගත් අතර එය ඔහුගේ 18 වැනි එක්දින ශතකයද වේ.මීට අමතරව කුසල් ජනිත් පෙරේරා ලකුණු 64ක් හා ලහිරු තිරිමාන්න ලකුණු 38ක් ලබා ගැනීමට සමත් විය.

මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස් අඩු ලකුණු සංඛ්‍යාවකට පිටියෙන් ඉවත්වෙද්දී ලකුණු ලබා ගැනීමේ වේගයද වැඩි කරමින්, ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු ඉහළ නංවමින් සංගක්කාර ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයේ මාවත විවර කර දුන්නේය.තරඟයේ වීරයා සම්මානය කුමාර් සංගක්කාරට හිමිවිය.

Udari Warnakulasooriya has received an honorary title

 සාධු චර්යාව නිසාවෙන් උදාරිට ගෞරව උපාධියක්

ජනප‍්‍රිය ටෙලිනාට්‍ය නිළි උදාරි වර්ණකුළසූරිය දැන් ගෞරව නාම උපාධියකින් පිදුම් ලද කාන්තාවක් ඒ ගල්ගමුව ප‍්‍රදේශයේ පන්සලකින් ලද උපාධියකින් මෙවන් උපාධියක් ඇයට ලබාදීමට හේතුපාඨ ලෙස දක්වා ඇත්තේ ඇයගේ ප්‍රවීණතාවය, විශිෂ්ඨ සේවය, සහජ දක්ෂතාවය හා සාධු චර්යාවයි

 ඊට අනුව ඒ අනුව ගෞරව නාමය ලබාගැනීමෙන් පසුව උදාරිගේ නම වන්නේ ජනී ජන ප්‍රසාදනී, රංග කලා ලංකේෂ්වර, දේශ කීර්ති, මානව හිතවාදී, සමාජ සුබ සාධන, දිරිය වීර්ය කාන්තා උදාරි චාමිකා වර්ණකුලසූරිය මැතිනිය ලෙසය. උදාරිට මෙම ගෞරව නාමය පිරිනමා ඇත්තේ ගල්ගමුව පාලුකඩවල වාජිකාරාම පුරාණ විහාරයෙනි. 


උදාරි සමඟ කළ සංවාදය පහතින්


ලංකාවේ සිරගෙවල් උතුරයි

ශ්‍රී ලංකාවේ සිරගෙවල්වල ඉඩකඩ ඇත්තේ ‍ෙදාළොස් දහස් පන්සියයකට (12,500) තරම් වුවත් රැඳවූවන් විසි දෙදහසකට (22,000) ආසන්න පිරිසක් සිරගතව සිටින බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා කීය.

බන්ධනාගාර කොමසාරිස්වරයාගේ මේ සංඛ්‍යා ලේඛනවලට අනුව සිරකරුවන්ගේ අතිරික්තය 9,500කි. වෙනත් වචනවලින් කියනවා නම් 9,000ක් හිරේ ඉන්නේ හිරවෙලයි.

මහර බන්ධනාගාරයේ පහසුකම් ඇත්තේ රැඳවූවන් පන්සියයකට (500) වුවත් එල්ලා මැරීමට තීන්දුව ලැබුණු නවසිය තිස්දෙනකු (930) එහි සිටින බවත් මේ නිසා බන්ධනාගාරයේ ඉඩකඩ ඇහිරීමෙන් මේ පිරිස මහා බරක් වී ඇති බවත් කීය.මරණ දණ්ඩනය නියම වූ පිරිස පන්සිය දහනවයක් (519) බවත් එම දඬුවමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කළ තවත් 411 දෙනකු සිටින බවත් ඒ දෙපිරිසගේ එකතුව 930ක් බවත් බන්ධනාගාර කොමසාරිස්වරයා කීය.

ගයේෂගෙයි රුවන්තිගෙයි අලුත්ම තොරතුරු

මෙවර බස්නාහිර පලාත් සභා නාමයෝජනා ලැයිස්තුවෙන් කැපී ගිය ගයේෂා පෙරේරා හා රුවන්ති මංගලා ආගිය අතක් සොයාගැනීමට පසුගිය කාලයේ බොහෝ දෙනෙකු හට නොහැකි වී තිබිණ.

නමුත් ඔවුන් දෙදෙනා මේවනවිට මැතිවරණ වේදිකාවල ප්‍රසිද්ධියේ පෙනී සිටිනා බව වාර්තාවේ.පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වා මහතාගේ උත්සව වලට රුවන්ති මංගලා සහභාගී වන අතර රාත්‍රී කාලයේ පැවති උත්සවයක දුමින්ද සිල්වා ලඟින්ම ඇය අසුන්ගෙන සිටිනා අයුරු පසුගියදා දැකගත හැකිවිය.

මේ අතර ගයේෂා පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමග මැතිවරණ ප්‍රචාරක රැලි වලට සහභාගි වෙමින් සිටියි.ඇය, ගීතා කුමාරසිංහ මහත්මියගේ ජයග්‍රහණය වෙනුවෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමග ගාල්ලට ගොස් තිබෙන බවත් වාර්තාවේ.

'ෆේස්බුක්' හරහා මගේ රංගනයන් ගැන විවිධ අදහස් පළ කරලා සුබපැතුම් එවලා තිබුණා - සෙනාලි

සෝමරත්න දිසානායකයන්ගේ 'සිරි පැරකුම්' චිත්‍රපටයේ 'සිරිමල් එතනා' චරිතය තුළින් සිනමාවට පිවිසි සෙනාලි ෆොන්සේකා මේ දිනවල නැවතත් සිය මව් රටට පැමිණ සිටියි. එංගලන්තයේ වෙසෙමින් සිය අධ්‍යාපන කටයුතු වල යෙදෙන සෙනාලි ලැබුණු කෙටි විවේකයත් සමගින් ශ්‍රී ලංකාවට පැමිණ අලුත් කලා කටයුතු කිහිපයකටම දායක වෙමින් සිටින බව දැනගන්නට ලැබුණි. මේ නිසාම සෙනාලිගේ අලුත් කලා කටයුතු පිළිබඳව තොරතුරු විමසන්නට 'අද' අපි ඇය සමගින් කතා බහ කළෙමු.

කොහොමද සෙනාලි ඉතින්?

හොඳින් ඉන්නවා. අධ්‍යාපන කටයුතු වලදී ලැබුණු කෙටි නිවාඩුවකට පසුගිය දෙසැම්බර් අගදී මම ආපහු ලංකාවට ආවා. ඒ අතරම ආරාධනා ලැබුණු අලුත් නිර්මාණ කිහිපයකටත් මේ දවස්වල මම සම්බන්ධ වෙලා ඉන්නවා. 'සිරි පැරකුම්' චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු වලට එකතු වෙද්දි තවත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා 'කළු සෙවණැල්ල' කියලා. 

ජනාධිපති නමින් SMS යැවූවන් සොයයි - “Happy New Year Malli, Mama Mahinda Aiya”.

පසුගිය ජනවාරි පළමුවැනිදා දුරකථන මගින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලෙස පෙනී සිටිමින් අලුත් අවුරුදු සුබපැතුම් කෙටි පණිවුඩ යැවූ පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේය.

මේ අන්දමට ජනවාරි පළමුවැනිදා ජංගම දුරකථනවලින් ඇතැම් ජංගම දුරකථනවලට කෙටි පණිවුඩ යැවීම නිසා ජනාධිපතිවරයාගේ කීර්තිනාමයට හානියක් සිදුවිය හැකි බවට පැමිණිල්ලක් ලැබී ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය, කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට ඊයේ (26දා) දන්වා සිටියේය.

'හැපී නිව් ඉයර් (Happy New Year) මල්ලී, ඉන්න යකුන්ගෙන් ඔළුව පරිස්සම් කරගෙන ජීවත්වෙන්න. මීට මහින්ද අයියා' ලෙසත්, 'කොහොමද චානක, දකුණෙන් ඡන්දෙ ඉල්ලන්න ආසද?' ලෙසත් කෙටි පණිවුඩ යොමුකර තිබේ.

The Last Phase වාර්තාමය චිත‍්‍රපටය බි‍්‍රතාන්‍යය පාර්ලිමේන්තු සංකීර්ණයේ දී එළි දකී

ශ‍්‍රී ලංකාවේ දශක තුනක් පුරා පැවති කුරිරු ත‍්‍රස්තවාදයෙන් පීඩාවට පත් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකාවකගේ සත්‍ය සිදුවීම් පාදක කොටගෙන සකසන ලද වාර්තාමය චිත‍්‍රපටය බි‍්‍රතාන්‍යය පාර්ලිමේන්තු සංකීර්ණයේ දී විද්වත් පිරිසක් වෙනුවෙන් ප‍්‍රදර්ශනය කර තිබෙනවා. ශ‍්‍රී ලාංකීය ස්වාධීන මාධ්‍ය කණ්ඩායමක් විසින් සකසන ලද ද The Last Phase වාර්තාමය චිත‍්‍රපටය පසුගිය 24 වැනිදා එරට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ප‍්‍රදර්ශනය කළ බවයි යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ. 

එම අවස්ථාව නියෝජනය කරමින් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වූ බි‍්‍රතාන්‍ය ජාතික රිචඞ් මන්ඩි ඊයේ දිනයේදී ශ‍්‍රී ලංකාවට පැමිණියා. පසුව ඔහු මහත් හරසරින් යුතුව පිළිගෙන රිය පෙරහැරකින් කොළඹ නිදහස් චතුරශ‍්‍රය දක්වා රැගෙන ආ බවයි යුද හමුදා මාධ්‍ය අංශය කියා සිටියේ.

මෙම වාර්තාමය චිත‍්‍රපටය බි‍්‍රතාන්‍යයේ පාර්ලිමේන්තුවේ තිරගතකිරීම තුළින් විවිධ මාධ්‍ය ගෙනයනු ලබන අසත්‍ය ප‍්‍රචාර සම්බන්ධයෙන් සත්‍ය අවබෝධ කරගනු ඇති බව තමන් විශ්වාස කරන බවයි බි‍්‍රතාන්‍ය ජාතික රිචඞ් මන්ඩි සඳහන් කළේ. ශ‍්‍රී ලංකාවට පැමිණීමෙන් පසු අදහස් දක්වමින් මොහු වැඩිදුරටත් කියා සිටියේ චැනල් ෆෝ පෙන්වනු ලබන චිත‍්‍රපටවල අන්තර්ගතය ප්‍රෙක්ෂකයා නොමග යවන්නක් බවයි.

Gossip Lanka Hot News Previous News Archive