පාසල් දැරියක් දූෂණය කරමින් වසර දෙකහමාරක පමණ කාලයක් අපහරණය කළ බව පවසමින් අත්අඩංගුවට ගත් උපකාරක පන්ති ගුරුවරයා පෙරේදා (12දා) හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 21දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස වැඩ බලන මහෙස්ත්‍රාත් නලින් ඉඹුල්ගොඩ මහතා නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ බණ්ඩාරගම නගරයේ උපකාරක පන්ති ගුරුවරයකු ලෙස රැකියාව කළ බණ්ඩාරගම කඹුරුගොඩ පදිංචි 52 හැවිරිදි ජිකේලාගේ නිහාල් ධර්මතිලක නමැති පස්දරු පියෙකි.







