අල පරිප්පුවල ඉඳන් ලෝකේ රසවත්ම කෑම අපිට දුන්නා
ශිකර් ධවාන් මාව වඩාගත්තා ෂාරුක් ඛාන් එක්ක පින්තූර ගත්තා
කමෝන් ශ්රී ලංකා. කමෝන් ශ්රී ලංකා. ක... මෝ... න් සිංහ පැටවුන් ජයග්රහණයේ මුදුනත ඔසවා තබන සිතුවිල්ලෙන් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම වෙනුවෙන් පිටියේ ඔල්වරසන් නඟන ගයාන් සේනානායක මේතාක් ක්රිකට් ලෝලීන්ටම මිස අන් අයට ඒ තරම් හුරුපුරුදු කෙනෙක් වූයේ නැත. කතා කරන්නට තරම් අපූර්වතම ප්රස්තුතයක් ඔහු සන්තකයේ තිබුණේද නැත. එහෙත් එක දවසකින් එක හේතුවකින්, එක මඟුලකින් ගයාන් කවුරුත් කතාකරන කෙනෙක් වූයේය. මඟුල කෝලිගේය. කෝලි කීවේ විරාත් කෝලිගේය.







