මත්වී දියේ ගිලී සිදුවූ මරණයක්
-මරණ පරීක්ෂණ වාර්තාව
පසුගිය සෙනසුරාදා ඩුබායිහිදී මියගිය ඉන්දීය සුපිරි නිළි ශ්රී දේවී මැරුණ ආකාරය සම්බන්ධයෙන් ලැබී තිබෙන අලුත්ම ආරංචි අනුව සැක මුසු කාරණා ගණනාවක් සමග එය දැන් අභිරහසක් බවට පත්ව තිබේ.
ශ්රී දේවී ඩුබායිහි ඥාතී විවාහ උත්සවයකදී හෘදයාබාධයකින් මියගිය බව මුලින් වාර්තා පළවුවත් සැබැවින්ම ඇගේ මරණය සිදුව ඇත්තේ මංගල උත්සවයෙන් දින 3 කට පසු ඇය නැවතී සිටි හෝටලයේ නාන කාමරයකදී බව අනාවරණය වී තිබේ.







