ගෝලයන් තුන්දෙනෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තරුණයින් 3 දෙනෙකු රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් හොරොයින් සමග වැල්ලවත්ත ප්‍රදේශයේදී අද (22) අලූයම අත්අඩංගුවට ගැණුනා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් පිරිසක් සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගත් අතර සැකකරුවන් දැනට බන්ධනාගාර ගතකර සිටින වෙලේ සුදා සහ සුසේ නමැත්තාගේ ගෝලයින් බවයි පොලිසිය සදහන් කළේ.







