හුස්ටන්, ගැන්ග්නම් සහ සැන්ඩි Googleහි ලොකුම රැල්ල වෙයි.

අභාවප‍්‍රාප්ත ගායිකා විට්නි හුස්ටන්, youtube හි ගැන්ග්නම් නර්තනය සහ සැන්ඩි කුණාටුව 2012 වසරේ google හි ජනප‍්‍රියම සෝදිසි කිරීම් වන බව සමාගම කියයි. වසරේ නැඹුරුතාවයන් සෙවීම සඳහා භාෂා 146 කින් කරන ලද ටි‍්‍රලියන 1.2 ක් පමණ වූ සෝදිසි කිරීම් ප‍්‍රමාණයක් පරීක්ෂා කිරීමෙන් මේ ප‍්‍රතිඵල ලබාගෙන ඇත. ගැන්නම් නර්තන ගීතය ඉදිරිපත් කල කොරියාවේ ප්සායි බොහෝ කාණ්ඩවල ඉදිරියෙන් සිටී.



ලන්ඩනයේ ඔලිම්පික් උලෙල, එංගලන්තයේ අනාගත රැජිණ වන කේට් ම්ඞ්ල්ටන් ගේ උඩුකය නිරුවත් ඡයාරූප, රුසියානු උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගැනීම ආදිය අනෙකුත් ප‍්‍රධාන සෝදිසි කිරීම් අතර වෙයි. වැඩිපුර සොයා බැලූනු පුද්ගලයන් අතර අපරිවර්තී ගෝලයේ සිට පැරෂුටයකින් පනින ලද ෆෙලික්ස් බෝම්ගාට්නර්, යුධ අපරාධකරු ජෝෂප් කොනී, බාස්කට් බෝල් ක‍්‍රීඩක ජෙරමි ලින් ආදීහු වෙති.

google හි මවු රට වන ඇමරිකාවේ වඩාත් ජනප‍්‍රිය චිත‍්‍රපට දෙක ‘හන්ගර් ගේම්ස්’ සහ ’ප්‍රොමීතියස්’ බව සෙවීම් බොහෝ ගණනකින් පෙනී යයි. බහුතරයක් ප‍්‍රශ්න ඇරඹී තිබුනේ කෙසේද? කොහිද? ආදරය කරන්නේ කෙසේද? යනුවෙනි. බි‍්‍රතාන්‍යය තුල ’යුරෝ 2012’ පාපන්දු තරඟාවලිය ඔලිම්පික් උළෙලට වඩා ජනප‍්‍රිය වී තිබූ අතර ඔලිම්පික් රන් පදක්කම් ලාභී ටෙනිස් ක‍්‍රීඩක ඇන්ඩි මරේ වැඩිපුරම සොයා තිබූ ක‍්‍රීඩකයාය.

Gigot d’ Agnew හෙවත් බැටළු කකුල් ප‍්‍රංශයේ ජනප‍්‍රියම ආහාරය වන අතර ඇමරිකාවේ හැම්බර්ගයට දෙවන තැන ලැබී ඇත. ලොව පුරා අන්තර්ජාල පරිශීලකයන් ගේ සෝදිසි කිරීම් වලින් 10න් 9ක් ම google හරහා සිදුවෙයි.

මූලාශ‍්‍ර – 01

Gossip Lanka Hot News Previous News Archive