මස්කෙළියේ සිසුන්ට xxx වර්ගයේ “නිල් සීඩී” " Blue Films CD For students "

මස්කෙළිය නගරයේ පවත්වාගෙන යනු ලබන ඇතැම් සංයුක්ත තැටි අලෙවිසල් වළින් නීති විරෝධී, අසභ්‍ය දර්ශන ඇතුළත් සංයුක්ත තැටි ප්‍රදේශයේ තරුණයක් වෙත ඉතා රහසිගතව අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසයි.

මෙම අසභ්‍ය දර්ශන ඇතුළත් සංයුක්ත තැටි ප්‍රදේශයේ සිංහල හා දමිළ පාසල්වල ළමයින් අතරත් මේ වන විට ව්‍යාප්ත වී ඇති බව පෙන්වාදෙන ප්‍රදේශයේ ජනතාව මෙම අලෙවිසැල් වල හිමිකරුවන් විසින් ඉතා රහසිගතව මෙකී නීති විරෝධී ජාවාරම කරගෙන යන බවත් තෝරාගත් ගණුදෙනු කරුවන් හා තැරැව්කරුවන් හරහා මෙය මහා පරිමාණයෙන් කරගෙන යන බවත් පවසයි. අසභ්‍ය දර්ශන ඇතුලත් සංයුක්ත තැටියක් රු 200/= සිට 300/= දක්වා මිළ ගණන් වලට අලෙවි කරන බවත් පවසන ප්‍රදේශයේ ජනතාව, කාලයක් තිස්සේ සිදුකරගෙන එන මෙම සමාජ විරෝධී ක්‍රියාවට නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය ක්‍රියාත්මක නොවන්නෙ කුමන හේතුවක් නිසාදැයි කියා වගකිව යුත්තන්ගෙන් ප්‍රශ්න කර සිටී‍.

ගාමිණී බණ්ඩාර ඉලංගතිලක - මස්කෙළිය lakbima news

Gossip Lanka Hot News Previous News Archive